"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
75 පේළිය:
 
== විලාසිතා ජන මාධ්‍යවේදය සහ අන්තර්ජාලය අතර සම්බන්ධය ==
===මාධ්‍යවේදය===
[[ගොනුව: GiseleBundchen.jpg|thumb|බ්‍රසීලියානු නිරූපිකා ගිසෙල් බුන්ඩ්චෙන් විලාසිතා සඟරා පිටකවරවල දැකිය හැකි වඩාත් ජනප්‍රිය මුහුණක් වේ.]]
 
විලාසිතාවල වඩා වැදගත් අංගයක් වන්නේ විලාසිතා ජන මාධ්‍යයයි. කතෘ විවේචන හා විචාර සඟරාවල, පුවත්පත්වල, රූපවාහින‍ියේ, විලාසිතා වෙබ් අඩවිවල හා විලාසිතා බ්ලොග්වල සොයා ගත හැක.
 
20වන සියවස ආරම්භයේ දී විලාසිතා සඟරාවල ඡායාරූප ඇතුළත් වීම ආරම්භ වූ අතර එමඟින් ඒවා අතීතයටත් වඩා වඩාත් බලපෑම් එල්ල කළ හැකි මාධ්‍යයක් බවට පත්විය. ලෝක‍ය පුරා වූ නඟරවල මෙම සඟරා ඉතා හොඳින් විකිණුනු අතර එමඟින් මහජන රුචිකත්වය මත සැලකිය යුතු බලපෑමක් එල්ල කරන ලදී. දක්ෂතා ඇති සංදර්ශකයන් ප්‍රකාශන සඳහා අතිවිශිෂ්ට විලාසිතා තහඩු අඳින ලද අතර විලාසිතාවල වූ නූතන දියුණුවේ වැඩි කොටසක් ආවරණය කරන ලද්දේ මේ මඟිනි. මෙම සඟරා අතර වඩාත් ජනප්‍රිය සඟරාව විය යුත්තේ 1912 දී ලුසියන් වොගෙල් විසින් ආරම්භ කරන ලද La Gazette du Bon Ton වන අතර එය 1925 දක්වා ප්‍රකාශනයට පත් විය. (යුධ අවුරුදු කිහිපය හැරුණු කොට)
 
1902 දී එක්සත් ජනපදයෙහි ආරම්භ කරන ලද වෝග් සඟරාව වඩාත් දීර්ඝම ඉතිහාසයක් ඇති හා කරළියට පැමිණ නැවත නික්මෙන සිය ගණන් වූ විලාසිතා සඟරා අතුරින් වඩාත් සාර්ථක සඟරාව විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු වැඩි වූ ප්‍රේක්ෂකත්වය හා වඩා වැදගත් ලෙස 1960 දී හඳුන්වා දුන් අඩු වියදම් වර්ණ මුද්‍රණය එහි වියදමේ අධික වර්ධනයකට මඟ පෙන්වූ අතර කාන්තා සඟරාවල තිබෙන විලාසිතාවලින් වැඩි ප්‍රමාණයක් ආවරණය කරන ලදී. හෝටි කෝචර් නිර්මාණකරුවන් නිමි ඇඳුම් හා සුවඳ විලවුන් අංශ ආරම්භ කරමින් ප්‍රවණතාව අනුගමනය කළ අතර ඔවුන් සඟරා තුල අධිකව ප්‍රචාරණ කටයුතු සිදු කරන ලදී. එමඟින් වර්තමානය වන විට ඔවුන්ගේ මුල් කෝචර් ව්‍යාපාරය බිඳ හෙල දමා ඇත. 1950 දී කුඩා විලාසිතා අංග සමඟ රූපවාහිනී ආවරණය ආරම්භ වන ලදී. 1960 හා 70 ගණන්වල විවිධ විනෝදකාමී වැඩසටහන්වල වූ විලාසිතා අංග වඩාත් බහුල බවට පත් වූ අතර 1980 ගණන් වන විට Fashion Television වැනි විලාසිතා වැඩසටහන් ආරම්භ වන ලදී. රූපවාහිනිය හා ෆැෂන් බ්ලොග් ඇතුළත් වැඩි දියුණු වන අන්තර්ජාල ආවරණය හැරුණු කොට කර්මාන්තයේ වඩා වැදගත් ප්‍රචාරක ආකාරය සේ දැනටත් පවතින්නේ මුද්‍රණ ආවරණයයි.
===අන්තර්ජාලය===
විලාසිතා පිළිබදව බිහිවූ ප්‍රථම වෙබ් අඩවිය 1995 ජනවාරි මස ඇරබුණු ෆැෂන් නෙට් වෙබ් අඩවියය. 1990 වන විටත් අන්තර්ජාලය විද්වතුන්ගේ විමර්ශණයට ලක්විය. එයින් අන්තර්ජාල භාවිතය සඳහා වැඩි කැමැත්තක් ජනතාව තුළින් ඇති බවට පැහැදිලි විය.
එයින් මාස හයකට පමණ පසු “ලුමියර් ” නම් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සගරාව නක් නයිට් ,ඡීන් - බැප්ටිස්ටි මොන්ඩිනෝවැනි ජායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ඇරබිණි. 1996 පැෂන් ලියු වෙබ් අඩවිය ප්‍රථම සජීව අන්තර්ජාල විලාසිතා සංදර්ශනය අරඹනු ලැබුවේ yves sawnt laurent විලාසිතා සන්දර්ශයත් සමගිනි. ෆැෂන් වින්ඩෝස් වෙබ් අඩවියද ප්‍රධාන වෙබ් අඩවියක් වන අතර එය 2007 දී සිය 10 වෙනි සංවත්සරය සැමරීය. 1998 CNN ස්ටයිල් සහ හින්ට් සගරාව ඇරබිණි. ඊට පසු වසරේ boo.com වෙබ් අඩවිය ඇරබුනද එය එතරම් සාර්ථක නොවීය. වෝග් සගරාවේ අන්තර්ජාල වෙබ් අඩවි වන showstudoi.com සහ style.com 2000 දී ඇරබි අතර 2002 බදී ජේසන් කැම්බල්ගේ JCReport ද 2005 දී Refinery29.com ඇරබිණි. ලේඛණයන් සඳහා ඇරඹි නවතම වෙබ් අඩවිය වන්නේ Fashionreportsers ය. 2007 දී සුවිශේෂ අන්තර්ගතයක් සහිතව Beauty How සගරාව ඇරබිණි.
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි