"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
17 පේළිය:
 
 
ජීවියකුගේ [[ගෙනෝමය]] අන්තර්ගත වන්නේ [[ඩී.එන්.ඒ]] තුළය. වයිරස වලදී නම් [[ආර්.එන්.ඒ]] තුළය. ප්‍රොටීනයක් හෝ ආර්.එන්.ඒ සඳහා වූ ගෙනෝමයේ කොටස [[ජාන]] නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම [[පොස්පේට්]] අණුවක්, [[ඩිඔක්සිරයිබෝස්]] සීනි අණුවක් හා [[නයිට්‍රජනීය භෂ්ම]]යකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල [[පියුරීන]] භෂ්ම වන [[ඇඩිනීන්]](A) හා [[ගුඇනීන්]](G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා [[පිරිමිඩීන්]] භෂ්ම වන [[සයිටොසීන්]](C) හා [[තයිමීන්]](T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී ඩී.එන්.ඒ ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ [[භෂ්ම යුගල]]නය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් ‍රැහැනකරැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් ‍රැහැනකරැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය.<ref name="MBG">{{cite book | author = Watson JD, Baker TA, Bell SP, Gann A, Levine M, Oosick R. | authorlink = | editor = | others = | title = Molecular Biology of the Gene | edition = | language = | publisher = Pearson/Benjamin Cummings | location = San Francisco | year = 2008 | origyear = | pages = | quote = | isbn = 0-8053-9592-X }}</ref>{{rp|102–117}} ආර්.එන්.ඒ හි දී තයිමීන්(T) [[යු‍රැසිල්]](U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් [[රයිබෝස්]] මගින් ද ආදේශනය වේ. <ref name="MBG"/>{{rp|127}}
 
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල ආර්.එන්.ඒ බහු අවයවිකයක් බවට [[පිටපත්(ප්‍රතිලේඛනය)]] කෙරෙයි. [[ප්‍රාක්න්‍යශ්ඨිකයින්]]ගේ මෙම ආර්.එන්.ඒ [[පණිවිඩකාරක ආර්.එන්.ඒ]]හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර [[සුන්‍යශ්ඨිකයින්]]ගෙ පරිණත mRNA නිශ්පාදනයට [[පිටපත් කිරීමේ ක්‍රියාවලිය(ප්‍රතිලේඛනය)]] අවශ්‍යවේ. mRNA [[රයිබසෝම]] මතදී [[ඇමයිනෝ අම්ල]] දාමයක් හෝ [[පොලිපෙප්ටයිඩ]]යක් බවට පරිවර්තනය වේ.<ref name="MBG"/>{{rp|Chp 12}} මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ [[හුවමාරුක ආර්.එන්.ඒ]], ශක්ති ප්‍රභවයක් ලෙස [[ගුඇනොසීන් ට්‍රයිපොස්පේට්]] හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. ආර්.එන්.ඒ වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක [[ප්‍රතිකෝඩෝන]] අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් [[සහසංයුජ]]ව ආරෝපණය කළ හැක. තනි tRNA අණුවලට [[ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස්]] නම් වූ එන්සිමයක් මගින් විශේෂිත ඇමයිනෝ අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී නිවැරදි බව පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.<ref name="MBG"/>{{rp|464–469}}
292 පේළිය:
වෙනස් කෝඩෝන 6ක් මගින් සංකේතවත් වන ඇමයිනෝ අම්ල 3කි. ඒවානම් සෙරීන්, ලියුසීන් හා ආර්ජිනීන් ය. තනි කෝඩෝනයකින් පමණක් විශේෂණය වන ඇමයිනෝ‍ අම්ල වන්නේ මෙතියොනීන් (AUG) හා ට්‍රිප්ටොෆෑන් (UGG) යන අම්ල පමණි. සම ප්‍රතිඵල ගෙන දෙන වෙනස් විකෘති පැවතීමට හේතුව ප්‍රවේණි කේතයේ ඇති පිරිහුම් ය.<ref name="MBG"/>{{rp|Chp 15}}
 
සංකේතවත් කළ හැකි ඇමයිනෝ අම්ල ගණනට වඩා කෝඩෝන පැවතීම හේතුවෙන් පිරිහුම් ඇතිවෙයි. කෝඩෝනයක‍ට භෂ්ම දෙකක් පමණක් තිබුණෙනම් සංකේත කළ හැක්කේ ඇමයිනෝ අම්ල 16ක් (424<sup>2</sup>=16) පමණි. ඇමයිනෝ අම්ල 20 හා නැවතුම් කෝඩෝනය සඳහා අවම වශයෙන් කේත 21ක් වත් අවශ්‍ය වන නිසා කෝඩෝනයකට ගත‍ හැකි මීළඟට වැඩිම භෂ්ම සංඛ්‍යාව 3කි. එය කෝඩෝන 64ක් (434<sup>3</sup>=64) ගෙන දෙන බැවින් අනිවාර්යයෙන්ම පිරිහුම් පැවතිය යුතු ය. <ref name="MBG"/>{{rp|521–522}}
 
ප්‍රවේණි කේතයෙහි මෙම ගුණය ලක්ෂ්‍ය විකෘති මගින් ඇතිවිය හැකි දෝෂ දරාගැනීමේ හැකි‍යාව වැඩි කරයි. උදාහරණ ලෙස චතුර්විධ පිරිහුම් කෝඩෝන වලට තෙවැනි පිහිටුමෙහි සිදුවන ඕනෑම විකෘතියක් දරාගත හැකිය. නමුත් බොහෝ ජීවීන් තුළ කෝඩෝන භාවිතයේ ඇති නැඹුරුවීම් මේ හැකියාව ප්‍රගුණනය සීමා කරයි. උභය පිරිහුම් කෝඩෝන වලට තෙවන පිහිටුමේ සිදු‍ විය හැකි විකෘති 3න් 1ක් දරාගත හැකිය. මන්ද විකෘති අතුරින් පියුරීනයක් වෙනුවට පියුරීනයක්ම ආදේශ වීම හෝ පිරිමිඩීනයක් වෙනුවට පිරිමිඩීනයක්ම ආදේශ වීම, පියුරීනයක් වෙනුවට පිරිමිඩීනයක් ආදේශ වීම හෝ පිරිමිඩීනයක් වෙනුවට පියුරීනයක් ආදේශ වීමට වඩා වැඩිපුර සිදුවන බැවිනි. පියුරීන හා පිරිමිඩීන වල මෙ‍ම හැසිරීම උභය පිරිහුම් පොළක දී දෝෂ දරා ගැනීමේ හැකියාව තවදුරටත් වැඩි කරයි.<ref name="MBG"/>{{rp|531–532}}
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි