"හිලරි ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: eu:Hillary Clinton
No edit summary
55 පේළිය:
 
 
==උසස් අධ්‍යාපනය==
1965 වර්ෂයේදී රොඩ්හැම් වෙලෙස්ලි උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළු වූ අතර ඇය දේශපාලනික වශයෙන් මුහුකුරා ගිය තත්වයට පත්වූයේ එහිදිය. එහිදී පළමු වසර තුල ඇය වෙලෙස්ලිහි යංග් රිපබ්ලිකන්ස් ඔර්ගනයිසේෂන් හි සභාපතිනිය ලෙස කටයුතු කළාය. ඔවුන් සමග ඇය ජෝන් ලින්ඩ්සේ සහ එඩ්වර්ඩ් බෲක්ගේ ඡන්ද ව්‍යාපාරවලට උදව් කළාය. පසුව ඇය මෙම තත්වයෙන් බැහැර වූයේ වියට්නාම් යුද්ධය සහ අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇයගේ ආකල්ප වෙනස් වූ බැවිනි. මේ කාල තුළදී ඇය තරුණ කටයුතු අමාත්‍යවරයාට ලියූ ලිපියක ඇය ගැනම සඳහන් කළේ "සාම්ප්‍රදායික සිතක් සහ නිදහස් මතධාරී හදවතක්" ඇති තැනැත්තියක වශයෙනි. 1960 වර්ෂ වල පැවති දේශපාලන ක්‍රමයට එරෙහි වෙමින් රැඩිකල් ක්‍රියා මාර්ගයක් තුල කිසියම් වෙනසක් අපේක්ෂාවෙන් ඇය කටයුතු කළාය. කණිෂ්ඨයෙකු ලෙස ඇයගේ පළමු වර්ෂය තුල ඇය ඩිමොක්‍රටික් පාක්ෂික ඉයුජින් මැකාර්තිගේ යුධ විරෝධී ජනාධිපති චන්ද ව්‍යාපාරයේ උදව්කාරියක් බවට පත් වූවාය. කණිෂ්ඨ මාටින් ලූතර් කිං ඝාතනයෙන් පසු රොඩ්හැම් දින දෙකක ශිෂ්‍ය වැඩ වර්ජනයක් සංවිධානය කළ අතර, වැඩිපුර සංඛ්‍යාවක් කලු ශිෂ්‍යයින් බඳවා ගැනීමට සහ බලයක් ඇති කර ගැනීමට වෙස්ලි විදුහලේ කලු ශිෂ්‍යයින් සමග එක් වී කටයුතු කළාය. 1968 වර්ෂයේ මුල දී ඇය වෙල්ස්ලි කොලෙජ් ගවර්න්මන්ට් ඇසෝසියේෂන් හි සභාපති තනතුරට තේරී පත් වී 1969 මුල් භාගය දක්වා එම තනතුර හෙබවූවාය. වෙනත් අධ්‍යාපන පීඨවලට පොදු කාරණයක් වූ ශිෂ්‍ය අරගල වෙල්ස්ලි විද්‍යාලයේ ඇති නොවීමට වග බලා ගත්තාය. ඇය කෙදිනක හෝ එක්සත් ජනපදයෙහි පළමු කාන්තා ජනාධිපති වන්නේය යනුවෙන් ඇයගේ විදුහලේ සමකාලීන ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකු විශ්වාස කර තිබුනි. එමෙන්ම ඇයට වෙනස් වන දේශපාලන දර්ශනයන් හොඳින් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබින. මහාචාර්ය ඇලන් සෙච්ටර් (Alan Schechter) විසින් ඇය, වෙලෙස්ලි ඉන් වොෂින්ටන් (Wellesley in Washington) නම් ගිම්හාන වැඩ සටහනටද සහභාගි වූවාය. මධ්‍යස්ථ මතධාරී නිව් යෝර්ක් රිපබ්ලිකන් නියෝජිත චාර්ල්ස් ගුඩෙල් විසින්, ආණ්ඩුකාර නෙල්සල් රොකෆෙලර් ගේ රිපබ්ලිකන් පක්ෂයේ චන්ද ව්‍යාපාරවලට රොඩ්හැම් කැඳවනු ලැබුවාය. මියාමිවල පැවැත්වූ 1968 රිපබ්ලිකන් ජාතික සංගමයට ඇය කැඳවන ලදී. කෙසේ වෙත් රොකෆෙලර් ඉස්මතු කිරීමට නික්සන් කටයුතු කළේ කෙසේද යන කරුණ සම්බන්දයෙන් ඇය පුදුමයට පත් වූවාය. ඇය තමන්ගේ යහපත තකා රිපබ්ලිකන් පක්ෂය හැර ගියාය.
 
අවසාන වසර සඳහා වෙල්ස්ලි වෙත පැමිණීමෙන් අනතුරුව ඇය මහාචාර්ය ෂෙච්ටර්ගේ මග පෙන්වීම මත රැඩිකල්වාදී ප්‍රජා සංවිධානයක සාවුල් අලින්සිගේ උපක්‍රම යන විෂයය යටතේ ඇයගේ ජේෂ්ඨ නිබන්ධනය ලිව්වාය. (මෙය අවුරුදු ගණනකට පසු ඇය ප්‍රථම කාන්තාව බවට පත් වී සිටියදී ධවල මන්දිර ඉල්ලීමක් මත ඉවත් කළ අතර බොහෝ විමර්ශනවලට භාජනය විය.) 1969දී ඇය බී.ඒ. උපාධියට වරම් ලැබුවාය. ඇයගේ සමකාලීන ශිෂ්‍යයන්ගේ බලවත් පෙරැත්තය මත, වෙල්ස්ලි විද්‍යාල ඉතිහාසය තුළ උපාධි ප්‍රධානෝත්සවයකදී පළමු දේශනය කළ පළමු ශිෂ්‍යාව වූවාය. ඇයගේ කථාවට නැගුණු ප්‍රීති ඝෝෂාව විනාඩි 7 ක් පුරා පැවතියේය. මෙම අවස්ථාවට කලින් කථා කළ සෙනෙට් මන්ත්‍රී එඩ්වර්ඩ් බෲක් ගේ දේශනය ඇයගේ විවේචනයට ලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැන විස්තර සහිත ලිපියක් ලයිෆ් සඟරාවේ පල විය. ඇය කුප්සිනෙට් ගේ නැෂනල් සින්ඩිකේට් රූපවාහිනී සංවාදයේ ද පෙනී සිටි අතර, ඉලිනොයිස් හා නිව් එංග්ලන්ඩ් පුවත්පත් වලද ඇය ගැන ප්‍රවෘත්ති පල විය. එම ගිම්හාන ඍතුවේ ඇලස්කාව ප්‍රදේශයේ මවුන්ට් මැකින්ලි ජාතික වනෝද්‍යානයේ පිඟන් පිරිසිදු කරන්නියක ලෙසද වල්දේස් (Valdez) හි මාලු ටින් කිරීමේ නිෂ්පාදන ආයතනයක මාලු ශුද්ධ කිරීමේද නිරත වූවාය. (මෙහි ඇති අපිරිසිදුතාවය ගැන ඇයගේ පැමිණිල්ලෙන් පසු එක් රැයකින් එම ආයතනය වසා දමන ලදී)
 
===නීති විද්‍යාලය===
රොඩ්හැම් යේල් නීති විද්‍යාලයට ඇතුලු වුවාය. එහිදී ඇය "යේල් රිවීව් ඔ‍ෆ් ලෝ ඇන්ඩ් සෝෂල් ඇක්ෂන්" සඟරාවේ කර්තෘ මණ්ඩලයෙහි සේවය කළාය. ඇයගේ දෙවැනි වසරේදි ඇය යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානයේ සේවය කළාය. එහිදී පූර්ව ළමා අවධියේ මොළ‍ෙය් වර්ධනය ගැන නව පරීක්ෂණ කරමින්, උත්පාද කාර්යයන් පිළිබඳ අධ්‍යයන සහකාර පර්යේෂිකාවක ලෙසද වැඩ කරමින්ද 'Beyond the Best Interests of the Child (1973)' නම් කෘතියට දායක වුවාය. ඇය යේල් නිව්හෙවන් රෝහලේ ළමා අපචාර පිළිබඳ නඩු වෙනුවෙන් පෙනී සිටී අතර දුප්පතුන් සඳහා නීති ආධාර නොමිළයේ සැපයීමට නිව්හෙවන් නීති සේවාවේද ස්වේච්ඡාවෙන් කටයුතු කළාය. 1970 ග්‍රීෂ්ම සෘතුවේදී ඇයට මේරියන් - රයිට් එඩෙල්මන්ගේ වොෂින්ටන් පර්යේෂණ ව්‍යාපෘතියේ සේවය කිරීමට අවසර ලැබුනි. මෙහිදී ඇය සංක්‍රමණික කම්කරු ශ්‍රමය පිළිබඳ සෙනෙට් මන්ත්‍රී වෝල්ටර් මොන්ඩේල්ගේ උප කමිටුවේ සේවයටද පත් කරන ලද අතර සංක්‍රමණික කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්න, සනීපාරක්ෂාව, සෞඛ්‍ය කටයුතු හා අධ්‍යාපනය පිළිබඳව විමර්ශණයන් කළාය.
 
1971 වසන්ත කාලයේ අගදී ඇය තවත් යේල් සරසවියේ නීති ශිෂ්‍යයෙකු වූ ක්ලින්ටන් මුණ ගැසෙන්නේය. එම වසරේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇය කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඩ්හි Treuhaft, Walker සහ Burnstein නීති ආයතනයට අනුයුක්ත වූවාය. මෙම ආයතනය, ව්‍යවස්ථාමය අයිතිවාසිකම්, පුරවැසි නිදහස සහ රැඩිකල් කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුලූ ආයතනයකි. (එහි සාමාජිකයින් හතර දෙනාගෙන් දෙදෙනෙකු දැනට හෝ ඊට පෙර කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ වූහ.) රොඩ්හැම් එහිදී කටයුතු කළේ ළමා ආරක්ෂාව හා වෙනත් නඩු සම්බන්ධයෙනි. ක්ලින්ටන් කලින් සැලසුම් කර තිබුනු ගිම්හාන සැලසුම අවලංගු කර ඇය සමග කැලිෆෝර්නියාවේ ගත කිරීම සඳහා ඒ කාලය යොදා ගත්තේය. නැවත ඔවුන් නීති විද්‍යාලයට පැමිණෙන අවස්ථාව වන විට එම දෙදෙනා එකට ජීවත් වෙමින් සිටියහ. ඊළඟ ගිම්හානයේ රොඩහැම් සහ ක්ලින්ටන් 1972 ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් මැක්ගවර්න්ගේ චන්ද ව්‍යාපාර වලට ටෙක්සාස් හිදී මැදිහත් වී උදව් කළද එය අසාර්ථක එකක් විය. ඇය 1973 වර්ෂයේදී යේල් සරසවියෙන් ජූරිස් ඩොක්ටර් උපාධිය ලබා ගත්තාය. උපාධිය ලැබීමෙන් පසු ක්ලින්ටන් ප්‍රථම වරට ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය ප්‍රතික්ෂේප විය. ඇය තවත් වසරක් ළමයින් හා ඖෂධ පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු කිරීම ඇරඹුවාය. ඇයගේ "නීතිය යටතේ ළමයි" නම් ප්‍රථම ශාස්ත්‍රීය ලේඛණය හාර්වර්ඩ් එඩියුකේෂනල් රිවීව් සඟාවේ 1973 අවසානයේ පළ විය. මෙම ලේඛණයෙන් ළමයින්ගේ අයිතීන් ව්‍යාපාරය ගැන සාකච්ඡා කෙරුනේය. එහි විස්තර වන්නේ 'ළමා පුරවැසියන් දුබල පුද්ගලයින් ලෙසිනි. එමෙන්ම උත්පත්තියේ සිට නීතිමය වයස් සීමාවට එන තෙක් ඔවුන් සමානය, අදක්ෂයින් ලෙස නොසැළකිය යුතුය' යනුවෙනි. කරුණු කෙසේ වෙතත්, සාක්ෂි තිබෙන විට හෝ නැතහොත් නඩුවේ පදනම මත උසාවිය විසින් මෙම යෝග්‍යතාවය පිළිගත යුතුය යනුවෙනි. මෙම ලිපිය නීති ක්ෂේත්‍රය තුල බොහෝ විට උපුටා දක්වනු ලැබේ.
 
 
"https://si.wikipedia.org/wiki/හිලරි_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි