"කැමරව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
 
ස්ටීරියෝ කැමරාව මගින් ‘ත්‍රිමාණ’ ස්වරූපයේ ඡායාරූප ලබාගත හැක. මෙහිදී ඡායාරූප දෙකක් ලබාගෙන රූපයේ මිත්‍යාමිතික ගැඹුරක් නිර්මාණය වන පරිද්දෙන් ඒ දෙක එක් කරනු ලැබේ. මෙම ත්‍රිමාණ මුද්‍රණ හෝ ස්ලයිඩ නිර්මාණය කිරීම සඳහා යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවන්හි දෙපැත්තේ කාච දෙකක් ඇත. කවාකාර දර්ශන පථයක් අන්තර්ගත මුද්‍රණ සඳහා ඡායාරූප ගැනීමට යොදාගනු ලබන ස්ටීරියෝ කැමරාවල සමහරවිට කාච 3- 4- 5 ක් හෝ ඊට වඩා පවා පැවතිය හැක. සමහර චිත‍්‍රපට කැමරාවල දිනය මුද්‍රණය කිරීමේ පහසුකම් ඇති අතර එහිදී ඍණ පටය මත දිනය මුද්‍රණය වේ.
====දල සේයා පටය====
දලසේයා පටයක් යනු ප්ලාස්ටික් පත්‍රයකි. (පොලියෙස්ටර්, නයිට්‍රෝසෙලුලෝස්, සෙලුයු‍ලෝස් ඇසිටේට්) විවිධ ප්‍රමාණයේ ආලෝක සංවේදී සිල්වර් හේලයිඩ්වල ලුණු (silver halide salt) ආලේපකොට තෛලෝදකරණයට ලක් කර ඇත. මෙම කුඩු මත ඡායාරූප සංවේදිබව, විලක්ෂණය හා තියුණු බව රඳා පවති. මෙම තෛලෝදය ආලෝකයට අනාවරණය වු විට (හෝ අනෙකුත් විද්‍යුත් චුම්බක කිරණ)එහි නෛසර්ගික රූපයක් ගොඩනගයි. රසායනික ක්‍රියාවලි මඟින් මෙම නෛසර්ගික රූප නැවත දෘශ්‍ය තත්ත්වයට පත් කළ හැකිය. මෙය සේයාපට නැංවුම (film developing) ලෙස හඳුන්වයි.
 
කළු සුදු පටයක දී සිල්වර් හෙලයිඩ් තනි තට්ටුවක් පමණක් ආලේප කරයි. ආලෝකය අනාවෘත කණිකා පටලය නංවන විට සිල්වර් හේලයිඩ, සිල්වර් ලෝහක(metallic Silver) සංයෝග බවට හැරේ. මෙම ආලෝකය අනාවරණය කොට ආලෝකවත් වු කොටස් සේයා පටලයේ කලු පැහැයෙන් දක්වයි.
 
වර්ණ සේයා පටලයක ඇති සිල්වර් හේලයිඩයේ අවම තරමින් ලුණු තට්ටු 3 ක් වත් ආලේප කරයි. සිල්වර් ලුණු මුහුණතට ඩයි උරාගත් විට එය විවිධ වර්ණයන්ට සංවේදි වේ. සාමාන්‍යයෙන් ඉහළින්ම වන්නේ නිල් පැහැයට සංවේදි තට්ටුවය. ඉන්පසු කොළ හා රතුය. මෙය නැංවීමේ දී සුපුරුදු ලෙස ආලෝකයට නිරාවරණය වූ කොටස් සිල්වර් ලෝහක නිසා කලු පැහැයට හැරේ. නමුත් වර්ණ පටලයකට නැංවීමේ දී ඇතිවන අතුරු ප්‍රතිඵල නිසා වර්ණ ඈඳනය(Color couplers) නම් රසායනික සමඟ සංයෝග වීම ප්‍රතික්‍රියා කරයි. මෙම වර්ණ ඈඳන බොහෝ විට දළ සේයා පටලයේ හෝ නංවන්නා විසින් ද්‍රව වර්ණක ‍බවටද පත් කරයි. අතුරු ප්‍රතිඵල නිරාවරණය වූ ප්‍රමාණය හා නංවන ලද ප්‍රමාණයට සමානුපාත නිසා ඇතිවන වර්ණක (ඩයිද), නිරාවරණය වූ ප්‍රමාණය හා නංවන ලද ප්‍රමාණයට සමානුපාතික වේ. ඉහළ නැංවීමේදී සිල්වර් බවට පත්වු ලුණු නැවත විභජනයේ දී සිල්වර් ලුණු (silver salt) බවට පත්වේ. සැකසුම් පියවරේ දී මෙය සේයා පටයෙන් ඉවත් කෙරේ. එවිට ඇති වු වර්ණ පමණක් ඇතිවේ. ඉහත සියල්ල අවසානයේ දර්ශිත ඡායාරූපයක් මත ගොඩනැගේ.
 
නවතම සේයා පට වන kodacolor II වැනි සේයා පට තෛලෝදකරණය කරන ලද ස්ථර 12 කින් ද, ඒ සෑම ස්ථරයක් තුලම රසායනික වර්ණ 20 කින්ද සමන්විත වේ.
මෙම දල සේයා පට රූප හා චිත්‍රපට සඳහා ද බහුල ලෙස යොදාගන්නා නිසා ඒවා චිත්‍රපට ලෙසින් ද හඳුන්වයි.
===කාච විවරය===
ප්‍රකාශ විද්‍යාවේදී කාච විවරය ලෙසින් හැඳින්වෙන්නේ කාචය වෙත ආලෝකය ඇතුලූ කරගන්නා විවරය හෙවත් සිදුරයි. වඩාත් නිවැරදිව පවසන්නේනම් එය කැමරාව තුලට ඇතුලූවන අලෝක කිරණ කදම්බ කුමණ කෝණයකින් ඇතුලූවන්නේද යන්න තීරණය කෙරෙන ප‍්‍රකාශ පද්ධතියකි. එහිදී සිදුවන්නේ කැමරාවට ඇතුල්වන ආලෝක කිරණ කෙතරම් සමාන්තරද යන්න තීරණය කිරීමයි. කුඩා කාච විවරයකින් කැමරාව තුලට ඇතුලූවන කිරණ පටු කෝණයක් සහිත වන අතර ඒවා කාචය හරහා ගමන්කොට තියුණු ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරයි. විශාල කාච විවරයකින් ඇතුලවන කිරණ පුළුල් කෝණයක් සහිත වන අතර ඒවා තියුණු ප‍්‍රතිබිම්භයක් නිර්මාණය කරන්නේ නිවැරදි නාභිදුරකදීය. එනම් නිවැරදි ලෙස නාභිගත නොවුවහොත් විශාල කාච විවරයකින් ලැබෙන ප්‍රතිබිම්භය බොඳවූ ස්වභාවයේ එකක් වනු ඇත. එමෙන්ම කැමරාව තුලට ඇතුලූ කරගන්නා ආලෝක ප්‍රමාණයද කාච විවරය විසින් පාලනය කරනු ලබයි (කාච විවරය පටු වන තරමට රූපය අඳුරු වනු ඇත).
"https://si.wikipedia.org/wiki/කැමරව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි