"සුපිරි නිරූපිකාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
සුපිරි නිරූපිකාවක් යනු අධිකව ගෙවීම් ලබන විශිෂ්ට විලාසිතා නිරූපිකාවක් වන අතර ඇයට ලොව පුරා වූ පිළිගැනීමක් හා කාන්තා ඇඳුම් නිර්මාණකරණය හා වාණිජමය නිරූපණය තුළ වු වටපිටාවක් ඇත. එම වදන භාවිතයට පැමිණියේ 1980 හා 1990 දශකවල වූ ජනප්‍රිය සංස්කෘතීන් තුළ දීය. සුපිරි නිරූපිකාවන් නිරූපණය කරන්නේ ලොව ප්‍රමුඛ පෙළේ විලසිතා නිර්මාණකරුවන් සහ ප්‍රමුඛ ආයතන සඳහා පමණි. මොවුන් බොහෝ විට එවැනි ආයතන සමඟ ඩොලර් මිලියන ගණන් වල ගිවිසුම් අත්සන් කරයි. සුපිරි නිරූපිකාවන්ගේ සාර්ථකත්වය ඔවුන්ගේ දක්ෂතාව මත මෙන්ම ජනප්‍රියතාව මතද රඳා පවති. මොවුන් විවිධ සඟරාවන්ගේ කවර ඡායාරූප සඳහා පෙනි සිටි.ක්ලෝඩියා ස්චිෆර් වරක් කියා සිටියේ "යමෙක් සුපිරි නිරූපිකාවක් විමට නම් ඈ ලොව පුරා සියලු සඟරාවල කවර ඡායාරූප සඳහා පෙනි සිටිය යුතු බවයි."
 
==විලාසිතා කර්මාන්තය තුළ යෙදීම==
 
සුපිරි නිරූපිකාවන් යන කීර්ති නාමය ලබා ගන්නා විශිෂ්ට නිරූපිකාවන් බොහෝ විට ඒ හා සමාන තත්ව බෙදාහදා ගනී. මෙම නිරූපිකාවන් විලාසිතා කර්මාන්තය තුළ වඩා පිළිගැනීමක් ඇති අය වේ. ඔවුන් සාමාන්‍යයෙන් සුපිරි ගණයේ විලාසිතා නිර්මාණකරුවන්ට හා වෙළඳ නාම සඳහා කටයුතු කරයි. ඔවුන්ට ඩොලර් මිලියන ගණන් වන ගිවිසුම් හා ව්‍යාපාර ඇත. ඔවුන් විසින්ම ඔවුන්ව ගෘහස්ථ නාම ලෙස තත්වගත කරගෙන ඇති අතර ඔවුන්ගේ නිරූපණ වෘත්තිය සමඟ ලෝකප්‍රසිද්ධ පිළිගැනීම සම්බන්ධ වී ඇත. ඔවුන් විවිධ සඟරාවල කවර මත තම ඡායාරූප ප්‍රදර්ශනය කර ඇත. ක්ලව්ඩියා ශිෆර් ප්‍රකාශ කර සිටින්නේ “සුපිරි නිරූපිකාවක් බවට පත් වීම සඳහා අයෙක් ලෝකයේ සියළුම සඟරාවල පිට කවරයේ සිටිය යුතු අතර එම නිසා මිනිසුන්ට ගැහැණු ළමයින් හඳුනාගත හැකි වනු ඇත.” යන්නයි. පළමු නාම හඳුනාගැනීම විලාසිතා කර්මාන්තයේ සුපිරි නිරූපිකා තත්වයේ ස්ථිර සලකුණකි.
 
 
"https://si.wikipedia.org/wiki/සුපිරි_නිරූපිකාවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි