"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
'''පරිණාමය''' යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.
 
පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න '''ස්වභාවික වරණයයි'''. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරාවටපරම්පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවිකවරණයස්වභාවික වරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.
 
'''විශේෂය''' යන්නෙහි එක් අර්ථකථනයක් නම් තවෙකෙක් හා එක්ව සරු ජීවියෙක් බිහිකිරීමේ හැකියාව ඇති ජීවීන් කාණ්ඩයකටය. විශේෂ ගහණ තුළට වෙන් වූ පසු එම ගහණයන් (දෙක) අතර විකෘති, ජාන ගලනය, ස්වභාවික වරණය අන්තර්වර්ගයා බෝකිරීම් සිදු නොවේනම් නව විශේෂයක ඇරඹුමක් ඇති වේ. ජීවීන් අතර ඇතිවන සමානත්වය නිසා සෑම විශේෂයක්ම මීමුත්තෙකුගෙන් හෙමින් හෙමින් සිදුවන මෙම වෙනස්කම් නිසා අපසරණය වී පැවත එන්නැතැයි විශ්වාස කෙරේ.
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි