"මුදල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: sn:Mari වෙනස් කරමින්: th:เงิน
No edit summary
53 පේළිය:
 
1952/1953 වර්ෂයන්හි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත්කරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඦන යොදා ගැනීමත්, සිංහළ භාෂාව යොදා ගැනීමත් 1956දී සිදුවිය. 1963දී මහ බැංකුව ප්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 5000, රු 2000, රු 1000, රු 500, රු 100, රු 50, රු20 හා රු 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු 10, රු 5, රු 2, රු 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.
 
== මුදල් වල විවිධ ආකාරයන් ==
 
භාණ්ඩ හා සේවා මිලදී ගත හැකිහ ණය ගෙවිය හැකි ඕනෑම ස්වරෑපයක දැයක් මුදල් නම් වේ. මුදල් වන ප්‍රධාන වැදගත් කම් හුවමාරැ මාධ්‍යයක් වීම, ගබඩා කල හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. සමහර කතෘන් මුදල් යනු " සම්මත විලම්භිත ගෙවිම් මාධ්‍යයක්" ලෙස හදුන්වා ඇත.
 
මුදල් වලට සංසරනය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරිමේ ගිණුම්, ඉල්ලුම් තැන්පතු හා තැම්පතු සහතික අයත් වේ. ත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල් වල කුඩාම ඒකකයයි.
 
මුදල් යනු ඝනව වටිනාකම ඇති‍ ඒකකයක් නොව, ආර්ථිකයේ පිලිගත් වටිනාකමක් ඇති ඒකකයකි. මුදල් යනු ආර්ථික විද්‍යාවේ ඇති මුල්‍යමය කටයුතු වලට තිබෙන විශ්වාසදායකම ඒකකයි. මුදල් නොමැති සමාජයකදි භාණ්ඩ හුවමාරැ කරගැනීමේදි භණ්ඩ ඇති වුවමනාව හා එහි වටිනාකම මැනිම යනු ගැටළු සහගත විය. මුදල් භාවිතය වෙළද ‍හා කම්කරැ ක්පේස්ත්‍ර දියුණුවට හේතු විය.
 
මුදල් වල ප්‍රාමානික සංකල්පය
මෙම සංකල්පයේදි වියදමේ අගය හා මුදල් ප්‍රමාණය අතර ධනාත්මක සබදතාව විග්‍රහ කරයි.
 
මුල්‍යමය ප්‍රතිපදාව (Monetary Policy)
 
ආණ්ඩුව, මහා බැංකුව හෝ මුල්‍යමය ආයතන විසින්
මුදල් සැපයුම
මුදල් ප්‍රමාණය
මුදල් සදහා වියදම / පොලි අනුපාතය
 
ආර්ථිකයේ ස්ථායිතාව හා වර්ධනය උදෙසා පාලනය කිරිමේ ක්‍රමය මුල්‍යමය ප්‍රතිපදාව මුල්‍යමය ප්‍රතිපතාදව සංසාමන්‍යයෙන් ප්‍රසාරණය ප්‍රතිපදාවක් (expansionary policy ) හෝ සංකෝචන ප්‍රතිපදාවක් වේ. (Concretionary Policy) ප්‍රසාරනයේදි ආර්ථිකයට ඇති මුදල් සැපයුම ඉහල නංවන අතර, පොලි අනුපාතය අඩුකර මන්ධාව දමනයදි විරැකියාව නැතිකිරිමට භාවිතා වේ. සංකෝචන ප්‍රතිපදාවේ දි ආර්ථිකයට ඇති මුදල් සැපයුම අඩුකරන අතර, උද්දමනයට‍ පිළියෙලක් ලෙස පොලි අනුපාතය වැඩි කර සිදු කරයි. මුල්‍යමය ප්‍රතිපදාව, ආණ්ඩුවක ණය ගැනිම්, බදු හා වියදම් පිළිබද සලකන රාජ්‍යය ප්‍රතිපදාවට වඩා වෙනස් වේ.
 
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/මුදල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි