"චිත්‍රපට කර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන , චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ.
 
චිත්‍රපට නිර්මාණයේදී වැයකළ යුතු විශාල මුදල් ප්‍රමාණයක් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය බොහෝ දුරට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින නිෂ්පාදන ආයතන ආශ්‍රීතව කේන්ද්‍රගතව පවතී. කෙසේ නමුත් ලාභදායී චිත්‍රපට නිෂ්පාදන උපාංගවල දියුණුව සහ ක්ෂේත්‍රයට පරිබාහිරව ආයෝජන ලබාගැනීමේ හැකියාව දියුණුවීම හේතුවෙන් ස්වාධීන චිත්‍රපට නිෂ්පාදනය සඳහාද ඉඩකඩ විවරව ඇත.
 
== චිත්‍රපට නිර්මාණය ==
 
චිත්‍රපටයක් සඳහා ආරම්භක කතා සංකල්පයක නැතහොත් පිටපත් නිර්මාණය කිරීමේ පටන් පටිගත කිරීම, සංස්කරණය සහ අවසානයේ ග්‍රාහකයන් වෙත බෙදා හැරීම් දක්වා වූ ක්‍රියාවලිය චිත්‍රපට නිර්මාණය නම් වේ. සාමාන්‍යයෙන් මේ සඳහා පුද්ගලයන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය ලබාගත යුතු අතර නිර්මාණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා කාලයක් ගත විය හැකිය. ලෝකය පුරා ආර්ථික සමාජීය හා දේශපාලනික ආදී පසුබිම් රාශියක් පදනම් කොට ගෙන චිත්‍රපට නිර්මාණය සිදු වන අතර එහිදී විවිධ තාක්ෂණයන් සහ ක්‍රමවේද භාවිතා වේ.
 
== සටහන් ==
Line 8 ⟶ 12:
 
{|
 
 
|-
 
 
|[http://en.wikipedia.org/wiki/Film_industry Film_industry]
|}
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_කර්මාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි