"ආබාධිතවුවන්ගේ ක්‍රීඩා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
== සංවිධානය හා ඉතිහාසය ==
 
[[Image:-AnnetteLongJump.jpgthumbjpg|thumb|Annette Roozen දුර පැනීමේ තරඟයට සහභාගී වෙමින්]]
ආබාධ සහිත ක්‍රීඩකයන් වර්ග 3 කට බෙදේ. බිහිරි, ශාරීරික ආබාධ හා මානසික ආබාධ. අන්තර්ජාතික බිහිරි තරඟ මුලින් ම ආරම්භ වුයේ 1924 පැරිස් සයිලන්ට් ගේම්ස් වලය. මෙම තරඟ වර්තමානයේ පවතින ඩෙෆලිම්පින්ස් වල විකාශනයයි. අන්තර්ජාතික බිහිරි ක්‍රීඩා කමිටුව (CISS) බිහිරි තරඟකරුවන් සඳහා වෙනම තරඟ පවත්වන අතර, එය ඔවුන්ගේ ප්‍රමාණයෙන්, විශේෂ සන්නි‍වේදන අවශ්‍යතා හා අන්‍යොනය සබඳතා ක්‍රීඩාව කෙරෙහි බලපායි. මෙම ක්‍රීඩා මුලින්ම දෙවන ලෝක යුද්ධයෙන් ආබාධ වූ සොල්දාදුවන් හා සිවිල් වැසියන් පුනරුත්ථාපනය කිරී‍ම සඳහා ප්‍රධාන කොටසක් ලෙස යොදා ගැනුණි. මෙහි මුල්ම නිර්මාතෘවරයා වන්නේ 1948 මැන්ඩවිල් රෝහලේ විසූ සර් ලුඩ්වින් ගට්මන් ය. ඔලිම්පික් තරඟ ලන්ඩන් වල පැවති අතර, ආබාධ සහිත රෝද පුටු තරඟකරුවන්නේ තරඟය ස්ටොන් මැන්ඩවිල් හි පවත්වන ලදි. මෙය වර්තමානයේ පැරාලිම්පික් තරඟාවලියේ විකාශනයයි. වර්තමානයේ මෙම තරඟාවලිය අන්තර් ජාතික පැරාලිම්පික් කමිටුව හා අන්තර් ජාතික ක්‍රිඩා සංවිධාන යටතේ පාලනය වේ. බුද්ධිමය ආබාධ ක්‍රීඩාව 1960 වසරේ විශේෂ ඔලිම්පික් සංවිධානයකින් බිහිවිය. 1962 ඉයුනීස් කෙනඩි ශ්‍රීවර් ගේ ග්‍රීස්ම කඳවුරු කිහිපයකින් වර්ධනය විය. මුල්ම අන්තර්ජාතික විශේෂ ඔලිම්පික් තරඟය 1968 දී චිකාගෝ හිදී පැවැත් වුණි. 1986 වසරේ දී අන්තර්ජාතික බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධානය (WAS - FID) බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ විශිෂ්ඨ තරඟ ඇති කලේය. බුද්ධිමය ආබාධ සහිත ක්‍රීඩකයන් පැරාලිම්පික් හි අඩංගු කර තිබු අතර, 2000 වසරේ ඔලිම්පික් හි දී ඇති වූ වංචාවන් හේතුවෙන් මෙම තරඟකරුවන් පැරාලිම්පික් තරඟාවලියෙන් තහනම් කරන ලදි. 2006 වසරේ දී සන්ධි ආබාධ සහිත පුද්ගලයන් හට තරඟයක් සංවිධානය කරන ලද අතර කොලේජ් පාර්ක් සමාගම (තම නිෂ්පාදනය වන කෘත්‍රිම පාද) මෙහි තරඟයක් වන ඇක්ෂන් ස්පෝට්ස් තරඟය ට අනුග්‍රහය දක්වා ඇත. මෙය ග්‍රීෂ්ම සෘතුවේ ඔර්ලැන්ඩො හි පවත්වන අතර අදාල තරඟකරුවන් හිම මත ලිස්සා යාම, පර්වත නැඟීම, කදු තරණය - බසියිකල් මඟින්, රැල මත පැදීම හා ඔරු පැදිම වැනි ක්‍රීඩා කරති.
 
"https://si.wikipedia.org/wiki/ආබාධිතවුවන්ගේ_ක්‍රීඩා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි