"ඔපෙරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:Palais_Garnier.jpg|thumb| ලෝකයේ ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවක්, පැරිසීය]]
 
== ඔපෙරා යනු ==
 
ඔපෙරා යනු ගායකයන් හා සංගීතඥයින් විසින් නාට්‍යාකාරව ඉදිරිපත් කරන්නා වු කලා විශේෂකි. මෙය සංගීතයන් හා පාඨයන් එක්ව තැනෙන්නෙකි. ඔපෙරා පසුතලය රංගනය, වේශයන් හා සමහරක් විට නැටුමෙන් මෙන්ම නාට්‍යශාලාවල මුලිකාංග සඳහාද දායක වේ. ඔපෙරාව බටහිර සම්භාව්‍ය සංගීත සාම්ප්‍රදායේ කොටසකි. බෝහෝ දුරට ඔපෙරා සමුහ වාද්‍ය වෘන්දයක හෝ කුඩා වාදක මඩුල්ලක සහය ඇතුව ඉදිරිපත් කරයි.
 
ඔපෙරා ආරම්භ වන්නේ ඉතාලියේය.ඒ 16 වැනි සියවසේ අවසානය සමඟිනි. (පෙරිගේ නැතිවුණු "Dafne" කෘතිය) මේ කලාව ඉතා ඉක්මණින් යුරෝපය හරහා පැතිර ගියේය. ජර්මනියේ ස්චවුට්ස් (Schutz)හි හා එංගලන්තයේ පර්සෙල් (Purcell) නගරවල 17 වැනි සියවසේදී ජාතික සම්ප්‍රදායක් ලෙස ව්‍යාප්ත කෙරිණි. කෙසේ නමුත් 18 වැනි සියවසේ දී ඉතාලි ඔපෙරාව, ප්‍රංශය හැරුනුකොට එංගලන්තය පුරා විදෙස් නිර්මාණකරුවන් (handel වැනි) ද වශී කරමින් අභිභවනය කළේය. ග්ලක් (Gluck) විසින් වර්ෂ 1760 දී ප්‍රතිසංස්කරණය කරන ලද ඔපෙරා සිරිය (Opera seria) නම් ඔපෙරාව ගෙන එන තෙක්ම එම රටවල, ඉතාලියානු ඔපෙරාව ගෞරවාන්විතව වැජඹිණි.අද වන විට ඔපෙරා සම්ප්‍රදායේ ලෝ ප්‍රකට පුද්ගලයා වන්නේ මෝසාට්ය.ඔහු විසින් Opera seria කලාවෙන් The marriage of Figaro, Don Giovanni, Cosi Fan tutte ජර්මනියේ සංකේත බදුවු Magical Flute ආදී හාස්‍යමය ඔපෙරාවන් නිර්මාණය කළේය. අදටත් bel canto ශෛලියට අනුව රඟ දැක්වෙන Rossini, Donizetti සහ Bellini වැනි 19 වැනි සියවසේ කැපී පෙනුණු ඔපෙරා ශෛලීන් වේ. ජර්මනියේ වැග්නර් (Wagner) හා ඉතාලියේ වර්ඩි(Verdi), ආදී නිර්මාණ නිසා 19 වැනි සියවස ඔපෙරාවේ ස්වර්ණමය යුගය බවට පත් විණි. මෙය ස්වර්ග යුගය, ඉතාලියේ වෙරිස්මෝ (verismo) සමය, සමකාලීන ප්‍රංශ ඔපෙරාවේ පටන්, 20 වැනි සියවසේ Puccini සහ Strauss සමය දක්වා වර්ධනය විය. 19 වැනි සියවස තුළ මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේත්, රුසියාව හා බොහිමියාවේත්, ඊට සමගාමීව සාම්ප්‍රදායික ඔපෙරාවන් ආරම්භ විණි. 20 වැනි සියේදී ඇටොනැලිටි (atonality) හා serialism (Schoenberg හා Berg), නව සම්භාව්‍ය වාදය (Neo - classicism (Stravinsky)), සහ minimalism (පිලිප් ග්ලාස් සහ ජෝන් ඇඩම්ස්) වැනි නුතන අත්හදා බැලීම් අත්වින්දහ. පටිගත කිරීමේ කලාවේ ආරම්භයත් සමඟ එන්රිකෝ ක්රුසො වැනි ගායකයන් ඔපෙරාවට සිටි ප්‍රේක්ෂකයන් අභිබවායන රසිකත්වයක් දිනා ගත්හ. ඒ සමග ඔපෙරාව රේඩියෝව හා රූපවාහිනිය තුළින් ඉදිරිපත් විය.
ඔපෙරාවේ බිහිවීම
[[Image:Medici_wedding2.jpg|thumb|ප්‍රථම ඔපෙරාව 1597]]
‘ඔපෙරා’ යන්න ඉතාලි බසින් ‘වැඩ’ යන අර්ථය ගෙන දෙන අතරිදචමි’ යන ලතින් වචනය ද ‘වැඩ’ හෝ ‘ශ‍්‍රමය’ යන්න හඟවයි. ඒ අනුව, එය වේදිකාව මත ඒකාංගික කලාව, ස්වරානුකූල ගායනය, උච්චාරණය, රංගනය හා නැටුම් යන සියල්ලෙහි එකතුවකි. මෙය බිහි වූයේ ඉතාලියේ විවිධාකාර විනෝදාස්වාද ක‍්‍රියා පවත්නා පසුබිමක වන අතර, අනෙකුත් ගීතමය නාට්‍ය සමග ප‍්‍රදර්ශනය කෙරිණි. මෙම නාට්‍යවලට වඩා බොහෝ කාලයක් ඔපෙරා පැවතුණු අතර, ඉතා අලංකාරවත් ලෙස මහජන ප‍්‍රදර්ශනයන් පවත්වන ලදී.
 
අද වන විට හඳුනාගෙන ඇති පැරණිම ඔපෙරාව වන්නේ, ජේකොබ් පෙරී ගේිෘ්බෙැ’ (ඩැෆ්නි* ඔපෙරාවයි. එය 1597 දීික්‍්පැර්ඒ’ යන නමින් රැුස්වූ ෆ්ලොරන්ස් හි මානවවාදීන් පිරිසකගේ බලපෑම මත ලියන ලද්දකි. ඩැෆ්නි ඔපෙරාව වනාහී සම්භාව්‍ය ග‍්‍රීක නාට්‍ය පුනර්ඡීවනය කිරීමේ අරමුණින් ලියණු ලැබුවක් වන අතර, පුනර්ඡීවනයේ කොටසක් විය. කැමරාටා හි සාමාජිකයන් සිතුවේ ග‍්‍රීක නාට්‍යවල ගායන කොටස් මෙන්, සෑම චරිතයක්ම සම්පූර්ණයෙන්ම ගායනා කළ යුතු බවයි. ඒ අනුව ඔපෙරා යනු එම තත්ත්වය නැවත ඇති කිරීමක් විය. නමුත්, අවාසනාවන්ත ලෙස ඩැෆ්නි සොයා ගැනීමට නොහැකි විය. පසුව 1600 දී පෙරී විසින් ලියන ලද යුරිඩිස් :ෑමරසාසජැ* පැරණිම ඔපෙරාව ලෙස අද වන තෙක් පවතී.
 
වේදිකාවේ රඟන ගීතමය නාට්‍ය සම්ප‍්‍රදායන්ට මධ්‍යතන යුගයේ ලෞකික හා ආගමික බලපෑම ඇත. එම යුගයේ පැවති මුල්ම ඉතාලි ඔපෙරා බොහෝ රටවල නාට්‍ය සම්ප‍්‍රදායන්ට සමානකමක් දක්වයි.
 
== ඔපෙරාමය කටහඬ ==
]
 
=== හඬ වර්ගීකරණයන් ===
 
[[Image:Senesino_portrait_edited.jpg|thumb|ඔපෙරා ගායක කැස්ට්‍රටො සෙනෙසිනො,1720]]
මෙහිදී ගායකයන් හා ඔවුන් රඟන චරිත වර්ගීකරණය කරන්නේ ඔවුන්ගේ කට හෙඬ් ආකාරය අනුවය. එනම්, ශ‍්‍රැති මට්ටම, වේගවත් බව, ස්වර ගුණය අනුව ය. පිරිමි ගායකයින්, මන්ද්‍ර, අති මන්ද්‍ර, තාර ස්වර මත පදනම් වූ හඬ පරාසයන් අනුව ද, ගායිකාවන් උච්ච, අති තාර සහ අති උච්ච ස්වර අනුවද වර්ගීකරණය කෙර්. (පිරිමි ගායකයින් ද සමහර අවස්ථාවල දී කාන්තා හඬ පරාසයන්ට අනුව ගායනා කරනු ලැබේ.* එසේම, හඬ වර්ගය අනුව ද ගායකයින් වර්ග කෙරේ. නිදසුනක් ලෙස, අති- උච්ච ස්වර සහිත ගායිකාවක් තනු ගායනය, හෙඬ් වර්ණවත් බව, නර්තනය සඳහා හඬ යනුවෙන් කොටස් කළ හැකිය. මෙම වර්ගීකරණයන් හඬෙහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම විග‍්‍රහ නොකළ ද, ගායකයා අදාළ චරිතයට ගැලපෙන ආකාරය විග‍්‍රහ කරයි. සාමාන්‍යයෙන් ගායකයකුගේ කටහඬ ඔහුගේ/ ඇයගේ ඡීවිත කාලය තුළ වෙනස් විය හැකි අතර, තුන්වන දශකයේ හෝ මැදි වියේදී කටහඬ පරිණත බවට පත් වේ.
 
=== හඬ කොටස්වල ඓතිහාසික භාවිතය ===
 
 
කාන්තා චරිත රඟ දැක්වීමේදී ඔපෙරා ඉතිහාසය පුරාම යොදා ගනු ලැබ ඇත්තේ අති - උච්ච ස්වරයන් ය. දැනට භාවිත වන හඬ පරාසයන් වර්ගීකරණය කරන ලද්දේ සම්භාව්‍ය යුගයේ දී ය. ඊට පෙර සලකා බලන ලද්දේ හඬ පරාසය නොව දක්ෂතාවයයි. නිදසුනක් ලෙස උච්ච ි්’ ස්වරයට වඩා ඉහළ ස්වර දක්නට ලැබුණේ ඉතා අඩුවෙනි. මධ්‍ය උච්ච ස්වර සාපේක්ෂව අලූත් වර්ගීකරණයක් වන අතර, විශාල පරාසයක් දක්වා දිවේ. (උදාහරණ : පර්සෙල්ගේ ‘ඩිඩෝ සහ ඒනිස්’ඔපෙරාවේ ප‍්‍රධාන කාන්තා චරිතය මෙන්ම, වැග්නර්ගේ ‘ටි‍්‍රස්ටන් සහ අයිසෝල්ඞ්’ ඔපෙරාවේ ‘බ‍්‍රැන්ගේන්’ නම් බර උසුලන්නාගේ චරිතය* මෑතකාලීන බැරොක් යුගයේ සිට එන බොහෝ පිරිමි චරිත කාන්තාවන් සඳහා රචනා කරනු ලැබූ ඒවා වන අතර, කාන්තා හඬ සහිත පිරිමි ගායකයින් විසින් ගායනා කොට තිබේ.
 
සම්භාව්‍ය යුගයේ සිට ම මන්ද්‍ර ස්වර වෙන්ව තිබුණේ පිරිමි චරිත සඳහා ය. ඉැක ජ්බඑද යුගයේ දී වඩාත් අභියෝගාත්මක මන්ද්‍ර ස්වර සහිත කොටස් ලියැවිණි. වැග්නර් තමි්‍යැකාැබඑැබදර’ නම් නව ස්වර පරාසය හඳුන්වා දුන්නේය. මෙය බොහෝ ඉතාලි ඔපෙරාවල දක්නට ලැබුණි. (උදාහරණ : පියුක්නි ගේ ඔමර්බාදඑ හිිජ්ක්ෙ’ චරිතය* අත්වැල් ගායනයට මෙන්ම, විනෝදාත්මක කොටස් රඟ දැක්වීමේ දී ද මන්ද්‍ර ස්වර භාවිත වේ. මන්ද්‍ර ස්වර ද විශාල පරාසයක් සහිත ය. (උදාහරණ : ෘදබ ඨසදඩ්බබස හි කැචදරුකකද ගේ චරිතයේ සිට උ්ටබැර’ි ඍසබට ක්‍හජකැ හි අදඒබ ගේ චරිතය දක්වා* උච්ච හා මන්ද්‍ර ස්වර අතර පවතින මධ්‍යම ස්වරය හඬෙහි ‘බර’ ලෙස ද හඳුන්වන අතර, එය 19 වන සියවසේ මැද භාගය දක්වා භාවිත වූවක් නොවීය.
 
== සටහන් ==
 
 
 
 
 
|[http://en.wikipedia.org/wiki/Opera#Operatic_voices Opera - Operatic_voices]
|}
{|]
 
[[af:Opera]]
"https://si.wikipedia.org/wiki/ඔපෙරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි