"ලෝක ජනගහනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: xmf:მახორობა; cosmetic changes
1 පේළිය:
 
[[ගොනුව:World population growth - time between each billion-person growth.jpg|350px|thumb|මිනිසුන් බිලියනය බැගින් ලෝක ජනගහනයට එකතු වන කාලය (අනාගත ඇස්තමේන්තු ඇතුළත්ය)]]
 
[[ගොනුව:World population.PNG|thumb|350px|ජනගහනය අනුව [[Country|රටවල්]] දැක්වෙන සිතියම]]
ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් 2009 ජනවාරි 27 වන දිනට ලෝක ජනගහනය ඇස්තමේන්තු කර ඇත.
 
ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් ප්‍රකාශිත ලියකියවිලි අනුව 2006 පෙබරවාරි 24 වන දිනට ලෝක ජනගහනය බිලියත 6.5 කි. 1999 ඔක්තෝබර් 12 දිනය ලෝක ජනගහනය බිලියන 6 බවට පත්වූ ආසන්න දිනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නම් කරන ලදි. කෙසේ වුවත් නයිජීරියාව,චීනය වැනි ඇතැම් රටවල ජනගහනය ආසන්නතම මිලියන ගනනටවත් හන්දුනගෙන නැත. එබැවින් එම ඇස්තමේන්තු කිරීම්වල සැළකිය යුතු දෝෂයක් ඇත.
 
2011 ඔක්තෝබර් 31 ලෝක ජනගහණය බිලියන 7 බවට පත්වූ බව එක්සත් ජාතීන් විසින් පිළි ගැනිනි. ඉන්දියාෙව් නාගිස් නම් දැරිය බිලියන 7 වන මානවයා බවට සලකනු ලබයි.
Line 20 ⟶ 19:
ජනගහනය පාලනය කිරීමේ නියෝග අතර වැදගත් උදාහරණයක් නම් චීන ජනරජයේ එක් දරු ප්‍රතිපත්තියයි. මෙහිදී දක්වන ලද්දේ එක් දරුවෙකුට වඩා සිටීම අතිශයින් අශෝභන බවයි. මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස බලහත්කාරයෙන් ගබ්සා කිරීම, බලහත්කාරයෙන් කිරීමවඳභාවයට පත් කිරීම, ළදරු ඝාතනය වැනි ක්‍රියා සිදුවන බවට චෝදනා නැගෙන ලදි. ජනපදයේ උපතේදී ස්ත්‍රී පුරුෂ අනුපාතය පිරිමි ළමුන් 114 කට ගැහැණු ළමුන් 100 ක් වීම, අවසාන භාගයේදී ස්ත්‍රී පුරුෂ භාවය තෝරාගත් බවට සාක්ෂි වේ.
 
පුද්ගලිකව තීරණය කිරීමක් ලෙස දරු ඵල පාලනය කිරීම හා ජනගහන වර්ධනය පාලනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් ලෙස ජනගහනය පාලනය කිරීම පැහැදිළිව වටහා ගැනීම ප්‍රයෝජනවත් වේ. දරු ඵල පාලනය කිරීම සිදුවන්නේ පුද්ගලයින් හෝ අඹු සැමියන් හෝ පවුල් තම දරු ප්‍රසූතියේ කාල ප්‍රාන්තරය අඩු කිරීමට හෝ පාලනය කිරීමට පියවර ගත් විටය. ඇනස්ලි කෝලේ ගේ සූත්‍රයට අනුව දරු ඵල අඩු කරගැනීම පිළිබඳ පූර්වාරෝපණ තුනකි: (1) ගණනය කළ තීරණය දරු ඵල පිළිබඳ වලංගු මූලාවයවයක් ලෙස පිළිගැනීම,(2) දරු ඵල අඩු වීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත් වාසි, සහ (3) පාලනය සම්බන්ධ තාක්ෂණික ක්‍රම පිළිබඳව ඇති දැනුම සහ නිපුණත්වය. ස්වභාවික දරු ඵල ලබන සමාජයකට ප්‍රතිවිරුද්ධ ලෙස, දරු ඵල අඩු කර ගැනීමට කැමති සහ ඒ සඳහා වත්කමක් ඇති සමාජයක් දරුවන් සෑදීම පමා කිරීම, දරුවන් සෑදීම අතර පරතරයක් තබා ගැනීම හෝ දරුවන් සෑදීම නවතා දැමීම සඳහා එම වත්කම් භාවිතා කරනු ඇත. විවාහය ප්‍රමාද කිරීම හෝ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ස්වභාවික හෝ කෘතිම උපක්‍රම යොදා ගැනීම පුද්ගලික හෝ පවුලේ තීරණයක් මිස රාජ්‍ය ප්‍රතිපත්ති හෝ සමාජගත සම්බාධක පිළිබඳ කරුණක් නොවේ. අනෙක් පසින් බැලූ කල තමාගේ දරු ඵල පාලනය කිරීම පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයින් හට වාර ගණන ඉක්මන් කර ගැනීම හෝ සැළසුම්කරණය මගින් ගැබ්ගැනීම සාර්ථක කර ගැනීමටද හැකිවේ.
 
සමාජීය මට්ටමේදී හීන වන දරු ඵල ලැබීම කාන්තා අධ්‍යපනයෙන් සිදුවන බොහෝ දුරට නොවැළැක්විය භැකි ප්‍රතිඵලයකි. එසේ වුවත්, දරු ඵල පාලනය කිරීම මධ්‍යම හෝ ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් අනිවාර්යයෙන්ම ළදරු අනුපාතිකය අඩු වන බව අදහස් නොකෙරේ. සැළකිය යුතු දරු ඵල පාලනය කිරීමක් පවත්වාගෙන යන සමාජ අතර වුවත්, දරු ඵල පාලනය කිරීම සම්බන්ධව සමාන හැකියාවක් ඇතත් දරුවන් සංබාව සහ පවුලේ ප්‍රමාණය පිළිබඳ පුද්ගලික හා සංස්කෘතික අභිරුචි ආශ්‍රිතව විශාල වෙනසක් පෙන්නුම් කළ හැක.
 
ප්‍රධාන වශයෙන් පෞද්ගලික මට්ටමේ තීරණයක් වන දරු ඵල පාලනයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිසන්දිරෝධනයේ උපක්‍රම වලට ප්‍රවේශය වැඩි කිරීමෙන් හෝ ජනගහන ප්‍රතිපත්ති හා වැඩසටහන් මඟින් ජනගහන පාලනය භාවිතා කිරීමට රජයන් විසින් උත්සාහ කරනු ඇත. "ජනගහනය පාලනය කිරීම" යන සංකල්පය රාජ්‍ය හෝ සමාජීය මට්ටමේ නියමයක් ලෙස සැලකූ විට, ඉහත අර්ථ දැක්වූ පරිදි සමාජයේ සුළු දරු ඵල පාලනයකින් වුවද රාජ්‍යයේ ජනගහන වර්ධනයට බලපෑම් කළහැකි බැවින් ජනගහන වර්ධනයේ දී දරු ඵල පාලනය අවශ්‍ය නොවේ. වර්ධනය සීමා කිරීමෙන් පමණක් ජනගහනය පාලනය කළ යුතු යැයි උපකල්පනය නොකර, ජනගහනය පාලනයේ අංශයක් ලෙස ජනගහන වර්ධනය සඳහා උපකාර වන ප්‍රතිපත්ති ද ඇතුළත් කිරීම වැදගත් වේ. ආගමනය ට පමණක් නොව, ජනගහන වර්ධනය උනන්දු කරවීම සඳහා අමතර දරුවන් බිහි කිරීම ධෛර්ය්‍යමත් කිරීමට බදු ප්‍රතිලාභ, මූල්‍ය දීමනා, වැඩ නිවාඩු ගෙවීම් සහ දරුවන් රැකබලා ගැනීම වැනි ජනන පාක්ෂික ප්‍රතිපත්ති සඳහා ද රජය විසින් අනුබල දිය හැක. උදාහරණ ලෙස මෑත කාලයේදී ප්‍රංශය සහ ස්වීඩනය වැනි රටවල එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලදි.
ජනගහන වර්ධනය වැඩි කිරීමේ පරමාර්ථය ඇතිව, එම අවස්ථා වලදී ගබ්සාව සහ නවීන උපත් පාලන උපක්‍රම සීමා කිරීමට රජය ක්‍රියා කරන ලදි. 1986 දී රොමේනියාවේ ඉල්ලුමට අනුව ප්‍රතිසන්ධිරෝධනයට ඇති ප්‍රවේශය සහ ගබ්සාව තහනම් කිරීම මෙයට උදාහරණයකි.
 
Line 162 ⟶ 161:
[[vls:Bevolkienge]]
[[wo:Way-dëkk]]
[[xmf:მახორობა]]
[[yi:באפעלקערונג]]
[[zea:Bevolkienge]]
"https://si.wikipedia.org/wiki/ලෝක_ජනගහනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි