"වායු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
4 පේළිය:
 
වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවලට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි.
 
==වායුවක භෞතික ගති ලක්ෂණ==
මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවල‍ට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩා‍ආකර්ෂණ බලයක් සඳහා හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක.
 
වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි.
 
* ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාව
* උෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි.
* අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/වායු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි