"පරිසරවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
 
===වායුගෝලීය විද්‍යාවන්:-===
පෘථිවියේ පිටත වායුමය ස්ථරය හා වෙනත් පද්ධති අතර ඈති අන්තර් සම්බන්ධතාව අවධාරණය කරන නව සංසිද්ධි විද්‍යාව අධ්‍යයනය කිරීමයි. වායුගෝලීය විද්‍යාවන්ට කාළගුණ විද්‍යාත්මක අධ්‍යයනයන්, හරිතාගාරවායු සංසිද්ධිය, වායු දූෂකවල වායුගෝලීය සංසරණය ආදර්ශනය, ශබ්ද දූෂණයට අදාළ හඩ ප්‍රචාරණ සංසිද්ධි සහ ආලෝක දූෂණය පවා ඇතුලත් වේ.උදාහරණයක් ලෙස ගෝලීය උණුසුම් වීමේ සංසිද්ධිය ගතහොත් භෞතික විද්‍යාඥයින් විසින් වායුගෝලීය සංසරණය හා අධෝරක්ත කිරණ සම්ප්‍රේෂණය සඳහා පරිගණක අදර්ශණ නිර්මාණය කරයි,රසායන විද්‍යාඥයින් වයුගෝලයේ ඇති රසායන ද්‍රව්‍ය වට්ටෝරු හා ඒවායේ ප්‍රතික්‍රියා පිළිබඳ අධ්‍යයනය කරයි. ජීව විද්‍යාඥයින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රවාහයට සතුන්ගෙ හා ශාකවල දායකත්වය පරීක්ෂා කරයි. කාළගුණ විද්‍යාඥයින් වායුගෝලීය ගති විද්‍යාව තේරුම් ගැනීමේදී අමතර පෘථුල බවක් එක්කරයි.
 
===පරිසර විද්‍යාව :- ===
 
එකිනෙකට සබෑඳි ගහන අතර හෝ ගහනයක් තුළ ගති විද්‍යාව දර්ශීය ලෙස විශ්ලේෂණය කිරීමයි.මෙම අධ්‍යයනය, අවධානමට ලක්වූ විශේෂ, විලෝපික/ගොදුරු අන්තර් ක්‍රියා, වාසභූමි, පරිසර දූෂක වලින් ගහණවලට සිදුවෙන බලපෑම් හෝ යෝජිත ඉඩම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා විශේෂවල ජීව්‍යතාවයට සිදුවෙන බලපෑම් විශ්ලේෂණය ආදියට යොමුවේ.
26 පේළිය:
බලපෑම් එකක් හෝ වැඩිගණනක් මගින් පීඩාවට පත් පරිසර පද්ධතියක් අන්තර් ක්ෂේත්‍රියව අධ්‍යයනය කිරීමෙදී එයට එකිනෙකට සම්බන්ධ පරිසර විද්‍යා යොජිත අංශ කිහිපයක් ඇතුළත් විය හැකිය.උදාහරණයක් ලෙස කර්මාන්ත සංවර්ධන ක්‍රියාවලියක් පිහිටුවන මෝයක් අවට සිදුකරන අධ්‍යයනයකදී එක්තරා ජීවි විශේෂයකට ජල හා වායු දූෂණය මඟින් බලපෑම් එල්ලවිය හැකිබව පරීක්ෂා කෙරේ.මෙම අධ්‍යයනයට ජීව විද්‍යාඥයින් සත්ව ශාක පිළිබඳව විස්තර කරනු ලබයි.රසායන විද්‍යාඥයින් විසින් ජලය දූෂක වගුරට පරිවහනය කිරීම පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.හෞතික විද්‍යාඥයින් වායු දූෂක විමෝචනය පිළිබඳව අධ්‍යයනය කරනු ලබයි.භූ විද්‍යාඥයින් විසින් වගුරෙහි ඇති පස් පිළිබඳව හා බොක්ක ආශ්‍රිතව ඇති මඩ පිළිබඳව තේරුම් ගැනීමට අධාර කරනු ලබයි.
===පාරිසරික රසායන විද්‍යාව:- ===
 
යනු පරිසරයේ පවතින රසායන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයයි.අධ්‍යයනය කරන ප්‍රධාන ක්ෂේත්‍රවලට පස දූෂණය හා ජල දූෂණයද අයත්ය.අධ්‍යයනය කරන මාතෘකා අතරට පරිසරයේ රසායනික හායනය, රසායනික ද්‍රව්‍යවල බහු-අවධි පරිවහනය.(උදාහරණයක් ලෙස විලක ඇති ද්‍රාවකයක් වායුගෝලයට ඇතුළුවූ විට වායු දූෂකයක් ලෙස ක්‍රියා කිරීම සහ ජීවීන් හට රසායනික ද්‍රව්‍යවලින් සිදුවෙන බලපෑම් අයත්වේ.උදාහරණයක් ලෙස අධ්‍යයනයක් ගත් විට කාන්දු වෙන ද්‍රාවක ටැංකියක ද්‍රාවක, පසට එක්වී වඳවීයාමේ තර්ජනයට ලක්වූ උභය ජීවීන්ගේ වාසස්ථානයකට ඇතුළුවේ.
"https://si.wikipedia.org/wiki/පරිසරවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි