"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
 
==බැබිලෝනියාවේ එල්ලෙන උයන==
 
 
බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරමිස් හි එල්ලෙන උයන යනුවෙන්ද හඳුන්වයි. එය අතීත ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද සැලකිණි. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු එය ඉදිකරන ලද්දේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමා විසිනි. ඓතිහාසික තොරතුරුවල සඳහන් වන පරිදි එය ඉදිකර ඇත්තේ ඔහුගේ බිරිඳ වන මිඩියා හී ඇමිටිස් රුජිනගේ තෘප්තිය සඳහාය. එම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. එම එල්ලෙන උයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ග්‍රීක ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කරනු ලැබීය. කල්යත්ම එම උයන්වල සැබෑ පිහිටීම, නයින්වේ(Nineveh) ප්‍රදේශයේ පිහිටි උයන් සමූහයෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහය පිළිබඳව සඳහන් වී තිබිණි. එම උයන් නිර්මාණයේදී ජලය ඉහළ තැනකට එසවීම සඳහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මයට සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බව එම සෙල්ලිපි වල තවදුරටත් විස්තර වේ.
 
 
=== මෙහි පැවැත්ම පිළිබඳ ඇතිවු මතවාද ===
 
[[Image:Ogrody_semiramidy.jpg|thumb|සෙමිරමිස් හි එල්ලෙන උයන, 20 වන ශතවර්ෂය]]
Line 38 ⟶ 37:
ඉරාකයේ රජමාළිගාව ආසන්නයේ මෑතකදී පැවති පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනාවරණය වී ඇත්තේ එය සේප්පු හා ළිං සහිත විශාල ගොඩනැගිල්ලක් බවය. එහෙත් එම ගොඩනැගිල්ලේ පිහිටීම එල්ලෙන උයන් වල පිහිටීම තුළින් වාර්තා වූ පිහිටීමට පටහැනි වේ. ග්‍රීක ඉතිහාසඥයන් මෙම එල්ලෙන උයන යුෆ්‍රටීස් ගඟ අසබඩ ගොඩනැගිල්ලක් ලෙස වාර්තා කිරීම එයට හේතුවයි . නමුත් මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේයුෆ්‍රටීස් ගංගාවට මදක් දුරින් ය.
 
 
==නව බැබිලෝනියානු යුගය (චාල්දියන් යුගය)==
[[Image:Neo-Babylonian_Empire.png‎|thumb||නියෝ බැබලෝනියානු අධිරාජ්‍යය (Neo-Babylonian Empire)]]
 
 
මෙසපෝටේනියානු පාලන සමයේ බැබිලෝනියාව යනු ප්‍රබල යටත් විජිතයකි. නමුත් ක්‍රි.පු 627 දී අෂුර් බනිපාල්(Asburbanispul ) නැමැති මෙසපෝටේනියානු නායකයාගේ මරණින් පසුව මෙම තත්ත්වය වෙනස් විය. මෙම සමයේදී මෙසපෝටේනියාවට එරෙහිව බැබලෝනියාව කැරළි ගසන ලදී. ඒ අනුව ක්‍රි.පු. 612 දී බැබිලෝනියාව නැවත නිදහස් රාජ්‍යයක් ලස බලයට පත් විය.
 
නිදහස් බැබිලෝනියාවේ ප්‍රථම අධිරාජ්‍යයා වශයෙන් නිදහස් සටනේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නැබෝපොලොසිසාර් (Nabopolassar ) බලයට පත් විය. ඉන්පසු ඔහුගේ පුත් නොවුඩ් නෙසාර් II (Nebuckaclenezzar II) අධිරාජ්‍යයා විය. පොයනිෂියා (Phoenicia) සහ ඊජිප්තුව ආක්‍රමණය කළ ඔහු බැබිලෝනියාව නැවතත් ශිෂ්ඨ ලොව ප්‍රධානතම රාජ්‍යයක් බවට පත් කළේය.
 
නමුත් ක්‍රි.පු 539 දී සයිරස් නම් ඊලාම් දේශයේ සිට පැමිණි අධිරාජ්‍යයා විසින් බැබිලෝනියාව නැවතත් ආක්‍රමණය කළේය. මේඩිස් රාජ්‍යයේ සහ මෙසපෝටේනියානු රාජ්‍යයන්හි පාලකයා වු ඔහු බැබිලෝනියාව අත්පත් කර ගැනිමෙන් පසුව මුළු මහත් පර්සියාවේම අධිරාජ්‍යය බවට පත් විය.
 
 
ක්‍රි.පු. 529 දී සයිරස් අධිරාජ්‍යයා මිය යෑමට වසරකට පෙර ඔහු තම පුත් කැබිඩියස් II Camvses බැබිලෝනියාවේ රජතුමා බවට නම් කළේය. ඉන්පසු ඩාර්යස් හිස්ටස්පිස් (Dariues Hystaspis) නම් සොරාස්ට්‍රිස් (Zorastrian) ප්‍රදේශයෙන් පැමිණි කැරළිකරුවෙකු පර්සියාවේ ඔටුන්න දැරීය ඩාරියස් පර්සිාව යටතේ කරගත් පසුව බැබිලෝනියාව හට ඉතා කෙටි කාලින නිදහසක් හිමි විය. මෙම කලාවකවානුවේදී නිඩින්ටා බෙල් හෙවත් නඩුබන්ඩිනෝසාර් III (Nebuckaclenezzar III) රජතුමා විසින් රාජ්‍යය කරන ලදි. ඔහු ක්‍රි.පු. 522 සිට ක්‍රි.පු 520 අගෝස්තු මස දක්වා ඩාරිසයස් බැබිලෝනියානු අක්‍රමණය කරන තෙක් රාජය පාලනය කළේය. ඉන්පසු ක්‍රි.පු 514 දී බැබිලෝනියාව අරකාත් (Arakka) නම් කැරළිනායකයා යටතේ නැවතත් පර්සියාවට එරෙහිව සටන් වැදුණාහ.
 
[[Category:බැබිලෝනියාව]]
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි