"සංගීත නිර්මාණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සංගීත නිර්මාණයක් යනු සංගීතඥයෙකු විසින් ප්‍රෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

13:30, 28 දෙසැම්බර් 2011 තෙක් සංශෝධනය

සංගීත නිර්මාණයක් යනු සංගීතඥයෙකු විසින් ප්‍රෙක්ෂකයා වෙත ලිඛිතව හෝ ශ්‍රාවමය වශයෙන් පිනවනු ලබන නිර්මාණයකි. කෙසේ වුවද මෙම මුලික නිර්මාණ ඇසුරුකොට ගෙන විවිධ වෙනස්කම් නිරූපනකයා විසින් ම සිදු කිරීමට ඉඩ ඇති අතර එබැවින් එය ප්‍රෙක්ෂකයා අතරට යාමේ දි මුල් නිර්මාණයට වෙනස් නිර්මාණයක් වේ.

මෙසේ නිර්මාණ විශේෂයක් පුද්ගල කේන්ද්‍රය වන අතර තම අභිමතය පරිදි තම නිර්මාණ වෙනස් කිරීමට නිර්මාණකරුවාට අයිතියක් ඇත. නමුත් සමහර අවස්ථා වලදි සම්මත විශලේෂණ ක්‍රම විධි මේ සදහා භාවිතා වන අවස්ථා ද ඇත.

බොහෝ විට "ජෑස්", "බිලුස්" නම් සංගීත ක්‍රමවේදයන් වලදී කලින් නිර්මාණය කර ගත් වෙනස්කම් සිදු කිරීම බොහෝ දුරට සිදු නොවන අතර ප්‍රේක්ෂකයා වෙත සංගීත නිර්මාණ ඉදිරිපත් කරන අවස්ථාවේ දී සජීවි ව වෙනස්කම් සිදු කරයි.

එක් එක් අවස්ථානුකූලව වෙනස්කම් සිදු කරනු ලබන සංගීත ක්‍රමවේදය " ඇලියටෝරික්" සංගීතය ලෙස හදුන්වයි. මෙම ක්‍රමය බහුලව භාවිත කරන සංගීතඥයන් ලෙස ජොන්කෙප්, මෝටන් ෆෙල්ඩිමන් සහ විටෝල්ඩී ලුටුස්ලැවිස්කි හදුන්වා දිය හැකිය.

සංගීත නිර්මාණයක් සිදුකරනු ලබන ක්‍රමය සංගිතඥයාගෙන් සංගිතඥයාට‍ වෙනස් වේ. සමහර සංගීතඥයන් ස්වර ප්‍රස්ථාර මගින් ද සමහරුන් තම මතක ශක්තිය ආධාරයෙන් ද සංගීත නිර්මාණ කටයුතු වල යෙදේ කෙසේ වුවද සංගීත නිර්මාණ කටයුතු වල යෙදීම සදහා එම නිර්මාපකයාට වඩා හොද සංගිතඥානයක් තිබිය යුතුය. විවිධ සංගීත ක්‍රමවේදයන් සදහා අවශ්‍ය වන සංගීත දැනුමද එකිනෙකාට වෙනස් වේ. මෙහිදි වඩාත් වැදගත් වනුයේ යම් සංගීත නිර්මාණයක දී උපයෝගි කර ගන්නා "ලය" යන සිද්ධාන්තයයි. මෙම සිද්ධාන්තය නිර්මාපකයගේ ප්‍රකාශයෙන් වැදගත්ම අංශය ලෙස සැලකේ.




සටහන්

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_නිර්මාණ&oldid=194509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි