"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.2) (රොබෝ එකතු කරමින්: oc:Engenhariá
No edit summary
1 පේළිය:
[[Image:Maquina vapor Watt ETSIIM.jpg|thumb|350px|වොට් හුමාල එන්ජිම.]]
[[Image:Maquina vapor Watt ETSIIM.jpg|thumb|350px|<!--The [[Watt steam engine]], a major driver in the [[industrial revolution]], underscores the importance of engineering in modern history. This model is on display at the main building of the ETSIIM in Madrid, Spain-->]]
 
'''ඉංජිනේරු විද්‍යාව''' යනු, අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම ඉවහල්වන අමුද්‍රව්‍ය, ව්‍යවුහයන්, යන්ත්‍ර, උපාංග, පද්ධති හා ක්‍රියාවලි නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක දැනුම යොදා ගැනීම හා ස්වාභාවික නීතීන් හා භෞතික සම්පත් යොදා ගැනීමේ වෘත්තියයි. වෘත්තිය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඉංජිනේරු කවුන්සිලය (ECPD) ඉංජිනේරු විද්‍යාව පහත ලෙස නිර්වචනය කර ඇත.
9 පේළිය:
ඉංජිනේරුකරණයේ විවිධ අංශයන් විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අදාළව විශාල පරාසයක් පුරා පැතිරී ඇත.
 
==ඉංජිනේරු විද්‍යාවේ දී පරිගණක භාවිතය==
[[Image:CFD Shuttle.jpg|thumb|left|225px|අභ්‍යවකාශ යානාවක් නැවත ඇතුලුවීමේ දී එය වටා ඉහළ ප්‍රවේශයක් සහිත සුළග හමායන අයුරු පරිගණකයකින් අනුරූපනය කර ඇති අයුරු.]]
නවීන විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතු සදහා පරිගණක හ පරිගණක මෘදුකාංග බෙහෙවින් වැදගත් වේ. ව්‍යාපාර කටයුතු වල දී භාවිතා කරන මෘදුකාංග මෙන්ම ඉංජිනේරු කටයුතු වල දී ද ඒ සඳහාම විශේෂිත වූ පරිගණක ආශ්‍රිත මුලික භෞතික ක්‍රියාවලීන් හි ආකෘතීන් සෑදිය හැකි අතර ඒවා සංඛ්‍යාත්මක ක්‍රම මගින් විසදිය හැකි වේ.
 
ඉතා පහුලව භෘවිතා කරන CAD (Computer - aided design) මෘදුකාංගය ඉංජිනේරුවන් හට ත්‍රිමාණ ආකෘතීන් හා ද්විමාන රූප නිර්මාණය කිරිමට ද තම නිර්මාණයන් හි දළ නිරූපණය සඳහා උපකාරී වේ. CAD මෘදුකාංගය, DMU (Digital mockup) සහ CAE මෘදුකාංග (Finite element method analysis වැනි) ඉංජිනේරුවන් හට තමා නිර්මාණ‍යන් හි ආකෘතීන් ගොඩනගා ඒවා අධ්‍යයනය කිරීමට උපකාරී වේ. මෙහිදී අධික වියදමක් දරමින් හා වැඩි කාලයක් ගත කරමින් භෞතික මුලාකෘතින් සෑදීම අවශ්‍ය නොවේ. මෙමගින් නිෂ්පාදනයන් සහ උපාංග වල ඇති දුර්වලතා නිරීක්ෂණය, යෝග්‍යතාව පරීක්ෂා කිරීම, ඒවා එකට එකතු කිරීම සහ ඒවා අධ්‍යයනය කිරීම සිදු කළ හැක. තවද පද්ධතියක උෂ්ණත්වය, ආතතිය, විද්‍යුත් චුම්බක විමෝචනය, විද්‍යුත් ධාරාවන් හා වෝල්ටීයතාව, ඩිජිටල් ලොජික් ලෙවල්ස්, තරල ප්‍රවාහයන් හා ප්‍රගතිය (kinematics) යන ස්ථිතික හා ගතික ගති ලක්ෂණ ද මෙහි දී අධ්‍යයනය කළ හැක. මෙම තොරතුරු පරිශීලනය හා බෙදා හැරීම සාමාන්‍යයෙන් සංවිධානය කරනු ලබන්නේ නිෂ්පාදන දත්ත කළමණාකරණ (Product data management) මෘදුකාංග මගිනි.
 
ඉංජිනේරු වෘත්තිය සදහා විශේෂ වූ තවත් මෙවලම් අතුරින් කිහිපයක් ලෙස CNC යන්ත්‍ර ආශ්‍රිත පුහුණුව සදහා භාවිතා වන CAM මෘදුකාංගය, නිෂ්පාදන ඉංජිනේරු අංශය සදහා වන නිෂ්පාදන ක්‍රියාවලි කලමණාකරණ (Manufacturing process management) මෘදුකාංගය, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් සදහා PCB (Printed circuit board) සහ පරිපථ සටහන් සදහා වූ EDA, නඩත්තු කලමණාකරණය සදහා MRO භාවිතය සහ සිවිල් ඉංජිනේරු වෘත්තියේ දී AEC මෘදුකාංගය දැක්විය හැක.
 
මෑත කාලයේ දී නිෂ්පාදනයන්ගේ වර්ධනය සදහා පරිගණක මෘදුකාංග භාවිතය PLM (Product Lifecycle Management) ලෙස හඳුන්වනු ලැබේ.
 
[[ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි