"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
93 පේළිය:
 
නීතියේ සමාජ විද්‍යාව වූ කලී, නීතිය හා එහි සමාජානුයෝජනය පිළිබඳ ව සොයා බලන විවිධ හැඩතල ගත් ක්ෂේත‍්‍රයකි. නීතියේ සමාජ විද්‍යාව, නීති විද්‍යාව, නීතිය පිළිබඳ ආර්ථික විග‍්‍රහය හා අපරාධ විද්‍යාව වැනි විශේෂිත විෂයන් හා එක්ව ගමන් කරයි. නෛතික ආයතන සහ නෛතික කරණු හා ක‍්‍රමයන්හි සමාජීය ගොඩනැංවීම පිළිබඳ ව ද සොයා බලයි. මුලදී, මෙම විෂය පිළිබඳ ව නීතිය පිළිබඳ න්‍යායවාදීහූ සැක සහිත වූහ. නීතිඥවරුන් විසින් භාවිත කරනු ලබන ප‍්‍රායෝගික නීතිය සහ එදිනෙදා ජීවිතයට අදාළ වන්නා වූ වෙනත් ආකාරවල නීතිය, නීතිය හෝ සමාජීය මූලධර්ම අතර වෙනස පිළිබඳ ව අවධාරණය කළ ඉයුජින් අර්ලීරිච් :ෑමටැබ ෑයරකසජය* හට කෙල්සන් :ණැකිැබ* අභියෝග කළේය. 1900 ගණන්වලදී, මැක්ස් වෙබ්ර් සිය නීතිය පිළිබඳ විද්‍යාත්මක ප‍්‍රවේශය හඳුන්වා දුන්නේය. ඔහු ‘නෛතික තර්කානුකූල ව්‍යුහය’, සංක්ෂිප්ත මූලධර්මයක් මිස ජනතාව වෙත පැවරෙන්නක් නොවන බවට තර්ක කළේය. ධනවාදය සමග සමාන්තරව වර්ධනය වූ, නූතන දේශපාලනික වර්ධනයන් හා නූතන නිලධාරිවාදී රාජ්‍ය සඳහා පසුබිම සකස් කළ ඒකීය නීති පද්ධතියක් හැඳින්වීමට ඔහු යොදා ගත් යෙදුම වූයේ ‘නෛතික තර්කානුකූලභාවය’යි. වෙනත් සමාජවාදියකු වු එමිල් ඩුර්කයිම් :ෑපසක මරනයැසප*ලිඔයැ ෘසඩසිසදබ දෙ ඛ්ඉදමර සබ ීදජසැඑහ’ ග‍්‍රන්ථය ලියමින් තර්ක කළේ, සමාජය වඩාත් සංකීර්ණ වන විට, මූලිකව ප‍්‍රතිකර්ම සහ වන්දි පිළිබඳ ව අදාළ වන්නා වූ සිවිල් නීතිය, අපරාධ නීතිය සහ දඬුවම් පැමිණවීම දක්වා වර්ධනය වන බවයි. අනෙකුත් මුල්කාලීන වැදගත් නෛතික සමාජ විද්‍යාඥයින් කිහිප දෙනෙක් නම්, හියුගෝ සින්සිමර් :්‍යමටද ීසබ‘යැසපැර* තියඩෝර් ගයිගර් :ඔයැදා්ර ඨැසටැර* ජෝර්ජස් ගර්විච් :ඨැදරටැි ඨමරඩසඑජය* සහ යුරෝපයේ ලියොන් පෙට්‍රොස්කි :ඛැදබ ඡුැඑර්‘හජනස* සහ එක්සත් ජනපදයේ විලියම් ග‍්‍රැහැම් සමර් :උසකකස්ප ඨර්ය්ප ීමපපැර* යනාදීහු ය.
 
== නීතිය, හමුදාව හා පොලීසිය ==
හමුදාව හා පොලීසිය සමහර තැනකදී ”නීතියේ දීර්ඝකාලීන හා ශක්තිමත් අවයවය” ලෙස හඳුන්වනු ලැබේ. හමුදාමය ආයතන ආණ්ඩු පවතින තාක් කල් පැවතුණු ආයතන වුවද, පොලීසිය වනාහී සාපේක්‍ෂව නූතන ආයතනයකි. මධ්‍යකාලීන එංගලන්ත අපරාධ අධිකරණ, නොඑසේ නම් ආදර්ශ අධිකරණ විසින් සමාජය තැති ගැන්වීම හා පාලනය කිරීම සඳහා ප‍්‍රදර්ශනාත්මක නඩු විභාග හා මරණ දඬුවම් උපයෝගී කර ගත්තේය. පැරිස් අභ්‍යන්තර පොලීසිය විසින් තමන් ලොව පළමු නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා නමුත්, පළමු නූතන පොලීසිය විය හැක්කේ 17 වන සියවසේ ඃ,¼ ලූවී රජුගේ අධිකරණය යටතේ පැවති පැරිස් පොලීසියයි. ප‍්‍රංශ විප්ලවයෙන් සහ නැපෝලියන්ගේ පාලනයෙන් පසුව, 1829 දී පැරීසිය හා අනෙකුත් ප‍්‍රංශ නගර සඳහා ප‍්‍රංශ රජය විසින් ‘නගර සාර්ජන්වරුන්’ යනුවෙන් :ිැරටැබඑි ාැ ඩසකකැ* නිල ඇඳුම් දරන පොලීසියක් පිහිටුවන ලදී. බි‍්‍රතාන්‍යයේ 1829 දී, දේශීය ලේකම් සර් රොබට් පීල් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ මෙට්‍රොපොලිටන් පොලිස් පනත මගින් බි‍්‍රතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය බිහි විය.
 
සමාජ විද්‍යාඥ මැක්ස් වෙබර් තර්ක කරනුයේ, ප‍්‍රචණ්ඩකාරී මාර්ගවලින් නීත්‍යානුකූල ඒකාධිකාරය පාලනය කරන්නේ රාජ්‍යය විසින් බවයි. රජයේ හෝ අධිකරණවල ඉල්ලීම මත හමුදාව හා පොලීසිය විසින් බලය ක‍්‍රියාත්මක කරනු ලැබේ. පොලීසිය සහ හමුදාව තවදුරටත් ආරක්ෂාව හා පාලනය ගෙන යනු නොලබන රජයක් නොමැතිව අරාජිකත්වයට ගිය රාජ්‍ය ‘අසාර්ථක රාජ්‍යයන්’ ලෙස හඳුන්වනු ලැබේ.
 
 
== මේ අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි