"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු බිඟුවා (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 123.231.42.48 ගේ අවසන් අනුවාදය වෙත
No edit summary
22 පේළිය:
අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.
== කක්ෂයේ ලක්ෂණ ==
 
ඉහත රූපයේ ෆෝබෝස් (Phobos) හා ඩෙයිමෝස් (Deimos) කක්ෂ පිහිටා ඇත. අඟහරුගේ උතුරු ධ්‍රැවයේ සිට එය දැකිය හැකය.
(‘ෆෝබෝස්’ හා ඩෙයිමෝස්’යනු අගහරුගේ උපග්‍රහයන් 2කකි.)
ෆෝබෝස් හි කක්ෂය අගහරුට ඉතා ආසන්නව පිහිටයි. මේ නිසා අසාමාන්‍ය ප්‍රතිඵල දැකිය හැකිය.
අගහරුගේ සිට බලන විට ෆෝබෝස් චන්ද්‍රයාගේ දර්ශනය පෘථිවියේ චන්ද්‍රයා පෙනෙන විශාලත්වය මෙන් 6400 ගුණයක් විශාලව පෙනේ. එමෙන්ම පෘථිවියේ චන්ද්‍රයා මෙන් 2500 ගුණයක් දීප්තිමත් වේ. අගහරුගේ අහසේ ¼ ක ප්‍රමාණයක් මෙම චන්ද්‍රයාගේ දර්ශනයෙන් වැසෙයි.
ෆෝබෝස් චන්ද්‍රයා පරිභ්‍රමණය වන්නේ අගහරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවටයි. නමුත් පරිභ්‍රමණ වේගය අගහරුගේ භ්‍රමණ වේගයට වඩා ඉතා වැඩි වේ. මේ හේතුවෙන් ෆෝබෝස් චන්ද්‍රයා බටහිරින් පායා, පැය 4 කින් පමණ නැගෙනහිරින් බැස යයි. දිනකට දෙවරක් මෙය සිදුවේ. (පැය 11 විනාඩි 6 කට වතාවක්) ෆෝබෝස් අක්ෂය සමකයට ආසන්න වේ. මේ හේතුවෙන් අංශක 70.4 ට ඉහළ අක්ෂාංශයන්ට මෙම චන්ද්‍රයා දැකිය නොහැකිය.
අගහරුගේ සමකයේ සිට ෆෝබෝස් චන්ද්‍රයාගේ විෂ්කම්භය පෘථිවියේ සිට, පෘථිවිය චන්ද්‍රයා දකින ආනතියෙන් 1/3 ක වෙනසක් දක්වයි. අක්ෂාංශවල අගය ඉහළ වන විට මෙම ආනතිය අඩු වේ. මෙ හේතුවෙන් ෆෝබෝස් හි දර්ශනය වන විශාලත්වය 45% ක පරාසයක විචලනය වේ. දෘෂ්‍ය ආනතිය ෆෝබෝස් පායන විටදී 0.140 ද, බැස යන විට 0.200 ද වේ. සූර්යයාගේ ආනතිය අගහරුට 0.350 ක් වේ.
 
'''සූර්යග්‍රහන'''
ෆෝබෝස් චන්ද්‍රයාගේ සමීප පිහිටීම නිසා නිරන්තර සූර්යග්‍රහන ඇතිවේ. නමුත් මේ සියල්ල අර්ධ සූර්යග්‍රහන වේ. පූර්ණ සූර්යග්‍රහණයක් සිදු කිරීමට තරම් ෆෝබෝස් විශාල නොවේ. මෙම අර්ධ සූර්යග්‍රහන අභ්‍යවකාශ යානාවලින් හා අගහරු මත ඇති රොබෝ යන්ත්‍ර වලින් ඡායාරූපගත කොට ඇත.
 
ෆෝබෝස් හි අනාගත ව්‍යසනය
ෆෝබෝස් ගේ ඉතා සමීප කක්ෂගත වීම නිසා අගහරුගේ ගුරුත්වය මගින් කක්ෂය තව ලං කරමින් තිබේ. එය වසර 100 කට මීටර් 1.8 ක ප්‍රමාණයක් වේ. උදම් බලයන්ගෙන් තුලනය වන සීමාව (Roche limit) ඉක්ම වූ විට ෆෝබෝස් හි අභ්‍යන්තර කුහර හා බිඳවැටීම් ඇති වේ. ඉන්පසු මෙම කැබලි අගහරු වටා කක්ෂ ගත වේ. නමුත් එයට තව වසර මිලියන 30 – 80 අතර කාලයක් ගත වේ.
==භූගර්භ විද්‍යාව==
කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි