"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත
 
== පරිසරවේදයේ ප්‍රභේද ==
 
[[Image:Field_Trip-_water_sampling.jpg|thumb|පාරිසරික විද්‍යාඥයෙක් ජල නියැදි ලබා ගන්නා අයුරු]]
 
===වායුගෝලීය විද්‍යාවන්===
පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධ්‍යයනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධ්‍යයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලෝක දූෂණය පවා ඇතුලත් වේ.උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම් වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විසින් වායුගෝලීය සංසරණය හා අධෝරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගෝලයේ ඇති රසායන ද්‍රව්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කාළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි.
 
===පරිසර විද්‍යාව ===
 
එකිනෙකට සබෑඳි ගහන අතර හෝ ගහනයක් තුළ ගති විද්‍යාව දර්ශීය ලෙස විශ්ලේෂණය කිරීමයි.මෙම අධ්‍යයනය, අවධානමට ලක්වූ විශේෂ, විලෝපික/ගොදුරු අන්තර් ක්‍රියා, වාසභූමි, පරිසර දූෂක වලින් ගහණවලට සිදුවෙන බලපෑම් හෝ යෝජිත ඉඩම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා විශේෂවල ජීව්‍යතාවයට සිදුවෙන බලපෑම් විශ්ලේෂණය ආදියට යොමුවේ.
බලපෑම් එකක් හෝ වැඩිගණනක් මගින් පීඩාවට පත් පරිසර පද්ධතියක් අන්තර් ක්ෂේත්‍රියව අධ්‍යයනය කිරීමෙදී එයට එකිනෙකට සම්බන්ධ පරිසර විද්‍යා යොජිත අංශ කිහිපයක් ඇතුළත් විය හැකිය.උදාහරණයක් ලෙස කර්මාන්ත සංවර්ධන ක්‍රියාවලියක් පිහිටුවන මෝයක් අවට සිදුකරන අධ්‍යයනයකදී එක්තරා ජීවි විශේෂයකට ජල හා වායු දූෂණය මඟින් බලපෑම් එල්ලවිය හැකිබව පරීක්ෂා කෙරේ.මෙම අධ්‍යයනයට ජීව විද්‍යාඥයින් සත්ව ශාක පිළිබඳව විස්තර කරනු ලබයි.රසායන විද්‍යාඥයින් විසින් ජලය දූෂක වගුරට පරිවහනය කිරීම පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.හෞතික විද්‍යාඥයින් වායු දූෂක විමෝචනය පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.භූ විද්‍යාඥයින් විසින් වගුරෙහි ඇති පස් පිළිබඳව හා බොක්ක ආශ්‍රිතව ඇති මඩ පිළිබඳව තේරුම් ගැනීමට අධාර කරනු ලබයි.
===පාරිසරික රසායන විද්‍යාව===
 
යනු පරිසරයේ පවතින රසායන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයයි.අධ්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍රවලට පස දූෂණය හා ජල දූෂණයද අයත්ය.අධ්‍යයනය කරන මාතෘකා අතරට පරිසරයේ රසායනික හායනය, රසායනික ද්‍රව්‍යවල බහු-අවධි පරිවහනය.(උදාහරණයක් ලෙස විලක ඇති ද්‍රාවකයක් වායුගෝලයට ඇතුළුවූ විට වායු දූෂකයක් ලෙස ක්‍රියා කිරීම සහ ජීවීන් හට රසායනික ද්‍රව්‍යවලින් සිදුවෙන බලපෑම් අයත්වේ.උදාහරණයක් ලෙස අධ්‍යයනයක් ගත් විට කාන්දු වෙන ද්‍රාවක ටැංකියක ද්‍රාවක, පසට එක්වී වඳවීයාමේ තර්ජනයට ලක්වූ උභය ජීවීන්ගේ වාසස්ථානයකට ඇතුළුවේ.
 
භෞතික විද්‍යාඥයින් පස දූෂණය වන ප්‍රමාණය මතුපිටින් ප්‍රවාහය වන ද්‍රාවක ප්‍රමාණය, අවබෝධ කරගැනීමට පරිගණක ආදර්ශ තැනිය යුතුය.රසායන විද්‍යාඥයින් එක් එක් පස් වර්ග සමග ද්‍රාවකය ඇති කරගන්නා අණුක බන්ධන පිළිබඳව විශ්ලෙෂණය කළ යුතුය. ජීව විද්‍යාඥයින් වඳවීමේ තර්ජනයට ලක්වූ උභය ජීවියාගේ ආහාර වන ජලාශයේ වාසය කරන copepods‚ ශාකවර්ග හා පසෙහි ජීවත්වන සන්ධිපාදකයින් මත ඇතිවන බලපැඇම පිළිබඳව අධ්‍යයනය කළයුතුය.
 
 
 
== පාරිසරික විද්‍යාව - වෘත්තියේ නියැලෙන්නන් පිළිබඳ ==
 
පරිසර ගැටළුවල විශාලත්වය හා සංකීර්ණත්වය විද්‍යාඥයින් අතර අන්තර් ක්ෂේත්‍රයේ පුහුණුවක් සඳහා තදබල අවශ්‍යතාවයක් නිර්මාණය කර ඇත.පාරිසරික විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙක් රාජ්‍ය අංශයේ රැකියාව කළත් රජ‍යේ ප්‍රතිපත්ති මඟින් නව නීති රෙගුලාසි නියම කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ වඩා වර්ධනය වීමක් බලාපොරොත්තු විය.පාරිසරික විද්‍යාඥයින් හට පෞද්ගලික අංශයේ උපදේශන ආයතනවල රැකියා වර්ධනය වේගවත් විය යුතුය.ජනගහනය වැඩිවීම නිසා පරිසරය හා ජලසම්පත් කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ යාමෙන් පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා වර්ධන වේගය ඉතා ඉහළ මට්ටමකට පවති.භූගත ජල නිදර්ශනය, පිරිසිදු වාතය හා ගංවතුර පාලනය වැනි තත්ව සම්බන්ධයෙන් පවතින සංකීර්ණ පාරිසරික නීති සහ රෙගුලාසි නිසාත් රැකියා ඉල්ලුම ඉහළ යා යුතුය.පාරිසරික විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා 2006 -2016 මට්ටමක් ගෙන අන් සියළු රැකියා අවස්ථාවල සාමාන්‍ය අගයට වඩා 25% කින් ඉහළ යන බව බලපොරොත්තුවේ.පාරිසරික විද්‍යාඥයෙකුට ඇති එක් ප්‍රසිද්ධ රැකියාවක් නම් කසල එකතු කිරීමයි.මෙම රැකියාවේදී පාරිසරික විද්‍යාඥයෙකුට තිබිය යුතු සියළුම කුසලතා උපයෝගීකොට ගනී.
 
== මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව ==
 
මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව යනු මනුෂ්‍යයා තමා ජීවත් වන ස්වාභාවික කෘත්‍රිම හෝ සාමාජීය පරිසරයක් සමග තිබෙන සබඳතාව සෙවිමේ ක්‍රියාවලපිය වේ. එහිදි මනුෂ්‍යයාගේ හෝ මනුෂ්‍ය සමාජ පරිසරය සහ වටපිටාව සමග පවත්නා අන්‍යෝන්‍ය සබඳතාවය පිළිබද ගවේෂණය කෙරේ.
 
==මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යා විෂය ස්ථාපනය කිරීම==
 
භූගෝල විද්‍යාඥයන් විසින් පෙර සිටම මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යව යන නාමය භාවිතා කළද 1920 දි ඇමෙරිකා එක්සත් ජනපදය එම නාමය සමාජ විද්‍යාත්මක ශ්‍රේස්ත්‍රයට අදාල නාමයක් ලෙසින් ස්ථාපනය කරන ලදි. 1950 දි අමෝස් එච් නවුලි විසින් මනුෂ්‍ය සහා පාරිසරික විද්‍යාව - සමාජීය සැලැස්ම පිළිබද න්‍යාය යන ග්‍රනථය ප්‍රකාශනයට පත් කරන ලදි. එහු එම ග්‍රන්ථය ආර්.තඩී මැකෙන්සි නම් වු මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා ශ්‍රේත්‍රයෙහි ප්‍රරෝගාසියෙකු වු මහාචාර්යවරයාට හට පිරිනමන ලදි. ඉන්පසු හනුග් 1961 චී මෙම ශ්‍රේෂ්ත්‍රයෙහි කවයක් එක් වැදගත් ග්‍රන්ථයක් වු මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාන පිළිබද පැවැත්වු පරික්ෂණය ග්‍රන්ථය වලක්වන ලදී.
මේ අයුරින් 1970 දි විලියම් ආර්. කැමන් සහ රිලි අයි. ඩන්ලැප් විසින් මනුෂධ්‍යා සහ පාරිසරික විද්‍යාවට අදාල න්‍යායන් වර්ධනය කරන ලදි. ඒ අනුව එවුන් සමාජිය කාරණා සමාජිය තත්වයගේම විස්තර කිරිම සිදු නොකරන ඒ වෙනුවට සමාජිය සැදැල්සට බලපෑම ඇති කරන භෞතික සහ ජෙව විද්‍යාත්මක තත්ත්වයන් ද ඇතුළත් කර ගන්නා ලදි. මෙලෙස සිදුවු වෙනස තුළින් මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යා විෂයට ලබා දි තිබු සමාජ විද්‍යාත්මක පැතිකඩ වෙනුවට නව පෙනුමක් ඇති විය. මෙය කැටන් සහ ඩන්ලැෂ් විසින් ඇති කරන ලද නව මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාත්මක විෂය ලෙසින් හදුන්වනු ලැබිය.
 
මනුෂ්‍යයා සහ පරිසරික විද්‍යව යනු මාන වේදය මනෝවිද්‍යාව සමාජ විද්‍යාව සහ පරිසර විදයාවෙහි සංකලනයකි. සමහර වඅස්ථාවන්හිදි මනුෂ්‍යා සහ පාරිසරික විද්‍යාව විෂය පාරිසරික සමාජ විද්‍යාවෙහි කොටසක් වන අතර, සමහර අවස්ථාවන්හිදි එම දෙක සම්පුර්ණ වශයෙන්ම විස්මිත වේ. මනුෂ්‍යයා සහ පාරිසරික විද්‍යාව සහ දේශපාලනික පරිසරය විද්‍යාව අතර ද සබසදතා පැවති ඇත.
 
 
 
== පරිසර විද්‍යාවේ කොටස් ==
"https://si.wikipedia.org/wiki/පරිසර_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි