"ඔපෙරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:Palais_Garnier.jpg|thumb| ලෝකයේ ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවක්, පැරිසීය]]
 
== ඔපෙරා යනු ==
 
 
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කටහඬ ආකාරය අනුවය. එනම්, ශ්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ. එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හඬ වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
==ආරම්භය==
‘ඔපෙරා’ යන්න ඉතාලි බසින් ‘වැඩ’ යන අර්ථය ගෙන දෙන අතර ‘ඔපෙරා’ යන ලතින් වචනය ද ‘වැඩ’ හෝ ‘ශ්‍රමය’ යන්න හඟවයි. ඒ අනුව, එය වේදිකාව මත ඒකාංගික කලාව, ස්වරානුකූල ගායනය, උච්චාරණය, රංගනය හා නැටුම් යන සියල්ලෙහි එකතුවකි. මෙය බිහි වූයේ ඉතාලියේ විවිධාකාර විනෝදාස්වාද ක්‍රියා පවත්නා පසුබිමක වන අතර, අනෙකුත් ගීතමය නාට්‍ය සමග ප්‍රදර්ශනය කෙරිණි. මෙම නාට්‍යවලට වඩා බොහෝ කාලයක් ඔපෙරා පැවතුණු අතර, ඉතා අලංකාරවත් ලෙස මහජන ප්‍රදර්ශනයන් පවත්වන ලදී.
"https://si.wikipedia.org/wiki/ඔපෙරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි