"සිරිමාවෝ බණ්ඩාරනායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: eu:Sirimavo Bandaranaike
No edit summary
25 පේළිය:
| religion = [[Buddhist]]
|}}
[[Image:SirimavoBandaranaike.jpg‎|thumb|]]
 
සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක ( 1916 අප්‍රෙල් 17 - 2000 ඔක්තෝම්බර් 10) ශී‍්‍ර ලංකාවේ තෙවරක් අග‍්‍රාමත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය. ඇය ශී‍්‍ර ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම පළමු අග‍්‍රාමාත්‍යවරියයි. ආග‍්‍රාමාත්‍ය සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ වු ඇය ශී‍්‍ර ලංකාවේ තුන්වන විධායක ජනධිපති පදවියට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මවයි. දේශපානඥ අනුර බණ්ඩාරනායක සහ සමාජ සේවිකාවක් වන සුනේත‍්‍ර බණ්ඩාරනායක ඇයගේ අනෙක් දරු දෙපළයි.
 
1916 අපේ‍්‍රල් 17 වන දින රත්වත්ත රදල පවුලක උපත ලද සිරිමාවෝ අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙනි. 1940 දී ඇය සොලමන් බණ්ඩාරනායක සමඟ විවාපත් විය. සොලමන් බණ්ඩාරණයකගේ අභාවයෙන් පසු ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙඹවුවාය.
 
1777 දී තම පක්‍ෂය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප‍්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය.
 
ඇගේ පාලන සමයේදී ශී‍්‍ර ලංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියළු රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්‍ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියටි රුසියාව අතර සම්බන්ධතා තර කිරීමද ඒ අතර ප‍්‍රධානය.
 
ඇගේ දෙවන ධුර කාලයේදී සිලෝන් යන නාමය වෙනුවට ශී‍්‍ර ලංකාව යන නාමය හඳුන්වා දුන් අතර ශී‍්‍ර ලංකා රජය ජනරජයක් ලෙසටද හඳුන්වාදෙනු ලැබීය. එනමුත් 1971 ජවිපෙ කැරුල්ල මතුවුයේද මෙම අවධියේදීමය.
 
 
 
"https://si.wikipedia.org/wiki/සිරිමාවෝ_බණ්ඩාරනායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි