"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
300 පේළිය:
මෙම අතිරික්තතාවයේ ප්‍රායෝගික‍ ප්‍රතිඵලයක් වන්නේ ප්‍රවේණි කේතයේ ඇතැම් දෝෂ, නිහඬ විකෘතියකට හෝ ප්‍රෝටීන කෙරේ බල නොපාන දෝෂයකට පමණක් සීමා වීමයි. ජලකාමීත්වය හෝ ජලභීතිකත්වය පවත්වාගෙන යන්නේ ඇමයිනෝ අම්ල සමානව ආදේශනය මගිනි. NUN (N=ඕනෑම නියුක්ලියෝටයිඩයක්) කෝඩෝනය ජලභීතික ප්‍රෝටීන කේතනය කිරීමට ඉවහල් වේ. NCN ආකාරයේ ඇමයිනෝ අම්ල ප්‍රමාණයෙන් කුඩා මධ්‍යම හයිඩ්‍රොපති අගයක් ගනියි. NAN සංකේතවත් කරන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ජලකාමී ඇමයිනෝ අම්ලයි. මෙම නැඹුරුතාවයන් මෙම කෝඩෝන වලට සම්බන්ධ ඇමයිනෝ ඇකිල් සින්තටේස් නිසා ලද ප්‍රතිඵල විය හැක.
 
මෙම අතිරික්තතාව තිබියදීත් ඒක-ලක්ෂ්‍ය විකෘති වලට තවමත් ක්‍රියාකාරීත්වය අඩාල වූ ප්‍රෝටීන ඇති කළ හැකිය. නිදසුනක් ලෙස විකෘත හිමොග්ලොබීන් ජාන දෑකැති සෛල රක්තහීනතාවය ඇතිකිරීම දැක්විය හැකිය. විකෘත හිමොග්ලොබීන් අණුවේ ජලකාමී ග්ලුටමේට්, ජලභීතික වැලීන් වලින් ආදේශ වී ඇත. එනම් GAA හෝ GAG, GUA හෝ GUG බවට පත්ව ඇත. මෙම ආදේශනය ß-ග්ලෝබියුලීන්හි ද්‍රාව්‍යතාවය අඩු කරයි. මේ නිසා හිමොග්ලොබීන් වැලීන් කාණ්ඩ අතර ජලභීතික අන්තර්ක්‍රියා නිසා බැඳුණු රේඛීය බහුඅවයවික සාදමින් රක්තාණු වල විරූපතාවයක් ඇති කරයි. සාමාන්‍යයෙන් දෑකැති සෛල රක්තහීනතාවයට හේතු වන්නේ ''de novo'' ආකාරයෙආකාරයේ විකෘති නොවේ. අනෙක් අතට මැලේරියා රෝගය බහුල භූ ගෝලීය කලාප වල ඇතැම් විෂමයෝගී මිනිසුන් මැලේරියා ප්ලස්මෝඩියම් පරපෝෂිතයාට ප්‍රතිරෝධයක් දක්වයි. (විෂමයුග්මයක වාසි) <ref name="pmid14962356">{{cite journal | author = Hebbel RP | title = Sickle hemoglobin instability: a mechanism for malarial protection | journal = Redox Rep. | volume = 8 | issue = 5 | pages = 238–40 | year = 2003 | pmid = 14962356 | doi = 10.1179/135100003225002826 }}</ref>
 
tRNA හි ප්‍රතිකෝඩෝනයේ පළමු පිහිටුමේ වෙනස් වූ භෂ්ම නිසා ඇමයිනෝ අම්ල සඳහා මෙවැනි විචල්‍ය කේත පැවතීමට අවකාශ ලැබී ඇත. මෙවැනි භෂ්ම යුගල වලට වෙවුලුම් භෂ්ම යුගල යැයි ව්‍යවහාර වෙයි. මෙම වෙනස් වූ භෂ්ම අතර ඉනොසීන් හා වොට්සන්-ක්‍රීක් ආකාරයේ නොවන U-G භෂ්ම යුගල අන්තර්ගතය.<ref name="pmid11256617">{{cite journal | author = Varani G, McClain WH | title = The G x U wobble base pair. A fundamental building block of RNA structure crucial to RNA function in diverse biological systems | journal = EMBO Rep. | volume = 1 | issue = 1 | pages = 18–23 | year = 2000 | month = July | pmid = 11256617 | pmc = 1083677 | doi = 10.1093/embo-reports/kvd001 }}</ref>
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි