"ජනවාර්ගික පාරිශුද්ධකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
*1831 දී දොම් පේද්‍රෝ විසින් බලය අත් හරිනු ලැබීමත් සමග කලු දුගී ජනතාව, වහල්ලුද සමග එක්වී බ්‍රසීලයේ ප්‍රධාන නගර වල වීදි කෝලාහල ආරම්භ කළහ.
*1835 නොවැම්බර් 19 දින, මඔරි ප්‍රධාන භූමිය විසින් චැතම් දිවයින ආක්‍රමණය කරන ලදි. තුන් සියයක් පමණ මරිඔරි මිනිසුන්, ගැහැණුන්, සහ ළමයින් ඝාතණය වුනේය. ඉතිරි වූ 1300 ක පිරිසක් වහල් සේවයට එක් කරනු ලැබූහ. 1862 වර්ෂය වන විට පණ බේරා ගෙන ඉතිරිව සිටියේ මඔරි 101 දෙනෙකු පමණී. දැනට මෙහි ජීවත් වන්නේ 1835 දී මෙම දූපත් සමුහය ආක්‍රමණය කර ගෙන බලය අල්ලා ගත් අයගෙන් පැවතෙන අයයි.
*යුකැටන් වර්ණ භේදවාදී යුද්ධය කාලයේ නැගෙනහිර යුකැටන් සහ ක්වින්ටානාරු ප්‍රදේශයේ මායා වරු විසින් ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙස්මිසෝ ජනතාව ජනවාර්ගික වශයෙන් ශුද්ධපිරිසිදු කිරීම. මායාවරුන්ගේ කැරැල්ලේ විශාලතම ප්‍රථිඵලය නම් 1848 වසන්ත ඍතුවේදී එම අර්ධ ද්වීපයේ බොහෝ පෙදෙස් වලින් යුරෝපීයයන් සහ මෙස්ටිසෝ වරුන් පලවාහැරීමයි. මෙහිදී තාප්ප වලින් වට වී තිබුණු කැම්පෙචෙ (Campeche) නම් නගරයද මෙරිඩා සහ නිරිත දිග වෙරළ පමණක් ගැලවුනේය.
*19 වෙනි සියවසේ එක්සත් ජනපදයෙහි මුල් පදිංචිකරුවන් රටේ කොතැනක හෝ නැවත පදිංචි කරවීමට ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. රතු ඉන්දියන්වරු ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩ කඩම් වලින් ඉවත් කිරීමේ (ඉන්ඩියන් රිමූවල් පොලිසි) “ඉන්දියන්වරු ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය” නම් 1830 දී ඇති කර ගත් ප්‍රතිපත්තිය මෙහිදී විශේෂ වේ. (The trail of tears නොහොත්) කඳුලෙන් සටහන් වූ ගමන නම් දුක් මුසු ඉවත් වී යාමේදී චෙරොකීස් නම් ස්වදේශික ජනයා 2000 සිට 8000 ක් දක්වා ලෙඩ රෝග වලින් මිය ගියහ. තවත් උදාහරණයක් නම් (Long walk of the Navajo) නවාජෝ ගේ දීර්ඝ ගමනයි.
*1803 වන විට 8000 ක් සිටි තස්මේනියානු ජනතාව 1833 වන විට 300 දක්වා අඩු විය. මෙයට බොහෝ විට හේතු වූයේ ලෙඩ රෝග වසංගත යනාදියයි. වසූරිය, සහ සිෆිලිස් වැනි මෙම ‍රෝග සඳහා ඔවුනට ස්වාභාවික ප්‍රතිශක්තීකරණය නොතිබුනි මත් පැන් භාවිතය තවත් හේතුවක් විය.
14 පේළිය:
*19 වෙනි ශත වර්ෂය පුරාම රුසියානු අධිරාජ්‍යය විසින් උතුරු කොකේසස් පෙදෙසින් මුස්ලිම් ජනතාව පලවා හැරීම. 1864 දී ඇනටෝලියාවට යැවූ සිර්කාසියන්වරු මෙහිදී විශේෂිතයි.
 
==20 වෙනි සියවසේ ජනවාර්ගික ශුද්ධපිරිසිදු කිරීම් පිළිබඳ උදාහරණයන්==
*1913 දී ත්‍රේස් හි ඔටෝමන් කොටස තුල තරුණ තුර්කීන් විසින් ත්‍රෙෂියන් බල්ගේරියානු ජන කොටස නැති කිරීම.
*ග්‍රෙකෝ - තුර්කි යුද්ධයේ පරාජයෙන් පසු ග්‍රීක් හමුදා විසින් තුර්කි ජනයා සමූහ වශයෙන් ඝාතණය කිරීම.
"https://si.wikipedia.org/wiki/ජනවාර්ගික_පාරිශුද්ධකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි