"අමරදේව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥකෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හදුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ '''අමරදේව''' නමිනි. [[සිතාරය]], [[තබ්ලාව]], [[හාර්මෝනියම]] වැනි ශාස්ත්‍රීය සංගීට භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය අභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයකු ඉන්දිය ශස්තී‍්‍රය සංගීත ගුරුවරයකු ද වුයේය.
 
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශී‍්‍ර සද්ධර්මෝදය මිශ‍්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර සිරි සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
 
‘අශෝකමාලා’ චිත‍්‍රපටය රූපගත කරන අවධියේ එම චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප‍්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.
 
‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්කණ්ඬේ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
 
ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව [[වික්ටර් රත්නායක]],[[ සුනිල් එදිරිසිංහ]],[[ සනත් නන්දසිරි]] වැනි කලා කරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සදහාද ඔහු ක්රියාකාරීව දායක වෙයි.
"https://si.wikipedia.org/wiki/අමරදේව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි