"වෛරස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
VI: [[ssRNA-RT virus]]es<br />
VII: [[dsDNA-RT virus]]es}}
'''වෛරස'''යක් යනු (ලතින් භාෂාවෙන් විෂ හෝ ධුලක යන තේරුම ඇත) අන්වීක්ෂීය රෝග කාරක ද්‍රව්‍යයක් වන අතර එය දාරක සෛලයකින් පිටත ප්‍රජනනය හා වර්ධනයට අපොහොසත් වේ. වෛරස අංශුවක් හෝ Virion කොටසක ආරක්ෂිත ප්‍රෝටීන සිවියක් වු කැප්සිඩය තුළ පිහිටි [[ඩිඩී.එන්.ඒ.]] හෝ [[ආර්.එන්.ඒ.]] ප්‍රවේනි ද්‍රව්‍ය ඇත. මෙම කැප්සිඩයේ හැඩය සරල හෙලිප්සීය සහ විසංතිතල හැඩවල සිට වඩාත් සංකීර්ණ ව්‍යුහයක් ඇති දිගු වලිගයක් සහ ආවරණ කවරයක් සහිත විය හැකිය. මෙම වෛරස වලට සතුන්, ශාක, බැක්ටිරියාවන් ආසාදනය කළ හැකිය.
 
ජීව විද්‍යාඥයින්ට අනුව වෛරසයක් යනු ජීවි විශ්ෂයක් ද නැද්ද යන්න තවමත් මතභේදාත්මකය. ඇතමුන් මෙය අජීවි ද්‍රව්‍යයක් ලෙස සලකනුයේ ජීවි යයි විග්‍රහ කිරීමට අවශ්‍ය අංගයන් සම්පූර්ණ නොකරන බැවිනි. උදාහරණයක් ලෙස අනෙකුත් බොහෝ ජීවි විශේෂයන් මෙන් වෛරස සඳහා සෛල නොමැත. කෙසේ වුවත් වෛරස වලට ජාන පිහිටා ඇති අතර ඒවා ස්වාභාවික වරණය මගින් පරිණාමය වෙමින් පවතී. ඇතමුන් විග්‍රහ කරන අන්දමට වෛරස ජීවී බවේ එළිපත්තේ ඇති විශේෂයක් වේ. බොහෝ අවස්ථාවෙහි සිරුරේ ප්‍රතිශක්තිකරණය මගින් වෛරස සම්පුර්ණයෙන්ම විනාශ කරනු ලබයි. ප්‍රතිජීවක ඖෂධ වෛරස සඳහා ප්‍රයෝජනවත් නොවේ. නමුත් ඇතැම් අවස්ථා වලදී ජීවිතයට අවධානමක් එල්ල කරන ආසාදන වලට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රති වෛරස ඖෂධ භාවිතා වේ. ජීවිත ක‍ාලය මුළුල්ලේම ප්‍රතිශක්තියක් ලබාදෙන එන්නත් මගින් එම අදාල වෛරස ආසාදනය ඇතිවීම වැළැක්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/වෛරස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි