"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.6.4) (රොබෝ එකතු කරමින්: be-x-old:Ген)
 
== ප්‍රවේණි දේහ ==
ජීවියෙක්ගේ මුළු ජාන සංඛ්‍යාව ගෙෙනා්මයගෙනොථමය ලෙස හඳුන්වන අතර ඒවා ප්‍රවේණි දේහ එකක හෝ බොහෝමයක ගබඩා වී ඇත. යම්කිසි ජානයක ප්‍රවේණි දේහයක් ස්ථානගත වී ඇති ස්ථානය පථය නම් වේ. ප්‍රවේණි දේහ තනි ඉතා දිගු DNA හෙලික්සයක් වන අතර එහි ජාන දහස් ගණන් අඩංගුය. ප්‍රෝකාරියෝටා, බැක්ටීරියා ඒකියාවන් දර්ශීය ලෙස ඔවුන්ගේ ජිනෝම තනි විහාල වලයාකාර ප්‍රවේණි දේහ තුළ තැන්පත් කරන අතර ඉතා කුඩා ජාන සංඛ්‍යාව අඩංගු වන අතර ජීවීන් අතර ලෙහෙස්ගේ මාරු කරගත හැක. උදා - ලෙස ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ජාන බැක්ටීරියා ප්ලාස්මිඩවල අඩංගු අතර තිරස් ජාන ජාන මාරුව මඟින් වෙන වෙනත් විශේෂ හරහාත් සෛල අතර මේවා මාරු වේ. සමහර සරල ඉයුකැරියෝටාවන් ද මෙලෙස ඉතා කුඩා ජාන සංඛ්‍යාවක් සහිතව ප්ලාස්මිඩ තබා ගත්ත ද බොහෝ ඉයුකැරියෝට ජාන ගබඩා වී ඇත්තේ දිගු ප්‍රවේණි දේහ බහු සංඛ්‍යාවක් තුළ හිස්ටොන් මඟින් බැඳ තබා ගන්නා සංකීර්ණයක් ලෙසට න්‍යෂ්ටියේ තැන්පත්වය. හිස්ටෝනවල DNA ගබඩාවන ආකාරයත්, හිස්ටෝනවල ඇති රසායනික වෙනස්කම් ද ජානයක් ප්‍රකාශ වීමට DNA වල කුමන පෙදෙසක් අදාල ද යන්න පාලනය කරන නියාමක ක්‍රියාවලීන් වේ. ඉයුකැරියෝටා ප්‍රවේණි දේහවල අන්ත නැවත නැවත යෙදෙන එකම අනුපිළිවෙලවල් සහිත ටෙලොමියර් නම් වූ කොටස්වලින් ආවරණය වී ඇත. මෙම ටෙලෝමියර් ජාන සඳහා කේත නොකරන අතර DNA බෙදීමේ දී කේත පෙදෙස හා නියාමක පෙදෙස් බිදී යාම වැළකීමට යෙදේ. සෛල බෙදීම සඳහා සුදානම් වීමේ දී කෙරෙන DNA බෙදෙන සෑම වාරයක් ගණනේම මෙම ටෙලෝමියරවල දි අඩුවේ. මෙම සංසිද්ධිය සෛල මහළු වීම සඳහා පිළිතුරක් ද සපයයි. එනම් මෙය සෛල ජාන බෙදීමට ඇති හැකියාවක් කෙමෙන් අඩු වී ගොස් ජීවියාගේ වයස්ගත වීම සිදු කරයි, යන්නය.
 
ප්‍රෝකැරියෝටාවන්ගේ ප්‍රවේණි දේහ තුළ ජාන පමණක්ම අඩංගු වන අතර ඉයුකැරියෝටාවන් ගේ ජනක් හිස් DNA නම් වූ කිසිම කෘත්‍යයක් ඉටු නොකරන කොටස ද අඩංගුය. ඒක සෛලික ඉයුකැරියෝටාවන්ගේ එම DNA කොටස් කුඩා සංඛ්‍යාවක් ඇති අතර සංකීර්ණ බහු සෛලිකයන්ගේ (මානවයන් ඇතුළුව) හඳුනාගත් කෘත්‍යයක් නැති DNA වලින් බොහෝමයක් මෙසේ වේ. නමුත් දැන් පෙනෙන අයුරින් මානව ජිනෝ‍මයේ ප්‍රෝටීන කේත සඳහා ඇති ජාන 2%ක් පමණ වුව 80% පමණ වූ භෂ්ම ප්‍රකාශ වේ.

සංස්කරණ

441

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/189263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි