"ඔපෙරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
‘ඔපෙරා’ යන්න ඉතාලි බසින් ‘වැඩ’ යන අර්ථය ගෙන දෙන අතර ‘ඔපෙරා’ යන ලතින් වචනය ද ‘වැඩ’ හෝ ‘ශ්‍රමය’ යන්න හඟවයි. ඒ අනුව, එය වේදිකාව මත ඒකාංගික කලාව, ස්වරානුකූල ගායනය, උච්චාරණය, රංගනය හා නැටුම් යන සියල්ලෙහි එකතුවකි. මෙය බිහි වූයේ ඉතාලියේ විවිධාකාර විනෝදාස්වාද ක්‍රියා පවත්නා පසුබිමක වන අතර, අනෙකුත් ගීතමය නාට්‍ය සමග ප්‍රදර්ශනය කෙරිණි. මෙම නාට්‍යවලට වඩා බොහෝ කාලයක් ඔපෙරා පැවතුණු අතර, ඉතා අලංකාරවත් ලෙස මහජන ප්‍රදර්ශනයන් පවත්වන ලදී.
 
අද වන විට හඳුනාගෙන ඇති පැරණිම ඔපෙරාව වන්නේ, ජේකොබ් පෙරීගේ ඩැෆ්නි ඔපෙරාවයි. එය 1597 'කැමරටා ඩි බාර්ඩි' යන නමින් රැස්වු ෆ්ලොරන්ස් හි මානවවාදීන් පිරිසකගේ බලපෑම මත ලියන ලද්දකි. ඩැෆ්නි ඔපෙරාව වනාහී සම්භාව්‍ය ග‍්‍රීකග්‍රීක නාට්‍ය පුනර්ඡීවනය කිරීමේ අරමුණින් ලියණු ලැබුවක් වන අතර, පුනර්ඡීවනයේ කොටසක් විය. කැමරාටා හි සාමාජිකයන් සිතුවේ ග‍්‍රීකග්‍රීක නාට්‍යවල ගායන කොටස් මෙන්, සෑම චරිතයක්ම සම්පූර්ණයෙන්ම ගායනා කළ යුතු බවයි. ඒ අනුව ඔපෙරා යනු එම තත්ත්වය නැවත ඇති කිරීමක් විය. නමුත්, අවාසනාවන්ත ලෙස ඩැෆ්නි සොයාඔපෙරාව ගැනීමටවර්තනමානයේ නොහැකිරඟ වියදැක්වෙන්නේ නැත. පසුව 1600 දී පෙරී විසින් ලියන ලද යුරිඩිස් පැරණිම ඔපෙරාව ලෙස අද වන තෙක් පවතී.
 
වේදිකාවේ රඟන ගීතමය නාට්‍ය සම්ප්‍රදායන්ට මධ්‍යතන යුගයේ ලෞකික හා ආගමික බලපෑම ඇත. එම යුගයේ පැවති මුල්ම ඉතාලි ඔපෙරා බොහෝ රටවල නාට්‍ය සම්ප්‍රදායන්ට සමානකමක් දක්වයි.
"https://si.wikipedia.org/wiki/ඔපෙරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි