"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
ඉංජිනේරුකරණයේ විවිධ අංශයන් විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අදාළව විශාල පරාසයක් පුරා පැතිරී ඇත.
 
== ඉංජිනේරු විද්‍යාවේ ඉතිහාසය ==
 
ඉංජිනේරු විද්‍යාව මානවයා බිහිවු දා පටන් ආරම්භ වු විෂය ක්ෂේත‍්‍රයකි. කප්පිය, ලීවර, රෝදය, ආදී සොයා ගැනීම් ඉංජිනේරු විද්‍යාවේ මූලාරම්භය ලෙස සැලකේ.
මුල් වකවානු වලදී ඉංජිනේරුවා යන පදය භාවිත වී ඇත්තේ එන්ජින් කි‍්‍රයා කරවන්නා, යුධමය එන්ජින් නිපදවන්නා යන අර්ථයෙනි. එන්ජිම යන පදය ලතින් භාෂාවේ ”ඉංජේනියම්” යන පදයෙන් ව්‍යුත්පන්න වූවකි.
 
පසු කාලිනව යුධමය කටයුතු වලින් බැහැර වු ඉංජිනේරු විද්‍යාවන් බිහිවු අතර ගොඩනැගිලි, පාලම්, මහාමාර්ග තැනීමේ කටයුතු එයට අයිති විය. මෙය සිවිල් ඉංජිනේරු විද්‍යාව ලෙස හැඳින්විණ.
ඊජිප්තුවේ පිරමිඩ, චීනයේ චීනමහා ප‍්‍රාකාරය, බාබිලෝන්හි එල්ලෙන උයන ආදී පැරණි නිර්මාණ සිවිල් ඉංජිනේරුවරුන් සහ යුධමය ඉංජිනේරුවන් අතින් බිහිවු අපුරු නිර්මාණයන්ය.
මුල් කාලයේ සිවිල් ඉංජිනේරුවා හැඳින්වුයේ ‘‘ඉලෙක්ටි‍්‍රසිටි ’’ යන පදයේනි. ලොව පළමු වාෂ්ප එන්ජීම 1698 දී නිපදවුයේ යාන්ති‍්‍රක ඉංජිනේරුවකු වු තෝමස් සේවරි විසිනි. කාර්මික විප්ලවය ආරම්භ වුයේ මෙම නිර්මාණය හරහාය. 19 වන ශතවර්ෂයේ අගභගයේදී ජේමිස් මැක්ස්වෙල් සහ හෙන්රිච් හර්ට්ස් විසින් කරනු ලැබු විවිධ පර්යේෂණ කටයුතු ආශ‍්‍රයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව බිහිවිය. රික්තක නලය සහ ට‍්‍රාන්සිස්ටරයේ සොයා ගැනීම නිසාද පසුකලෙක ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවා නව මඟකට යොමු විය. තෝමස් සේවරි සහ ජේම්ස් වොට්ගේ සොයා ගැනීම නවීන යාන්තී‍්‍රක ඉංජිනේරු විද්‍යාවේ මුලාරම්භයයි.
 
19 වන ශතවර්ෂයේදී රසායන ඉංජීනේරු විද්‍යාව ආරම්භ විය. ඒ කාර්මික විප්ලවයත් සමඟය. ගුවන් යානා තාක්‍ෂණය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව මේ අතර වෙනම ක්ෂේත‍්‍රයකි. ගුවන් යානා නිපදවීම, සැලසුම් කිරීම එම ක්ෂේත‍්‍රයට අයත් වේ.
 
විලර්ඞ් ගිබ්ස් විසිනි 1863 දී ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්තේ ය.1990 දී පරීගණක තාක්‍ෂණයේ දියූණූවත් සමඟ පළමු පිරික්සුම් එන්ජිම සොයාගත්තේ පරිගණක ඉංජිනේරුවරයකු වන ඇලන් එම්ටේෆ් විසිනි.
==ඉංජිනේරු විද්‍යාවේ දී පරිගණක භාවිතය==
[[Image:CFD Shuttle.jpg|thumb|left|225px|අභ්‍යවකාශ යානාවක් නැවත ඇතුලුවීමේ දී එය වටා ඉහළ ප්‍රවේශයක් සහිත සුළග හමායන අයුරු පරිගණකයකින් අනුරූපනය කර ඇති අයුරු.]]
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි