"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
91 පේළිය:
[[Image:Max_Weber_1917.jpg|thumb|left|නීතිඥයකු ලෙස කටයුතු කළ මැක්ස් වෙබර්, සමාජ විද්‍යාවේ මෙන්ම නීතිය පිළිබඳ සමාජ විද්‍යාවේ ද ආරම්භකයා ලෙස සැලකේ.]]
 
නීතියේ සමාජ විද්‍යාව වූ කලී, නීතිය හා එහි සමාජානුයෝජනය පිළිබඳ ව සොයා බලන විවිධ හැඩතල ගත් ක්ෂේත‍්‍රයකි. නීතියේ සමාජ විද්‍යාව, නීති විද්‍යාව, නීතිය පිළිබඳ ආර්ථික විග‍්‍රහය හා අපරාධ විද්‍යාව වැනි විශේෂිත විෂයන් හා එක්ව ගමන් කරයි. නෛතික ආයතන සහ නෛතික කරණු හා ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම පිළිබඳ ව ද සොයා බලයි. මුලදී, මෙම විෂය පිළිබඳ ව නීතිය පිළිබඳ න්‍යායවාදීහූ සැක සහිත වූහ. නීතිඥවරුන් විසින් භාවිත කරනු ලබන ප‍්‍රායෝගික නීතිය සහ එදිනෙදා ජීවිතයට අදාළ වන්නා වූ වෙනත් ආකාරවල නීතිය, නීතිය හෝ සමාජීය මූලධර්ම අතර වෙනස පිළිබඳ ව අවධාරණය කළ ඉයුජින් අර්ලීරිච් :ෑමටැබ ෑයරකසජය* හට කෙල්සන් :ණැකිැබ* අභියෝග කළේය. 1900 ගණන්වලදී, මැක්ස් වෙබ්ර් සිය නීතිය පිළිබඳ විද්‍යාත්මක ප‍්‍රවේශය හඳුන්වා දුන්නේය. ඔහු ‘නෛතික තර්කානුකූල ව්‍යුහය’, සංක්ෂිප්ත මූලධර්මයක් මිස ජනතාව වෙත පැවරෙන්නක් නොවන බවට තර්ක කළේය. ධනවාදය සමග සමාන්තරව වර්ධනය වූ, නූතන දේශපාලනික වර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍ය සඳහා පසුබිම සකස් කළ ඒකීය නීති පද්ධතියක් හැඳින්වීමට ඔහු යොදා ගත් යෙදුම වූයේ ‘නෛතික තර්කානුකූලභාවය’යි. වෙනත් සමාජවාදියකු වු එමිල් ඩුර්කයිම් :ෑපසක මරනයැසප*ලිඔයැ ෘසඩසිසදබ දෙ ඛ්ඉදමර සබ ීදජසැඑහ’ ග‍්‍රන්ථය ලියමින් තර්ක කළේ, සමාජය වඩාත් සංකීර්ණ වන විට, මූලිකව ප‍්‍රතිකර්ම සහ වන්දි පිළිබඳ ව අදාළ වන්නා වූ සිවිල් නීතිය, අපරාධ නීතිය සහ දඬුවම් පැමිණවීම දක්වා වර්ධනය වන බවයි. අනෙකුත් මුල්කාලීන වැදගත් නෛතික සමාජ විද්‍යාඥයින් කිහිප දෙනෙක් නම්, හියුගෝ සින්සිමර් :්‍යමටද ීසබ‘යැසපැර* තියඩෝර් ගයිගර් :ඔයැදා්ර ඨැසටැර* ජෝර්ජස් ගර්විච් :ඨැදරටැි ඨමරඩසඑජය* සහ යුරෝපයේ ලියොන් පෙට්‍රොස්කි :ඛැදබ ඡුැඑර්‘හජනස* සහ එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සමර් :උසකකස්ප ඨර්ය්ප ීමපපැර* යනාදීහු ය.
 
==නීතියේ දර්ශනවාදය==
[[File:Jeremy_Bentham_by_Henry_William_Pickersgill_detail.jpg|thumb|20 වැනි ශතවර්ෂය දක්වා බෙන්තම්ස්ගේ උපයෝග්‍යවාදී සිද්ධාන්ත ප්‍රධාන වශයෙන් නීතියෙහි භාවිතා වී ඇත]]
නීතියේ දර්ශනවාදය නීතියේ දර්ශනවාදය නීති විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ. ප්‍රමාණික නීති විද්‍යාව මූලිකවම දේශපාලන දර්ශනවාදය වන අතර නීතිය කෙසේ විය යුතු ද යන පැනය අසයි. විශ්ලේෂණාත්මක නීති විද්‍යාව අනෙක් අතට වෙනම ක්ෂේත්‍රයක් වන අතර නීතිය යනු කුමක් දයන පැනය අසයි. මුල්කාලීන නීති දර්ශනවාදියකු වන ජෝන් ඔස්ටින් (ජෙරමි බෙන්තම් ගේ ශිෂ්‍යකු වන) 1829 සිට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ නීතියේ මුල් පුටුවට පත් විය. ඔස්ටින් ගේ නීතිය පිළිබඳ උපයෝගිතාවාදී පිළිතුර වූයේ නීතිය යනූ දණ්ඩනයක් ලබාදෙන බවට කරනු ලබන තර්ජනයක ආධාරයෙන් ජනතාව යටහත් පහත් ලෙස කීකරු වන පරම බලධාරියෙකු විසින් කරනු ලබන අණකිරීමක ලෙසය. මෙම අදහස විශේෂයෙන් ම ස්වාභාවික නීති සිද්ධාන්තයට විකල්පයක ලෙස බොහෝ කාලයක් පිළිගැනීමට ලක් විය. ජීන් ජැක්ස් රූසෝ වැනි ස්වාභාවික නීතිඥයින් ගේ තර්කය වූයේ මනුෂ්‍යය නීතිය තුලින් සදාචාරය සහ නොවෙනස් වන ස්වාභාව ධර්මයේ නීති හෙඳින් පිළිඹිඹු වන බවයි. ඉම්මැනුවෙල් කාන්ට් ගේ අදහස වූයේ ස්වාභාව ධර්මයේ පවතින පොදුනීතිය වුවත් තෝරාගනු ලැබීමය නම් නීතිය සදාචරයට අනුකූල වීම අවශ්‍යය වේ. ඔස්ටින් සහ බෙන්තම් අනුගමනය කළ ඩේවිඩ් හියුම් නීතිය යනු කුමක් ද සහ නීතිය කුමක් විය යුතු ද යන්න සමඟ ඒකාබද්ධ කල යුතු බවට අදකස් කරන ලදී. ඔවුන් විශ්වාස කරනු ලැබුවේ නියම නීතිය සම්පූර්ණයෙන්ම සදාචාරයෙන් වෙන්විය යුතුය යන නීතියේ ප්‍රත්‍යක්ෂවාදයයි. ෆෙඩ්රිච් නිට්ස්චේ කාන්ට් ව ද විවේචනය කරමින් පැවසුුවේ නීතිය හට ගන්නේ බලය සඳහා අභිප්‍රායෙන් බවත් සහ සදාචාරාත්මක සහ සදාචාර විරෝධී ලෙස නීතිය වර්ග කල නොහැකි බවත් ය. මෙලෙස නිට්ස්චේ සමානාත්මතා සංකල්පය ද විවේචනය කරන ලද අතර බලය සඳහා අභිප්‍රායෙන් කටයුතු කිරීමට නීතිය විසින් ඉඩ සැලසිය යුතු බව විශ්වාස කරන ලදී. ඔස්ට්‍රියානු දාර්ශනික හාන්ස් කෙල්සන් 1934 දී ශුද්ධ නීති සිද්ධාන්තය නමැති ප්‍රකාශනය තුලින් ප්‍රත්‍යක්ෂවාදී සම්ප්‍රදාය තව දුරටත් ඉදිරියට ගෙන යන ලදී. කලේසන් නීතිය සදාචාරයෙන් වෙන්ව පැවතිය යුතු බව විශ්වාස කල ද ප්‍රතිමාමක සම්පන්න හෙවත් අප ඊට කීකරු විය යුතු බව පැවසීය.නීතිය යනු ධනාත්මක ප්‍රකාශන වන අතර අප කල යුත්තේ කුමක් ද යන්න පැහැදි ලි කරයි. එමනිසා අප නීතියට අවනත විය යුතු බවට පවසන උපකල්පිත මූලික නියමයක් (ඝරඋනඩනඔරම) සෑම නීති පද්ධතියකම ඇත. කෙල්සන් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කාල් ස්මිට් දේශපාලන තත්වයන් සහ තීරණ සඳහා උපුටා ගනු ලබන ප්‍රතිමානක මූලධර්ම නොපිළිගන්නා නිසා ප්‍රත්‍යක්ෂවාදය සහ නීතියේ පාලනය ප්‍රතික්ෂේප කරයි. පසුකාලීනව 20 වන සියවසේ දී එච්. එල්. ඒ හාට් ඔස්ටින්ගේ සරල කිරීමටත් කෙල්සන් ගේ නීති සංකල්පයේ ප්‍රබන්ධයටත් විරුද්ධව අදහස් ඉදිරිපත් කරන ලදී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා ලෙස නීතිය යනු න්‍යායන් පද්ධතියක් බවට තර්ක කරන ලදී. හාට් න්‍යායන් ප්‍රාථමික න්‍යායන් (හැසිරීමේ න්‍යායන්) සහ ද්වීතීක න්‍යායන් (ප්‍රාථමික න්‍යායන් පාලනය සඳහා නිලඳාරීන්ට අමතන න්‍යායන්) ලෙස බෙදා දැක්වීය. ද්වීතීක න්‍යායන් තව දුරටත් විනිශ්චය න්‍යායන් (නීතිමය ගැටළු විසඳීමට) පරිවර්තන න්‍යායන් (නිතිය සංශෝධනය කිරීමට අවසර දෙන) සහ හඳුනා ගැනීමේ න්‍යායන් (වලංගු බවට හඳුනා ගැනීමට අවසර දෙන) ලෙස බෙදා දක්වන ලදී.
 
හාට් ගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම වාදය එතැන් පටන් ඉදිරියට ගෙනයන ලදී. හාට්ගෙන් පසුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාවේ ප්‍රධානියා වූ ද ඔහුගේ අනුගාමිකයා වූ ද රොනල්ඩ් ඩ්වෝර්කින් ඔහුව ප්‍රබල ලෙසම විවේචනය ලරන ලද පුද්ගලයා ද විය. ඔහුගේ ළඅත'ස ුමපඉරඑ නමැති ග්‍රන්ථය මඟින් නීතිය සදාචාරාත්මක කාරණයක් බව සැලකීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු හාට් සහ ප්‍රත්‍යක්ෂවාදීන් ට දරුණු ලෙස පහර දුනි. ඔහුගේ තර්කය වූයේ නීතිය යනු විනිසුරූවන්ට ව්‍යවස්ථා සම්ප්‍රදායන්ට අනුව නීතිමය ගැටළුවකට සරිලන හොඳම සහ වඩා යුක්ති සහගත විසඳුම සොයා ගැනීම සඳහා උපකාරී වන අර්ථය විදහා දක්වන සංකල්පයක් බවය. අනික් ශිෂ්‍යයා වූ ජෝසප් රාස්(ඤ) ප්‍රත්‍යක්ෂවාදීන්ගේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටි අතර හාට්ගේ ඨහඑ ංඋටහඔරඉටය ඔෆ ළඅත හි සඳහන් වන මෘදු සමාජ නිබන්ධය විවේචනය කරන ලදී. රාස්(ඤ) සදාචාරාත්මක හේතු දැක්වීමකට යොමු නොවී සමාජ ප්‍රභවයන්ගෙන් පමණක් නීතියේ අධිකාරීත්වය හඳුනා ගත හැකි බවට තර්ක කරන ලදී.
 
== නීතිය, හමුදාව හා පොලීසිය ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි