"දේශපාලන පක්ෂ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
පක්ෂ තුනක් හෝ වැඩි ගණනක් පවතින විට දී සුලබව සිදුවන්නේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගත නොහැකි වීමයි. ඔවුන් එකිනෙකා සමග එක්වී සන්ධාන ගත රජයන් පිහිටු වීමය. අයර්ලන්තයේ සහ ජර්මනියේ මෙය සිදුව ඇත. සන්ධාන ගත රජයක ප්‍රධාන දුර්වලකම වන්නේ එය අස්ථාවර වීම සහ වෙනස්කම් නිසා අනතුරුවලට භාජන වීමට හැකවීමය.
 
 
== ප්‍රධාන දෙපක්ෂය ==
එක්සත් ජනපදය හා ජැමෙයිකාව වැනි පක්ෂ දෙකක් පවත්නා රටවල තුන්වන පක්ෂයක් යටතේ තරඟ කොට මැතිවරණ ජයග‍්‍රහණය කිරීම ඉතා අසීරු කරුණකි. බොහෝ විට මෙහිදී එක් දක්ෂිණාංශික සන්ධානයක් සහ එක් වාමාංශික සන්ධානයක් දක්නට ලැබේ. එහෙත්, මෙබඳු රටවල සියලූ පක්ෂ ඇතුළත්ව සකස් වන පුළුල් සන්ධානයන් ද දක්නට ලැබේ.
 
බහුවිධි ඡන්ද ක‍්‍රමය (එක්සත් ජනපදය වැනි) සාමාන්‍යයෙන් පක්ෂ දෙකක් සහිත ක‍්‍රමයක් කරා මඟ පාදන අතර, මෙය මවුරිස් ඩුවර්ජර් (Maurice Duverger) විසින් ඩුවර්ජර්ගේ නීතිය ලෙස ද හඳුන්වා දී තිබේ.
 
 
== පක්ෂ විරහිත බව ==
 
පක්ෂ රහිත ක‍්‍රමයක් තුළ පිළිගත් දේශපාලන පක්ෂ නොපවතින අතර, සමහර අවස්ථාවලදී පවත්නා දේශපාලන පක්ෂ මත නීතිමය සීමාවන් දක්නට ලැබේ. මෙම ක‍්‍රමය තුළ සෑම අපේක්ෂකයකුම තම පෞද්ගලික සුදුසුකම් මත තේරී පත් වේ. ව්‍යවස්ථාදායකය තුළ විධිමත්ව පක්ෂ නිර්මාණය වන ආකාරය දක්වා නොමැත. ජෝර්ජ් වොෂින්ටන්ගේ පරිපාලනය සහ එක්සත් ජනපද කොන්ග‍්‍රසයේ පළමු සැසිවාර අපක්ෂපාති ඒවා විය. එසේම, වොෂින්ටන් තම සමුගැනීමේ කතාව තුළ ද දේශපාලන පක්ෂවලට එරෙහිව කතා කළේය. එක්සත් ජනපදයේ වර්තමාන එකම පක්ෂ විරහිත ආණ්ඩුක‍්‍රමය වන්නේ නෙබුස්කා හි (Nebraska) ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකයයි. බොහෝ නගර හා කෝරළ ආණ්ඩු පක්ෂ රහිත ය. කැනඩාවේ, වයඹ දිග කලාපයන්හි ව්‍යවස්ථාදායකයන් සහ නුනාවුට් (Nunavut) හි පවතින්නේ පක්ෂ රහිත ක‍්‍රමයකි. මෙය වඩාත් ජනප‍්‍රිය වන්නේ රාජ්‍යයෙන් පිටත ආයතන තුළය. දේශපාලන පක්ෂවලට විරුද්ධ යම් නීතියක් පවතින්නේ නම් මිස, මෙබඳු ක‍්‍රම තුළ ද පසුකාලීනව පක්ෂ බවට පරිවර්තනය විය හැකි බොහෝ බෙදීම් දක්නට ලැබේ.
 
"https://si.wikipedia.org/wiki/දේශපාලන_පක්ෂ_ක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි