"පොසිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
විශාලත්වය අනුව තනි සෛල වැනි අන්වීක්ෂීය ප්‍රමාණයේ සිට ඩයිනොසර වැනි මහෙක්ෂීය ප්‍රමාණ දක්වා පොසිල එකිනෙකින් වෙනස් වෙයි.සාමාන්‍යයෙන් පොසිල සංරක්ෂණයේදී අදාල පටකයෙන් කොටසක් පමණක් සංරක්ෂණය කරයි. බොහෝ විට එම කොටස් එහි ජීවි කාලය තුළදී භාගිකව ඛණිජ බවනය සිදු වු පෘෂ්ට වංශිකයන්ගේ අස්ථි හා දත් හෝ අපෘෂ්ඨ වංශිකයන්ගේ කයිටීනමය බාහිර අස්ථි පද්ධතිය වැනි කොටස් වෙයි. මෘදු පටක සංරක්ෂණය වීම නම් පොසිල වාර්තා වලට අනුව ඉතා දුර්ලභ සිදුවීමකි. තවද පොසිල අදාළ ජීවියා ජිවත්ව සිටිය දී තබන ලද අඩි සටහන් හෝ උරගයෙකුගේ අසූචි වැනි සලකුණු වලින් සමන්විත විය හැකිය. මෙම වර්ගවල පොසිල අණුරේඛන පොසිල ලෙස හඳුන්වන අතර අනෙක්වා දේහ පොසිල ලෙස හඳුන්වයි. අවසාන වශයෙන් පැරණි ජීවිත දැකිය නොහැකි නමුත් අනාවරණය කර ගත හැකි සමහරක් සලකුණු ජෛව රසායනික සංඥා ආකාරයෙන් තබනු ලබන අතර මේවා රසායනික පොසිල හෝ ජෛව සලකුණු ලෙස හඳුන්වනු ලැබේ.
 
 
== පොසිල පිළිබඳ ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම් ==
Line 19 ⟶ 17:
== පොසිලකරණය පිළිබඳ නූතන දර්ශනය ==
 
[[Image:250px-Eldredgeops-rana-crassituberculata.jpg|thumb|නීල්ස් ඒල්ඩ්‍රිජ්ට අනුව නම් තබා ඇති Phacopid trilobite eldredgeops rana crassituberculata දකුණු දිග ඊශ්‍රායල් හමුව ජුරාසික් හුණුගල් මත වූ ගැස්ට්‍රොපොඩ් හා සැබැඳී ඇති පියලි දෙකේ බෙල්ලන්.]]
ෆොසිල වාර්තා යනු ජීවයේ පරිණාමනීය වාර්තාන්ය. එමගින් ස්වාභාවික වරණය සමඟ ඒවා අනුව පාරිසරික තත්ත්ව හා ජානමය විභව අන්තර් ක්‍රියාකාරකම් සමඟ ජීවය වසර බිලියන 4කට වඩා වැඩි කාලයක් තිස්සේ පැවත ඇති ආකාරය අප ඉදිරියේ දිග හරිනු ලබයි. පෘථිවියේ කාලගුණය , භු චලන, වායු ගෝලය, සාගර හා ආවර්තික ව්‍යසන සියළු ජීවීන් මත මූලික තෝරා ගත් පීඩන යෙදූ අතර ඒ හේතුවෙන් ඔවුන් පැවතෙන්නන් ඉතිරි කරමින් හෝ ඉතිරි නොකරමින් නැතිවී ගියහ. නූතන පාෂාණ ධාතු විද්‍යාව, පරිණාමනීය ජීව විද්‍යාව සමඟ සම්බන්ධ වී ඇති අතර එය අනිවාර්යයෙන්ම සෛල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයේ පරිණාමනය සිදු වු ප්‍රාග් කේම්බ්‍රියන්ගේ අවධිය දක්වා දිව යයි. වංශ ප්‍රවේණික විද්‍යාව යොදා ගන්නා අණුක ජීව විද්‍යාඥයින්ට, වර්ගීකරණ විද්‍යාව හා ජීවීන් අතර පරිණාමනීය දුර ඇඟවීම සඳහා ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල හෝ නියුක්ලියෝටයිඩ අනුක්‍රම සම ප්‍රභවතාව සංසන්දනය කළ හැකිය. නමුත් මෙය සිදු කළ යුත්තේ සීමා සහිත සංඛ්‍යානමය විශ්වාසයක් සමඟය. අනෙක් අතින් පොසිල පිළිබඳ අධ්‍යයනය මඟින් , පරිණාම ගසෙහි ජීවීන් වර්ගීකරණය සිදු වූ කාලය හා ක්‍රමය වඩාත් හොඳින් දැක්විය හැකිය. විද්‍යාවේ, ජීවය හා පෘථිවියෙහි ගැඹුරු කාලය අතරතුර දී එහි පරිණාමනය පිළිබඳ දර්ශනය පැහැදිලි කිරීම තවමත් දුර්වලය. ඒ සඳහා නූතන වංශ ප්‍රවේණික හා පාෂාණීය ධාතු විද්‍යාත්මක කටයුතු එකට එකතු කර ක්‍රියාවෙහි යොදවනු ලබයි.
 
"https://si.wikipedia.org/wiki/පොසිල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි