"සිකුරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
පෘථිවියේ සිට ගත් හොඳම රේඩාර් ඡායාරූපය කි. මී. 50 ක පමණ පරාසයක විහිදේ.
 
== සිකුරු ග්‍රහයාගේ භාහිරබාහිර ස්වභාවය ==
 
සිකුරු යනු භූමියක් සහිත ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයට පෘථිවියද ඇතුළුව මෙවන් ග්‍රහලෝක 4 ක් ඇත. අනෙක් ග්‍රහලෝක වායුන්ගේ එකතුවකි. සිකුරු පෘථිවියට ඉතා සමානය. එහි විෂ්කම්භය පෘථිවියට වඩා කි. මී. 650 ක් අඩු වේ. ස්කන්ධය පෘථිවියේ ස්කන්ධයෙන් 81.5% ක් වේ. එනමුත් සිකුරුගේ අභ්‍යන්තර තත්ත්වයන් පෘථිවියට වඩා වෙනස්ය. එහි වායුගෝලයෙන් 96.5% කාබන්ඩයොක්සයිඩ් ද, 3.5% ක් නයිට්‍රජන් ද තිබේ.
103 පේළිය:
අභ්‍යන්තර සෞරග්‍රහ පද්ධතිය තුලින් ගමන් ගත් යානාවක් මගින් එකවර සිකුරැ ග්‍රහයා සහ හැලී වල්ගා තරැව අධ්‍යයනය කිරිමට 1985 දී සෝවියට් දේශය විසින් උත්සාහ ගත්තේය. එහිදී සිකුරැ ග්‍රහයාගේ වායුගෝලය පෙර සිතා සිටියාට වඩා කැලඹිමකින් යුක්ත බව සොයා ගැනුනි.
 
== සිකුරු පිළිබඳපිළිබද සිදුකළ පරීක්ෂණ අධ්‍යයනයන්==
 
Venero 7 යනු සිකුරු මතුපිට සිට දත්ත නිකුත් කිරීමට නිපදවූ යානයකි. මෙයට බාර් 180 ක පීඩනයක් දරාගත හැකිය. සිකුරුට ඇතුළු වීමට පෙර සීත කල මෙම යානය පැරෂුට් (Perochute) මගින් 1970 දෙසැම්බර් 5 සිකුරු මතට ගොඩබෑහ. නමුත් මෙම ගොඩබෑම ඉතා සාර්ථක නොවීය. යානාව බිදී නොගියත් ඉතා තද වැටීමකට ලක් වූ බව විශ්වාස කරයි. විනාඩි 23 ක් පෘෂ්ඨයේ උෂ්ණත්වය ගැන දුර්වල සංඥා දුන් යානය විනාශ විය.
Venera 8 යානය සිකුරු මත සිට විනාඩි 50 ක කාලයක් පුරා දත්ත සම්ප්‍රේෂණය (transmit) කළේය. Venera 9 හා Venera 10 යවන ලද්දේ ඉන්පසුවයි. Venera 10 පළමු වරට ඡායාරූපය සම්ප්‍රේෂණය කළේය. Venera 9 ආනත බෑවුමක්ද Venere 10 “Baselt” (ගිනිකදු පාෂාණ) වැනි ගලකද පතනය විය.
ගුරුත්ව ක්ෂේත්‍ර පිළිබද පරීක්ෂණය කිරීමට ඇමෙරිකාව යැවූ Marinor 10 යානය 1974 පෙබරවාරි 5 දින සිකුරු පසුකර බුධ දෙසට ගමන් කළේය. එහිදී සිකුරු ග්‍රහයාගේ සිට කි. මී. 5790 ක් දුරින් පිහිටි යානය ඡායාරූප 4000 කට වැඩි ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරනු ලැබිණි. UV උපයෝගී කරගත් විට පෘථිවියේ සිට නිරීක්ෂණය කළ නොහැකි වලාකුළු පවා හමුවිය.
අමෙරිකාවේ Pioneer Venus ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් 82 ක් සිදු විය.
Pioneer Venus Orbiter හි ප්‍රථම මෙහෙයුම වූයේ සිකුරු වටා යානයක් කක්ෂගත කිරීමයි. 1978 දෙසැම්බර් 4 කක්ෂගත කළ යානය වසර 13 කට වැඩි කාලයක් සිකුරු මතුපිට රැදෙමින් රේඩාර් මගින් පරීක්ෂා කළේය.
Pioneer Venus Multiprobe යටතේ නිරීක්ෂණ යානා 5 ක් 1978 දෙසැම්බර් 5 සිදු කළ අතර, මෙහිදී සිකුරුගේ සුලභ හා උණුසුම් වායු ප්‍රවාහ නිරීක්ෂණයට ලක් කලේය.
ඊලග වසරේ Venera 11 – 14 ලෙස යානා 4 ක් ගොඩබෑවේය. Venera 11 හා 12 මගින් විදුලි කුණාටු (Thunder Storm) නිරීක්ෂණය කරන ලදී. Venera 13 හා 14, 1982 මාර්තු 1 හා 5 දිනයන්ගේ පිළිවෙලින් ගොඩ බෑවේය. මෙම යානා ප්‍රථම වර්ණ ඡායාරූපය සම්ප්‍රේෂණය කළේය.
මේ සෑම යානාවක්ම සිකුරු මතුපිට පෘෂ්ඨයේ සිට කි. මී. 50 ක් ඉහළ සිට පැරෂුට් ආධාරයෙන් ගොඩබානා ලදී. පහල වායුගෝලයේ ඝනත්වය නිසා ගොඩබෑම නිවැරදිව විය. Venera 13 හා 14 “X raya Flourescence” වර්ණාවලි මානයක් (Spectrorreter) උපයෝගී කරගෙන පරීක්ෂා කළේය. Venera 15 හා 16 යානා සිකුරු පෘෂ්ඨය “Synthetic aperture redar” භාවිතයෙන් නිරීක්ෂණය කළේය. එම යානා 2 සමග Venera ව්‍යාපෘතිය අවසන් විය.
රුසියාව 1985 දී සිකුරු හා හේලී ධූමකේතුව නිරීක්ෂණයට ව්‍යාපෘතියක් ඇරඹීය. ධූමකේතුව නිරීක්ෂණයට පෙර Vega ව්‍යාපෘතියට අයත් යානා 2 ක් සිකුරු මතට නිරීක්ෂණ යානා යැවීම සිදු කළේය. Vega 1 යානයෙන් මෙම ක්‍රියාව සාර්ථකව සිදු නොවීය. බැලුන ආධාරයෙන් චලනය වූ මෙම නිරීක්ෂණ යානා ගුවන්ගත විය. මෙම බැලුන සිකුරු මතුපිට සිට කි. මී. 53ක් ඉහළ ලක්ෂයකට පැමිණියේය. මෙම ලක්ෂයේ පීඩනය පෘථිවි පීඩනයට සමාන විය. පැය 46 ක් වූ සම්ප්‍රේෂිත දත්ත වලින් සිකුරු මතුපිට තද සුළං හා ප්‍රබල සංවහන ධාරා (Convection Cell) ඇති බව සොයා ගැනුනි.
 
== සිකුරු පිළිබඳ අධ්‍යයනයන් ==
 
===අතීත අධ්‍යයනයන්===
"https://si.wikipedia.org/wiki/සිකුරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි