"සංගීත සැණකෙළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සංගීත උත්සවයක් යනු සංගීතය මුලික කරගත් , සංගීත ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
4 පේළිය:
තවත් සංගීත උත්සව වර්ගයක් නම් අධ්‍යාපනික වර්ගයේ උත්සවයි. මේවා වාර්ෂිකව දේශිය සභාවන්හි, ප්‍රාදේශියව හෝ ජාතිකව පවත්වනු ලැබේ. සෑම වයස මට්ටමකම ආධුනික සංගීතකරුවන්ගේ සුභසාධනය සඳහා මෙම වර්ගයේ උත්සව පවත්වයි. මෙහිදී ඉදිරිපත් කරන්නා සංගීත ඛණ්ඩයක් තරඟකරුවන් ද සිටින ඇතුළත් ප්‍රෙක්ෂකගාරයක් ඉදිරියෙහි ඉදිරිපත් කරන අතර මෙහි වි‍ශේෂ ලක්ෂණයක් නම් සෑම තරඟකරුවකු හටම ඉතා විශිෂ්ට වෘත්තීය විනිශචයකරුවකු විසින් ඒ ‍වේලෙහිම වාචිකව හා ලිඛිත ප්‍රතිචාරයක් ලැබීමයි. මොවුන් හට සහතික පත්‍රයක් ලැබෙන අතර එක් තරඟකරුවකුට තවත් තරඟකරුකුගෙන් ඉගෙන ගත හැකි දෑ බොහෝමය. මෙවැනි උත්සව වල අරමුණු වනුයේ මිත්‍ර හා සහයෝගාත්මක වතාවරණයක් සෑම සංගීතකරුවෙකුටම සංගීත නිර්මාණයේදී ලබා දීමයි.
 
== සංගීත උත්සව සංවිධානය ==
 
සංගීත උත්සවයක් සංවිධානය කරනු ලබන්නේ ප්‍රධාන කොටම සංගීතමය අරමුණක් සදහා වුවද එය ජාතික, ආගමික අවශ්‍යතාවයන්ට අනුව සංවිධානය වන අවස්ථා ද ඇත. බොහෝ විට මේවා එළිමහන් දර්ශනයන්ය. "ඩෙල්පිහි පයිතින් ග්‍රෙම්ස්" නම් සංගිත සංදර්ශණය ලොව පැරණිම උත්සවයක් ලෙස සැලකේ. බොහෝ විට මධ්‍යතනය යුගයේ පැවති සංගිත උත්සවයන් තරඟාවලියක් ලෙස පවත්වනු ලැබිය.
 
බොහෝ සංගීත උත්සව වාර්ෂිකය පවත්වනු ලබන අතර සමහර ඒවා ඒකවර ද ඒවා විශේෂ අවශ්‍යතා මතද සංවිධානය කරනු ලබයි.
 
අධ්‍යාපනික සංගීත සංදර්ශණයක් මේ අතරින් වැදගත් තැනක් ගනී. මේවා සංවිධානය කර්නනේ ආධුනික සංගිතඥයන් වෙනුවෙනි. ප්‍රවිණ සංගිතඥයන් හමුවේ අදහස් හුවමාරු කිරීම, ආධුනිකයන් දැන හදුනා ගැනීම, තම මතිමතාන්තර විවේචනය ඉදිරිපත් කිරීම මෙම උත්සව වලදි සිදු වේ.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/සංගීත_සැණකෙළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි