"බ්‍රහස්පති ග්‍රහයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: hy:Յուպիտեր
No edit summary
168 පේළිය:
[[ගොනුව:Great_Red_Spot_From_Voyager_1.jpg|thumb|බ්‍රහස්පති ග්‍රහයාගේ මහා රතු ලපය සහ එහි වටපිටාව 1979 පෙබරවාරි 25 දී බ්‍රහස්පති ග්‍රහයාගේ සිට කිලෝමීටර 9.2 ක දුරක සිටි වෝයේජර් 1 අභ්‍යාවකාශයට දර්ශනය වූ අයුරැ.]]
 
'''බ්‍රහස්පති ග්‍රහයාගේ''' හදුනාගත් ප්‍රධානතම ලක්ෂණය වන්නේ මහා රතු ලපයයි. එය සමකයට 220 ක් දකුණිනි පිහිටි නිරන්තරයෙන් පවතින කුණාටු තත්වයයක් වන අතර එය පෘථිවියට වඩා විශාල වේ. වර්ෂ 1665 සිට ම එය තිබෙන්නට ඇති බව තහවුරැ වූතහවරුවූ අතර 1665 සිට ම එය තිබෙන්නට ඇතිබව විශ්වාස කෙර්. ගණිත ආදර්ශක වලින් යෝජනාවන්නේ මෙම කුණාටුව ස්ථායී බවත් එය බ්‍රහස්පති ගේ ස්ථිය ලක්ෂණයක් බවත් ය. පෘථිවියේ සිට දුරදක්න භාවිතයෙන් දැකගත හැකි තරම් මෙම කුණාටුව විශාලය.
 
 
202 පේළිය:
 
==බ්‍රහස්පතිගේ පර්යේෂණ හා ගවේෂණ==
 
ස්වයංක්‍රීය Voyoger I යානය භාවිතයෙන් 1973 පටන් බ්‍රහස්පති ගවේෂණය සිදු වේ. ප්‍රධානම ව්‍යාපෘතියක් වූ “Flybys” හිදී බ්‍රහස්පතිගේ කක්ෂයට ඇතුළු නොවී පරීක්ෂණ කටයුතු සිදුවිය. බ්‍රහස්පතිට කක්ෂගත වූ එකම යානය “ගැලීලියෝ යානයයි”. මෙම කක්ෂගත වීමට අපහසු වීමේ හේතුව, බ්‍රහස්පති වටා ඇති පාෂාණමය වැස්මයි. එමෙන්ම බ්‍රහස්පති දූවිල්ලෙන් සෑදි තිබීම හේතුවෙන් යානයට ගොඩබෑමට භූමියක් නොමැති වීමට කක්ෂයෙන් පිටත හිඳ පර්යේෂණ නියැළීමට හේතුවිණි.
මෙම ගවේෂණයන්හි දී, යානයේ වන්නේ වේගය හා බලයයි වඩාත් වැදගත් වේ. බලශක්තිය අවමයෙන් භාවිතා කර වේගයෙන් යාම වැදගත්ය. ගුරුත්වයේ බලපෑම අවම වන පරිදි අභ්‍යවකාශ ගත කර ශක්තිය ආරක්ෂාකරගත හැකිය. මෙම ශක්තිය delte V හෙවත් ප්‍රවේග මෙනයින් ගණන් බලයි. පෘථිවියේ සිට බ්‍රහස්පතිට ළංවීමට delte V 9.2 km/s අවශ්‍ය වේ. අභ්‍යවකාශ ගතවීමේ දී වැයවන ශක්තිය අඩුකර, එම ශක්තිය වැඩි වේගයෙන් යාමට උපයෝගී කර ගත හැකිය.
බ්‍රහස්පතිට චන්ද්‍රයන් 60 ට වැඩි ප්‍රමාණයක් ඇත. මේවායෙන් බොහෝමයක් පිළිබඳව අපගේ දැනුම අඩුය.
 
===භූමි දුරේක්ෂ පරීක්ෂණ===
 
1610 දී අයෝ, යුරෝපා, ගැනිමිඩ් හා කැලිස්ටෝ (ගැලීලියානු චන්ද්‍රයන් ලෙස දැන් හඳුන්වන) යන බ්‍රහස්පතිගේ විශාලම ග්‍රහයන් 4 ගැලීලියෝ ගැලිලි විසින් අනාවරණය කර ගන්නා ලදී. මේවා පෘථිවියට අයත් සඳු හැරුණු විට ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළ චන්ද්‍රයින් ලෙස සැලකේ. කෙසේ වුව ද සහශ්‍රක 2කට පමණ පෙර ක්‍රි.පූ.362 දී චීන තාරකා විද්‍යාඥයකු වූ ගෑන් ඩි පියවි ඇසින් බ්‍රහස්පතිගේ චන්ද්‍රයින් නිරීක්ෂණය කළ බවට තාරකා විද්‍යාව පිළිබඳ ඉතිහාසඥයකු වන චීන ජාතික ක්සි සෙ(z)සොන්ග් (Xi – Zezong)ප්‍රකාශ කරයි. පෘථිවි කේන්ද්‍රගත නොවූ බගෝල චලිතයක් (celestial motion) ප්‍රථම වරට සොයාගත්තේ ද ගැලීලියෝය. එය කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රගත ග්‍රහවස්තු චලිතය පිළිබඳ සිද්ධාන්තයට මහත් රුකුලක් විය. ගැලී‍ලියෝගේ ප්‍රකාශ මෙම කොපර්නිකස් සිද්ධාන්තයට දැක්වූ සහාය නිසා ඔහුට කතෝලික සභාවල තර්ජනයන්ට ද මුහුණ දීමට සිදු විය.
1660 ගණන්වලදී කැසිනි නව දුරේක්ෂයක් ආධාරයෙන් බ්‍රහස්පති‍ගේ ලප හා වර්ණ පටි ද එහි පැතලි ගෝලාකාර ස්වභාවය ද නිරීක්ෂණය ක‍ළේය. එනම් එය ධ්‍රැවාසන්නයේ දී පැතලි වී ඇත. ඔහු ග්‍රහයාගේ පරිභ්‍රමණ කාලය ද තක්සේරු කිරීමට සමත් විය. 1690 දී එහි වායුගෝලය විවිධ වෙනස්කම්, දක්වමින් භ්‍රමණයන්ට ද භාජනය වන බවට කැසිනි නිරීක්ෂණය කළේය.
"https://si.wikipedia.org/wiki/බ්‍රහස්පති_ග්‍රහයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි