"ශ‍්‍රී ලාංකික මුස්ලිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් 7% පමණ ඉස්ලාම් ආගමිකයන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් 7% පමණ ඉස්ලාම් ආගමිකයන්ය. එය සංඛ්‍යාත්මකව මිලියන 1.4 වේ. මෙහි මූස්ලිම් ජන වර්ගයා ප‍්‍රධාන කොටස් තුනකි. එනම් ශ‍්‍රී ලංකීය මූස්ලිම්, ඉන්දිය මුස්ලිම් සහ මැලේ ජාතිකයන්ය. මෙම සෑම ජන කොටසකට ඊටම ආවේණික ඉතිහාසයක් සහ සම්ප‍්‍රදායක් ඇත.
 
 
== ශී‍්‍ර ලංකාවේ ඉස්ලාම් ආගම සහ භාෂාව ==
 
ශී‍්‍ර ලාංකීය මූස්ලිම් ජාතිකයින් භාවිතා කරනුයේ ද්‍රවිඩ සහ අරාබි මිශී‍්‍රත භාෂාවකි. සිංහල භාෂාවද ඔවුන් බොහෝ විට භාවිත කරයි. අතීතයේ දී ‘ආර්ව් ’ නමැති භාෂාවක් ඔවුන් විසින් භාවිතා කරන ලද නමුත් අද වන විට එය අභාවයට ගොස් ඇත. නමුත් ආගමික වැඩකටයුතු වලදී ඔවුන් එම භාෂාව අදටත් භාවිත තරයි. ශ‍්‍රි ලංකීය මූස්ලිම්වරුන් භාවිත කරවන වදන් කීපයක් මෙසේ දැක්විය හැක.
 
{|
|'''මූස්ලිම් වචනය'''
|'''අරාබි වචනය'''
|'''ද්‍රවිඩ වචනය'''
|'''අර්ථය'''
|-
|උම්මා
|උම්
|අම්මා
|අම්මා
|-
|වාපා
|අසබා
|අප්පා
|පියා
|-
|තංගචි
|
|තංගායි
|නංගී
|-
|නනා/කාකා
|
|අන්නා
|අයියා
|-
|දාතා
|
|අක්කා
|අක්කා
|-
|උම්-උම්මාහ්
|උම්
|පැටි
|ආච්චි (මවගේ මව)
|-
|වප්- උම්මාහ්
|උම්
|පැටි
|ආච්චි (පියාගේ මව)
|-
|ජාසකල්ලාහ්
|
|ජාසකල්ලාහ්/සුකරන් නන්දා
|ස්තුතියි
|-
|මවුතු
|මවුත්
|සාවු
|මරණය
|-
|හයාතු
|හයාත්
|වල්කායි
|ජීවීතය
|-
|කුසුනි
|
|සමායල් අරයි
|මුළුතැන්ගෙය
|-
|වෙල්ලූනා
|
|කාලයි
|උදෑසන
|-
|රාවි
|
|ජින්නෙරම්
|හවස
|}
 
බොහෝවිට ආශිර්වාද කිරීම් සිදුවනුයේ අරාබි බසිනි. එමෙන්ම පෘතුගී‍්‍රසි, ලන්දේසි සහ ඉංගි‍්‍රසි භාෂාවන්ගෙන් එකතු වූ වචනද ඔවුන් විසින් භාවිතයට ගැනෙන අතර සමහර වචන සඳහා මුල් භාෂාවක් සොයා ගැනීමටද අසීරුය.
 
 
 
"https://si.wikipedia.org/wiki/ශ‍්‍රී_ලාංකික_මුස්ලිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි