"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
No edit summary
1 පේළිය:
{{ශ්‍රී ලංකාවේ දේශපාලනය}}
 
== පරිපාලන අංශය ==
 
පළාත්පාලන ආයතන සමාන්තර ව්‍යුහයන් දෙකකට බෙදා ඇත. එනම්,යටත්විජිත සමයේ ගොඩණැගුනු සවිල් සේවය සහ 1987 ස්ථාපිත කල පලාත් සභාය.
 
== සිවිල් සේවා ව්‍යුහය ==
 
 
රට දිසත්‍රීක්ක 25 කට බෙදා ඇති අතර එක් එක් දිස්ත්‍රීක්කයට දිස්ත්‍රීක්ක ලේකම්වරයෙකු පත්කෙරේ. පත්කරන ලද ප්‍රාදේශිය ලේකම්වරයෙකුගෙන් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 - 16 අතර ප්‍රමාණයකට නැවත මෙම දිස්ත්‍රීක්ක බෙදා ඇත. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙනුවෙන් ග්‍රාමීය මට්ටමෙන් ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන් සහ කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් සේවයට යොදවා ඇත.
 
 
== පලාත් සභා ව්‍යුහය ==
 
 
ඉන්දු ලංකා ගිවිසුම (1987) සහ එහි ප්‍රතිඵලයක් වූ 13 වන ව්‍යාවස්ථා සංශෝධනයට අනුව පළාත්වලට බලතල ප්‍රමාණයක් ලබාදීමට රජය එකග විය.පළාත් සහාවක් සඳහා නියෝජිතයන් වසර 5 ක් සඳහා සෟජු ජන්දයෙන් පත් කෙරේ. සභාවේ බහුතරය ලබාගන්නා පක්ෂයේ කණ්ඩායම් නායකයා මහා ඇමතිවන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයක් පත් කර ගනු ලැබේ. පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති විසින් පත් කෙරේ.
 
 
පළාත් සභා බලතල ලැයිස්තුව සම්බන්ධයෙන් නීති සැකසිමේ පූර්ණ බලය පළාත් සභාව සතුය. සමාගම් ලැයිස්තුව සම්බන්ධයෙන් හවුල් බලතල හිමි අතර සංචිත ලැයිස්තුව සම්බන්ධයෙන් කිසිදු බලයක් නැත.
 
== පළාත් සභා ලැයිස්තුව ==
 
#සැලසුම්කරණය - පළාත් ආර්ථික සැලසුම් දියත් කිරීම.
#අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා.
#පළාත් පාලනය.
#පළාත් නිවාස සහ ගොඩනැගිම්.
#පළාත තුළ මාර්ග පාලම් ඉදිකිරීම .
#සමාජ සේවා සහ පුනරුත්ථාපනය.
#කෘෂිකර්මය සහ කෘෂිකර්ම සේවා.
#ග්‍රාම සංවර්ධනය
#සෞඛ්‍යය.
#දේශීය වෛද්‍යසේවා - ආයුර්වේද සහ යුනානි.
#ආහාර සැපයීම සහ බෙදා හැරීම - පළාත තුල.
# ඉඩම්
# වාරිමාර්ග
# සත්ව පාලනය
# පළාත් ණය - පාර්ලමේන්තු නීති ප්‍රකාරව ණය ගැනීම
# පරිසර සංරක්ෂණය
 
== සංචිත ලැයිස්තුව ==
 
#සියළු විෂයන් හා කාර්යයන් සඳහා ජාතික ප්‍රතිපත්ති.
#විදේශ සබදතා
#තැපැල් සහ සන්නිවේදන විකාශන,රූපවාහිනී
#අධිකරණයට සහ අධිකරණ ව්‍යුහයට අදාලව සාධාරණත්වය
#ජාතික ආදායම, මූල්‍ය ප්‍රතිපත්තිය සහ භාහිර සම්පත්වලට අදාල මූල්‍ය‍ කටයුතු
#විදේශ වෙළදාම අන්තර් පළාත් වෙළදාම සහ වාණිජ්‍ය
# වරාය සහ නැවු තොට
# ගුවන් ගමන් සහ ගුවන් තොටුපල
# ජාතික ගමනාගමනය
# ගංඟා සහ ජල මාර්ග නැවු සහ නාවික කටයුතු, වෙරළ බඩ ප්‍රදේශ
# ඛණිජ සහ පතල්
# ආගමන,විගමන සහ පුරවැසි කටයුතු
#3මැතිවරණ,ජනාධිපතිවරණ,මහමැතිවරණ,පළාත් සභා සහ පළාත්පාලන
# ජනලේඛන සහ සංඛ්‍යාලේඛ
#වෘත්තීයමය රැකියා සහ පුහුණුව
#ජාතික ලේඛනාරක්ෂණය ,පුරාවිද්‍යා කටයුතු.
# පළාත් සභා හෝ සමාගම් ලැයිස්තුවේ සදහන් නොමැති සියලු බල තල.
 
 
 
== සමාගම් ලැයිස්තුව ==
 
#සැලසුම්කරණය
#උසස් අධ්‍යාපනය
#ජාතක නිවාස සහ ගොඩනැගිලි
# දේපල අත්පත් කරගැනීම සහ අධිකරණ කටයුතු
# සමාජ සේවා සහ පුනුරුත්ථාපනය
#කෘෂිකර්ම සහ කෘෂිකාර්මික සේවා
#සෞඛ්‍යය
#උපත්,විවාහ සහ මරණ ලියාපදිංචිය.
#ගම් සහ නගර නැවත නම්කිරීම
#පළාත තුළ පුද්ගලික ලොතරැයි
#උත්සව සහ ප්‍රදර්ශන
#ආහාර පාලන සහ ආහාර තොග පාලන
#සමූපකාර,සමූපකාර බැංකු
#වාරිමාර්ග
#වන සංවර්ධනය සහ වන සතුන් සහ පක්ෂීන් සංරක්ෂණය.
#ධීවර කටයුතු - මුහුදු සීමාවෙන් මෙපිට
#සත්ත්ව පාලනය
#රැකියා නියුක්තිය
#සංචාරක ව්‍යාපාරය පළාත තුළ සංවර්ධනය සහ පාලනය.
#වෙළදාම හා වාණිජ්‍ය.
#පුවත්පත්,පොත් ප්‍රකාශන සහ මුද්‍රන ආයතන
#ලැයිස්තුවේ බලතලවලට අදාළ නීති කඩ කිරීම්
#ලැයිස්තුවේ බලතලවලට අදාළ අයකිරීම- අධිකරණ අයකිරීම් හැර
#අසරණ සරණ කටයුතු ,ආයතන,ආගම් ආයතන
#මිල පාලනය
#මෙම ලැයිස්තුවේ හෝ පළාත් සභා ලැයිස්තුවේ බල තල සම්බන්ධයෙන් විමසීම සහ සංඛ්‍යානය
#ආහාර සහ වෙනත් දෑ
#මත්ද්‍රව්‍ය සහ වසවිෂ
#පරිසර සංරක්ෂණය
#පුරාවිද්‍යා ප්‍රදේශ සහ නටබුන් ජාතික වැදගත්කමකින් යුක්ත ඒවාහැර
#බෝවන රෝග සහ රෝගකාරක සත්ත්ව ව්‍යාප්තිය වැළැක්වීම
#වන්දනා ගමන්
 
මෙම ලැයිස්තුව සම්පූර්ණ ඒවා නොවන අතර බල තල සම්බන්ධ මග පෙන්වීමක් පමණි.
 
පළාත් සභා ක්‍රමයට පෙර මහනගර සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභා පැවතුණි.
 
ඒවායේ ව්‍යුහය මෙසේය,
 
පළාත් සභාවලට පහළින් මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශිය සභා පවතී.මහනගර සභා 18 කි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,කොළඹ,මහනුවර,යාපනය,ගාල්ල,මාතර,දෙහිවල- ගල්කිස්ස,අනුරාධපුරය,ගම්පහ,මොරටුව, රත්නපුර, කුරුණෑගල,නුවර එලිය,බදුල්ල,මඩකලපුව,කල්මුණේ, මීගමුව නගර සභා 42ක් ප්‍රාදේශීය සභා 270කි.(2006 ජනවාරි සංශෝධන ඇතුලත්ය)
== ව්‍යවස්ථා සංවර්ධනය සහ දේශපාලන තත්ත්වයන් ==
== ව්‍යවස්ථා සංවර්ධනය ==
1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වූ අතර අග්‍රආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය කිරීටයේ නියෝජිතයා විය.ද්විමණ්ඩල පාර්ලිමේන්තු සෙනෙට් සභාවකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය. 1971 දී සෙනෙට් මණ්ඩලය අහෝසි කෙරුණු අතර 1972 දී සිලෝන් නාමය ශ්‍රී ලංකාව වෙනුවට යොදාගත්හ.ඒ සමගම ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වූ අතර අග්‍ර ආණ්ඩුකාර ධූරය ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය බවට පත්විය. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රමය යටතේ ඒක මාණ්ඩලික ව්‍යවස්ථාවක් බිහි කෙරුණු අතර එය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්විය.
 
 
1978 දී සම්මත කෙරුණු නව ව්‍යවස්ථාව විධායකය ජනාධිපති ධූරයක් ඇතිකල අතර ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව ලෙස නම් කෙරිනි.
 
 
== දේශපාලන තත්ත්වයන් ==
ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ,ජාත්‍යන්තරව නොබැදිබව සහ සිංහල සංස්කෘතයේ ප්‍රවර්ධනය පිළිගනී.මෙම පක්ෂ දෙක අතර අතීතයේ පැවති වෙනස්කම් දැන් අවමවී ඇත.
ශ්‍රී ලංකාවේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින අතර දේශපාලන ප්‍රචණ්ඩත්වය (විශේෂයෙන් 1977 - 1993 එ.ජා.ප පාලන සමය යි )පැවතියත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවරව පවතී. 1977 - 1997 වකවානුවට සාපේක්ෂව දැන් දැන් මැතිවරණවලදී එ.ඡා.ප සහ ශ්‍රී.ල.නි.ප අතර ප්‍රචණ්ඩත්වය අඩු වෙමින් පවතියි. 1989 මහ මැතිවරණවලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවී ඇත.
 
ශ්‍රී.ල.නි.ප ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාර්ලිමේන්තුවට පත්වී වසර දෙකකට පසු 2004 පෙබරවාරි මස විසුරුවා හැරියාය.(සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු කාලය වසර 6 කි) 2004 අප්‍රේල් 2 පැවති මහ මැතවරණයෙන් ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානය එක් පක්ෂයක් ලැබූ වැඩිම ඡන්ද ගණන ලබාගත්තද වැඩි බහුතරක් ලබා ගත නොහැකිවිය. මෙම සන්ධානය පිළිබදව උපහාසාත්මක කරුණක් වූයේ ජනාධිපතිනිය ගේ සැමියා මරා දැමුණු ජ.වි.පෙ ය සමඟ සන්ධානගත වීමය.නව සන්ධානගත පාර්ලමේන්තුවේ පළමු ඡන්ද විමසීම වන කථානායක තේරීමේ තරගයෙන්ම ඔවුන් පරාජය වීමද සුවිශේෂීය.මේනිසා පෙබරවාරි සිට මැයි දක්වා පාර්ලමේන්තුව කිසිදු පණතක් සම්මත කළේ නැත.
 
== ශ්‍රී ලංකාවේ දේශපාලනය - ව්‍යවස්ථාදායකය ==
 
පාර්ලිමේන්තුව වසර හයකට පත් කර ගන්නා අතර මන්ත්‍රීවරු 225 කි. ඉන් 196 ක් බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස වලින්ද 29 ක් ජාතික ලැයිස්තුවෙන් ද පත් කෙරේ. පාර්ලිමේන්තුවට වසරක් කල් පිරුණු පසු එය කැදවීම,කල්තැබීම හෝ විසුරැවා හැරීම ජනාධිපතිට සිදු කල හැක. නීති සම්පාදනය බලය පාර්ලිමේන්තුව සතුය. සෑම මැතිවරණ කොට්ඨාසයකම බහුතර ඡන්ද ලබාගන්නා පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමිවේ.1948 නිදහස ලබාගත් දින සිට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි.
 
 
2004 පෙබරවාරි 7 දින ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පාර්ලමේන්තුව විසුරැවා හරින ලදී.මැතිවරණය අප්‍රේල් හතර පවත්වා නව පාර්ලිමේන්තුව අප්‍රේල් 23 රැස්වීය.මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කර ගනු ලැබීය. පසුව 2005 නොවැමිබර් 17 ඔහු ජනාධිපතිධූරයට පත්විය. ඔහු අතිවිශාල කැබිනට් මණ්ඩලයක් පත් කල අතර විශේෂයෙන් ජාතිය ගොඩනැගීම සඳහා ඇමතිවරුන් හතර දෙනෙකු පත් කර තිබීම පිළිබදව ජනතාව පුදුමයට පත්විය.ජනතාවට මෙන්ම ඇමතිවරුන්ට ද මෙය ප්‍රහේලිකාවක් විය. ජනපතිගේ සොහොයුරු G. රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරයට පත් කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා ඇතැයි චෝදනා ලැබී සිටින කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා 2007 දී ඉල්ලා අස් වූයේ ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින්ය.
 
== ශ්‍රී ලංකාවේ දේශපාලනය - අධිකරණය ==
 
ශ්‍රී ලංකාවේ අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය,අභියාචනාධිකරණය,මහ අධිකරණය සහ පහල අධිකරණය ලෙස අධිකරණ ගණනාවකින් සමන්විත විය.ශ්‍රී ලංකාවේ නීති පද්ධතියටද සංස්කෘතීන් ගණනාවක අභාසය ලැබී ඇත.අද අපරාධ නීතිය මූලිකව බ්‍රිතාන්‍ය ආභාසය ලබා ඇති අතර සිවිල් නීතිය රෝම ලන්දේසි ආභාසය ලබා ඇත. එහෙත් විවාහ,දික් කසාදය සහ උරුමය සම්බන්ධ නීති එක් එක් ජන කොටසට අනුව වෙනස් වේ.උඩරට නීතිය,තේසලමෙයි නීතිය (යාපනය ද්‍රවිඩ ) සහ මුස්ලිම් නීතිය උදාහරණ ලෙස දැක්විය හැක. රෝම ලන්දේසි නීතිය පහත රට සිංහලයන්ට ,වතු ද්‍රවිඩ ජාතිකයින්ට සහ අනකුත් ජන කොට්ඨාශවලට බලපායි.
 
== ද්‍රවිඩ අරගලය ==
 
 
ශ්‍රී ලංකාවේ මිලයන 3.2 දෙමළ ජනතාවක් වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශයට රාජපක්ෂ මහතා විසින් ලබාදෙනුයේ වික්‍රමසිංහ මහතා ලබාදුන් ස්වයංපාලනය බලයට වඩා අඩු බලයකි. රාජපක්ෂ මහතා ලැබු පටු මැතිවරණ ජයග්‍රහනය LTTE ය විසින් ඇති කෙරුවක් බවද මතයක් පවතී. LTTE ය මැතිවරණය වර්ජනය කල අතර දහස් ගණන් ද්‍රවිඩ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදුනි. මේ හේතුවෙන් උතුරු නැගෙනහිරට ෆෙඩරල් ක්‍රමයක් ලබාදීමට පොරොන්දු වූ වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය.
 
 
== සටහන් ==
 
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Politics_of_Sri_Lanka#Administrative_divisions Politics of Sri Lanka - Administrative divisions]
|}
{|
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දේශපාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි