"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
343 පේළිය:
 
* '''ස්වභාවික වරණය''' විකෘති වල බලපෑම් අවම කරන අයුරින් ප්‍රවේණි කේතයේ කෝඩෝන නියම වීමට මූලික විය. මෑතක ඉදිරිපත් කෙරුණු කල්පිතයකින් කියැවුණේ ත්‍රිත්ව කේත වල ගොඩනැඟීම සිදුවුණේ ත්‍රිත්ව කෝඩෝන වලට වඩා දිගින් වැඩි කේත වලින් බවයි (චතුෂ්ක කෝඩෝන වැනි). ත්‍රිත්ව විකේතනයේදී ට වඩා, දිගින් වැඩි කෝඩෝන විකේත‍නයේ දී අතිරික්තතාව ඉහළ ප්‍රතිශතයකින් දැකිය හැකි අතර ත්‍රිත්ව විකේතනයේදී ට වඩා වැඩි දෝෂ ප්‍රතිරෝධතාවයක් දක්වයි. මෙම ලක්ෂණය සෛල රයිබසෝම ගොඩනැඟීම ආරම්භ කිරීමට පෙර පැවති ආකාරයේ ඉතා සංකීර්ණ පරිවර්තන ක්‍රියාවලීන්හි දී වඩා නිවැරදි විකේතනයක‍ට ඉඩ සලස්වයි.
 
* '''තොරතුරු නාලිකා:''' සෛද්ධාන්තික තොරතුරු ප්‍රවේශයන්ට අනුව ප්‍රවේණික කේතය යනු දෝෂ අවම තොරතුරු නාලිකාවකි. සෑම විටම නාලිකාවක නිසගව පවතින දෝෂ ජීවීන් කෙරේ මූලික ප්‍රශ්නයක් මතු කරයි. එනම් නිවැරදිව හා කාර්යක්ෂමව තොරතුරු පරිවර්තනය කරමින් දෝෂ වල බලපෑම හමුවේ නොබිඳී පවතින ප්‍රවේණි කේතයක් ගොඩනගන්නේ කෙසේ ද? යන්නයි. මෙම අනුපාතික විකෘති ආකෘතිය ඉදිරිපත් කරන ආකාරයට ප්‍රවේණි කේතයේ සම්භවය සිදුව ඇත්තේ එකිනෙකට විරුද්ධ පරිණාමීය බලපෑම් 3ක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසාය. ඒවානම්, වෙනස් ඇමයිනෝ අම්ල වල අවශ්‍යතාව, දෝෂ වලට ඔරොත්තු දීමේ හැකියාව හා සම්පත් අවම ලෙස භාවිත කිරීම යන ඒවායි. කේත එළිදරවු වීම සිදු වන්නේ කේතීකරණ සංක්‍රාන්තියක දී ය. එනම් කෝඩෝන, ඇමයිනෝ අම්ල හා සිතියම්ගත වීම තවදුරටත් අහඹුව සිදුනොවන විටකදී ය. කේත වල මෙම එළිදරවු වීම, සසම්භාවී දෝෂ මගින් අර්ථ ගැන්වුණු ස්ථලකයකින් පාලන‍ය වන අතර සිතියම් වර්ණ ගැන්වීමේ ගැටළුව හා සබඳතාවක් දක්වයි.<ref name="pmid 20558115">{{cite journal | author = Tlusty T | title = A colorful origin for the genetic code: Information theory, statistical mechanics and the emergence of molecular codes| journal = Phys. Life. Rev. | volume = 7 | issue = 3 | pages = 362–376 | year = 2010 | month = Sept | pmid = 20558115 | doi = 10.1016/j.plrev.2010.06.002 }}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි