"දේශපාලන පක්ෂ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
== ඒක පක්ෂ ==
== දේශපාලන පක්ෂයක් යනු ==
 
ඒක පක්ෂ ක්‍රමය දී බලය හැදෑරීමට ‍නෛතිකව අවසර ඇත්තේ එක් පක්ෂයකට පමණි.කුඩා පක්ෂ වලට සමහර අවස්ථාවන්වලදී ඉඩ ලැබුණද නීතියට අනුව ඔවුන් බලවත් පක්ෂයේ නායකත්වය පිළිගත යුතුය.මෙම පක්ෂය සෑමවිටම ආණ්ඩුවට සමාන නොවුණත් සමහර විට ආණ්ඩුවේ තනතුරු වලට වඩා පක්ෂයේ තනතුරු බලවත් විය හැක.චීනය වැනි කොමියුනස්ට් රාඡ්‍යයන් ,ජර්මනිය වැනි ෆැසිස්ට් රාඡ්‍යයන් උදාහරණ ලෙස දැක්විය හැකිය. මේ අනුව ඒක පක්ෂ ක්‍රමය සාමාන්‍යයෙන් ඒකාධිපතිවාදයට සහ ප්‍රජා පීඩනයට සමාන කොට සැලකේ.
මැතිවරණ ව්‍යාපාරයන්හි යෙදෙමින් රජයක් තුළ දේශපාලන බලතල ලබාගැනීමට උත්සාහ කරන දේශපාලන සංවිධානයකි.මොවුන් සාමාන්‍යයෙන් මත වාදයක් සහ දෘෂ්ටියක් දරන අතර සමහර විට විවිධ මත දරන කණ්ඩායම් ගණනාවක එකතුවක්ද විය හැක. සිය දේශපාලන අදහස් හසුරවමින් සහ ප්‍රචාරය කරමින් ඡන්දය ලබාගැනීම මේවා සිදුකරයි.
 
== දේශපාලන පක්ෂය යන්නට නිර්වචන ==
ප්‍රබල පක්ෂ ක්‍රමයකදී පක්ෂවලට ඉඩ ලැබී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් බිහි වුවද අනෙකුත් පක්ෂවලට බලය ලබා ගැනීමට ඉඩක් නැතැයි සැලකේ. සමහර අවස්ථාවලදී දේශපාලන,සමාජ හා ආර්ථික තත්ත්ව සහ මහජන මතවාද මෙයට හේතුවේ.තවත් සමහර අවස්ථාවලදී එනම් ප්‍රජාතන්ත්‍රවාදය එතරම් තහවුරු වී නැතිවිට,රාජ්‍ය අනුග්‍රහය හා මැතිවරණ දූෂණ යොදාගනමින් අධිපති පක්ෂය බලයේ රැදේ.මෙවන් විට ඒක පක්ෂ ක්‍රමය සහ ප්‍රබල පක්ෂ ක්‍රමය අතර වෙනස අතුරුදහන්වේ. ප්‍රබල පක්ෂ ක්‍රමයට උදාහරණ ලෙස සිංගප්පූරුවේ “ පීපල්ස් ඇක්ෂන් පාටි ” සහ දකුණු අප්‍රිකාවේ “ඇෆ්‍රකන් නැෂනල් කොංග්‍රසය ” දැක්විය හැක. ප්‍රබල ඒක පක්ෂ ක්‍රමක් 1990 දශකය දක්වා මෙක්සිකෝවේ “ඉන්ස්ටිටියුශනල් රෙවලුෂණරි පාටි ” පැවති අතර ඩි‍මොක්‍රටික් පක්ෂය හරහා ඇමරිකාවේ 1930 සිට 1970 දක්වා පැවතුණි. “පාටි ඕෆ් ද ෆන්ක්ෂනල් ගෲප්ස් ” හරහා 1970 සිට 1998 දක්වා ඉන්දුනිසයාවේ ද පැවතී ඇත.
දේශපාලන විද්‍යාව තුළ පක්ෂ සඳහා නිර්වචන ගණනාවක් පවතී.මුල් නිර්වචන අවධානය යොමුකලේ පක්ෂවල ආයතනික ස්වභාවය,කාර්යයන් සහ පාර්ශවගතිය පිළිබදවයි.1770 වේ මුද්‍රණය වු‘තෝටිස් ඔන් ද කෝස් ඔෆ් ප්‍රසන්ට් ඩිස්කන්ටෙන්ට් ’නම් කෘතියේ එඩ්මන් බර්ක් විසින් පහත නිර්වචනය සඳහන් දේශපාලන පක්ෂ යන්නට ඉදිරිපත් කරනු ලැබ ඇත.දේශපාලන පක්ෂයක් යනු එකඟවූ ප්‍රතිපත්ති මත එකමුතුව ජාතික අභිලාශය වෙනුවෙන් කටයුතුකරන පුද්ගල සමූහයකි.1816 දී බෙන්ජමින් කොන්ස්ටන්ට් මතවාදාත්මක නිර්වචනයක් ඉදිරිපත් කල නමුත් එය මෙතෙක් කල් අදාළව පැවතියේ අවස්ථාවාදී හෝ ප්‍රයෝජ්‍ය පක්ෂ සඳහා නොව මතවාදාත්මක පවුල් වලට අයත් පක්ෂ සඳහා පමණි. ඔහුට අනුව දේශපාලන පක්ෂයක් යනු එකම දේශපාලන මතය දරන මිනිසුන්ගේ එක්වීමකි. මාක්ස්වාදීන් සිය මතවාදයේ ප්‍රධාන අදහස වන ගැටුම ආශ්‍රිතව දේශපාලන පක්ෂයක් නිර්වචන කරනුයේ "සමාජ පන්තියක සවිඥානික මූලාංගවල එකතුවක් ලෙසිනි.
 
මැක්ස් වේබර් විසින් බර්ක්ගේ අදහස පිළිගනිමින් එය වඩාත් සංවර්ධනය කළේ භෞතික ආශාවන් උදෙසා ක්‍රියාකරන පිරිසද නිර්වචනයට ඇතුලුකරමිනි.ඔහුට අනුව පක්ෂයක් යනු නොමිලේ බඳවාගැනීම මත පදනම් වූ නෑකමකි. එහි අරමුණ වනුයේ සිය පරමාදර්ශය උදාකර ගැනීම මෙන්ම භෞතික ආශාවන් සපුරා ගැනීම සඳහා නායකයන්ට බලය ලබා ගැනීමය.දෙවන ලෝක යුද්ධයෙන් පසු දේශපාලන විද්‍යාඥයෝ වැඩි අවදානය යොමු කලේ පක්ෂවල තාක්ෂණික ස්වරූප සහ මැතිවරණ කාර්යයන් පිළිබදවය.ඇන්තනී ඩවුන්ස්ට අනුව දේශපාලන පක්ෂයක් යනු මැතිවරණයක දී ජන ජය ලබාගන්නා රාජ්‍ය පාලනය කිරීමේ චේතනාව සහිත පුද්ගල කණ්ඩායමකි. සාම්ප්‍රදායික දේශපාලන විද්‍යාඥයෝ විසින් දේශපාලන පක්ෂ හඳුනාගනු ලැබුවේ මැතිවරණ අපේක්ෂත්වය ප්‍රචාරනය කරන ක්‍රමවේදයන් ලෙසය.ක්‍රොටීට අනුව දේශපාලන පක්ෂයක් යනු ප්‍රතිපත්ති හා පද්ධතීන් පිළිබදව ජනතාව දැනුවත් කරන,මහජනපාලනය සදහා පුද්ගලයන් බඳවාගන්නා සහ පොදුජනතාව වෙනුවෙන් රාජ්‍ය තීන්දු ගන්නා පුද්ගලයන් අතර සම්බන්ධතාවක් ගොඩ නන්වන විධිමත් සංවිධානයකි.
 
== තුළත බහු පක්ෂ ක්‍රමය ==
එසේම කෝල්මන්ට අනුව දේශපාලන පක්ෂයක් යනු තවත් ඒ හා සමාන සංවිධාන සමග කාලානුරූප මැතිවරණවලදී තරග වදිමින් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයට සහභාගි වී රාජ්‍යයේ පාලකයන් සහ ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමේ අරමුණක් ඇතිව සංවිධානය වු යාන්ත්‍රණයකි .
 
එහෙත් සහභාගීත්වය දේශපාලන පක්ෂයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සමහර දේශපාලන විද්‍යාඥයෝ නොදකිති.නිමවුන් නැමැත්තා වඩා පුලුල් අර්ථයක් ගෙන දෙමින් පවසා සිටින්නේ දේශපාලන පක්ෂයක් යනු රාජ්‍ය බලය පාලන කිරීම සහ ජනතා සහයෝග සඳහා වෙනත් මත දරන කණ්ඩායම් සමග තරග කරන සමාජයේ ක්‍රියාකාරී දේශපාලාන කාරකයන්ගේ එකමුතුවක් බවය.
 
වර්තමාන එක්සත් ජනපදයේ පවත්නා මෙන්ම ද්වීපක්ෂ ක්‍රමයක් නවීකරනය කර ඡන්දදායකයාගේ අදහස් වඩා හොදින් පෙන්නුම් කිරීම සඳහා ප්‍රතිශේධන ඡන්ද බලයක් ලබාදීමෙන් තුලිත බහුතර ඡන්ද ක්‍රමයකට ළගාවිය හැකි බව ඩොනල්ඩ් ආතර් ක්‍රොනෝස් විසින් සිදුකරන ලද අධ්‍යනයන්වලින් හෙළිවී ඇත.සම්ප්‍රදායික සරල බහුතර ඡන්ද ක්‍රමයේ ඇති දුර්වලකම් නම් එක් අපේක්ෂකයෙකු පත්වීම වැලැක්වීම උත්සාහ කිරීමේ දී ඉහලින් සිටින අපේක්ෂකයෙකුට ව්‍යාජ ප්‍රතිජානන ඡන්දයක් හිමිවීමය. තුලිත බහුතර ක්‍රමයකදී ඡන්දදායකයාට තම සැබෑ ප්‍රතිශේදන ඡන්දය සටහන් කිරීමට අවස්ථාවක් හිමිවන බැවින් ප්‍රතිජානන ඡන්ද මතු නොවේ.
බොහෝ රටවල සර්වජන ඡන්ද බලය යටතේ මැතිවරන පැවැත්වීමට ප්‍රථම දේශපාලන පක්ෂ බිහිවී ඇත.
 
තුලිත බහු පක්ෂ ක්‍රමයක් මගින් ප්‍රසිද්ධ වූ එහෙත් ජනප්‍රිය නොවන අපේක්ෂකයෙකුගේ මැතිවරණ ජය ගැනීම වැල‍කේ. එසේ වන්නේ ඔහුට අකමැති ඡන්දදායකයන්ට වඩා නිවරදිව සිය කැමැත්ත ලකුණු කිරීමට අවස්ථාවක් හිමිවන බැවිනි.මේ සඳහා ප්‍රතිශේදන ඡන්ද මෙන්ම ප්‍රතිජානන ඡන්දද වැදගත් වේ. තුලිත වීම සදහා මැතිවරණයක දී සියළු ඡන්දදායකයින්ට මෙම අවස්ථාව ලැබිය යුතුය.පක්ෂ දෙකකට පමණක් අසාධාරණ වාසීන් ගෙන දෙන ප්‍රතිචාර ලුපයද මේ හරහා ඉවත් කෙරේ.සාම්ප්‍රදායික සරල බහුතර ක්‍රමයේ දී ප්‍රතිජානන ඡන්ද පමණක් ලබාදිමට හැකි විට ඡන්දදායකයා ප්‍රතිශේදන මනාපයක් නියෝජනය කිරීමට උත්සාහ දැරීමේ මෙම ප්‍රතිචාර ලුපය ඇතිවේ.ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගේ ජයග්‍රහන අවම වන විකල්ප තෝරා ගැනීමට මෙහිදී ඡන්ද දායකයාට අවස්ථාවක් ලැබේ.එය උදාහරණයකින් මෙසේ සලකා බැලිය හැකිය.සාමාන්‍ය දිර්ඝ ඉතිහාසයක් ඇති පක්ෂයකින් අපේක්ෂකයින්ගේ ජය ලැබීම සිදුවේ.වෙනත් අපේක්ෂකයකුට පරාජය කරවීමට ඡන්දදායකයාට කළ හැකි එක් කර්යයක් වනුයේ එවන් ඉතිහාසයක් සහිත පක්ෂයකට ඡන්දය දීමයි.ඔහු අකමැති අපේක්ෂකයා ඉදිරිපත් වන්නේ දීර්ඝතම ඉතිහාසක් ඇති පක්ෂයකින් නම්,ඡන්දදායකයා කල යුත්තේ දෙවන දීර්ඝතම ඉතිහාසය සහිත පක්ෂයට ඡන්දය ලබා දීමයි. මේ අනුව ඉතිහාසයක් ගොඩනගාගත් පක්ෂ දෙකකට පමණක් ප්‍රරෝහණ ශක්තියක් පවතින අතර ප්‍රතිචාර ලුපයෙන් වාසි ලබන ඡන්දධායකයන්ට එය අහිමිවේ.
සූර්යාදිනාත පවසන ආකාරයට දේශපාලන පක්ෂ පිළිබඳ බටහිර සමාජවල බිහිවී ඇති නිර්වචනවලට බටහිර නොවන සමාජවල ඇත්තේ සීමිත භාවිතාවකි. ඔහු පවසන්නේ සංවිධානයේ කාර්යයන් ඉතා වැදගත් වන බැවින්,එම සංවිධානයට තමන්ව දේශපාලන පක්ෂයක් ලෙස හඳුනාගැනීමට වඩා වැදගත් වන්නේ දේශපාලන කාර්යයන් මුල් කර ගනිමින් ගොඩනැගීම බවය.
 
ප්‍රතිශේදන ඡන්ද ක්‍රමයක් මහජන ඡන්දයට හෝ මැතිවරණ විද්‍යාල ඡන්දයක් සදහාද භාවිතා කල හැක. මැතිවරණ විද්‍යාලය මහජන ඡන්දය නියෝජනය කරන්නේ නම්, විද්‍යාලයට මෙන්ම,මහජනතාවට ද තුලිත මැතිවරණ අවස්ථාව ලබාදිය යුතුය.
 
== බහු පක්ෂ ==
 
බහුපක්ෂ ක්‍රමය යනු පක්ෂ දෙකකට වැඩියෙන් තරග කරන ක්‍රමයකි.
 
[[Image:ElezioneBrunate.jpg|thumb|යුරෝපියන් පාර්ලිමේන්තු ඡන්දයේදී පක්ෂවල නම් ලැයිස්තුව පෝස්ටර් යොදාගෙන පෙන්වා ඇති අයුරු]]
ප්‍රබල පක්ෂ දෙකකට අමතරව සාර්ථක තුන්වන පක්ෂයක්ද පවතින රටවල් බහු පක්ෂ ක්‍රමයට ගැනේ. උදාහරණ ලෙස කැනඩාව,අයර්ලංතය සහ එක්සත්‍ රාජධානිය දැක්විය හැක. මෙම තෙවන පක්ෂය මැතිවරණවලදී දෙවන ස්ථානය ලබාගන්නා අතර එය ප්‍රධාන පක්ෂ දෙකට තර්ජනයක් වූවත් තවමත් රජයක් පිහිටුවා ගෙන නැත.මෙවන් පක්ෂයක් විශේෂයෙන් වැදගත් වනුයේ එහි සහයෝගයන් හෝ විරෝධයෙන් සුළුතර රජයක් පවත්වා ගැනීමට හෝ නිමා කිරීමට හැකි බැවිනි.
 
පක්ෂ තුනම එකම කාලයක බලයට පත්වන අවස්ථා දුබලය.එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙස ෆින්ලන්තය දැක්විය හැකිය.
කොලොම්බියාව ද්වී පක්ෂ ක්‍රමයක් පැවති රටක් වුව ද 2002 මැතිවරණයෙන් පසු ඇල්වරෝ උරිවේගේ දර්ශනය නිසා එම රජයට පක්ෂ හයකට නායකත්වය දීමට අවස්ථාව හිමිවිය.
 
පක්ෂ තුනක් හෝ වැඩි ගණනක් පවතින විට දී සුලබව සිදුවන්නේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගත නොහැකි වීමයි. ඔවුන් එකිනෙකා සමග එක්වී සන්ධාන ගත රජයන් පිහිටු වීමය. අයර්ලන්තයේ සහ ජර්මනියේ මෙය සිදුව ඇත. සන්ධාන ගත රජයක ප්‍රධාන දුර්වලකම වන්නේ එය අස්ථාවර වීම සහ වෙනස්කම් නිසා අනතුරුවලට භාජන වීමට හැකවීමය.
 
 
== සටහන් ==
 
 
| [http://en.wikipedia.org/wiki/Political_party#Balanced_multiple_party_systems Political party - Balanced multiple party systems]
|}
{|
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/188729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි