"කලාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: gd:Ealain |
No edit summary |
||
9 පේළිය:
== පදය පිළිබඳ නිර්වචන ==
’කලාව’යන වචනයේ ඉතාමත්ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත්වූයේ ක්‍රි.ව. 1750 න් පසුවය. එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස ‘කලාව’ යන වචනය යොදාගනු ලැබිණි. බ්‍රිටැනිකා විශ්වකෝෂය ‘කලාව’ යන්න අර්ථ නිරූපනය කරන්නේ ‘අන්‍යයන් සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේදී හැකියාව සහ පරිකල්පනය යොදාගැනීම’ යනුවෙනි. ‘කලාව’ යන වචනය පිළිබඳව වන කුමන අර්ථ නිරූපනයක් අනුව බැලූවද පූර්ව ඵෙතිහාසික චිත්‍රවල සිට වර්තමාන චිත්‍ර දක්වා වූ සෞන්දර්යාත්මක නිර්මාණයන්ට මිනිස් වර්ගයා තරම්ම දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි. ‘කලාව’ නැමැති සංකල්පය පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත. 1970 දී ඇඩර්නෝ කියා සිටියේ ‘දැන් පිළිගතයුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් තවදුරටත් එසේ යැයි පිළිගත යුතු නොවන බවයි’ යනුවෙනි. කලාව පිළිබඳ මුල්ම සහ වඩාත් පුළුල් අර්ථය වන්නේ දළ වශයෙන් ‘හැකියාව’ නොඑසේනම් ‘කෞෂල්‍යය’ ලෙසින් පරිවර්තනය කරනු ලැබිය හැකි පැරණි ලතින් වචනය වේ. එමෙන්ම මෙම අර්ථයට සමාන අර්ථයක් ‘සැකසුම’ හෝ ‘පිළියෙල කිරීම’ යන අර්ථය ගැබ්වූ ඉන්දු යුරෝපීය මූල වචනයෙහිද ගැබ්ව ඇත. මේ අනුව බැලූකල කිසියම් කර්තෘවරයකු විසින් වුවමනාවෙන්ම සිදුකරන ලද්දාවූ සකස් කිරීමේ ක්‍රියාවලියකට බඳුන් වූ ඕනෑම දෙයක් කලාව යනුවෙන් හැඳින්විය හැකිය. මෙම තේරුම් ගැනීම් ඉතා පුළුල් එකක් බව ඔප්පු කිරීම සඳහා උදාහරණ ලෙස ඉංග්‍රීසි භාෂාවේ කලාව සඳහා යෙදෙන 'රඑ’ යන වචනය ඇසුරුකොටගෙන බිහිවී ඇති artifact (මානවකෘතිය), artificial (නිර්මාපිත), artifice (ප්‍රයෝගය), artillery (කාලතුවක්කු), medial arts (මාධ්‍යයීය කලාවන්) සහ military arts (යුධකලාවන්) යනාදී යෙදුම් දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම යෙදුම වෙනත් බස්වහරවල යොදාගනු ලබන වෙනත් යෙදීම් රැසක්ද පවති. ඒවායින් සමහරක් නිරුක්ති ශාස්ත්‍රය හා සම්බන්ධිත ඒවා වෙයි.
’කලාව‘ යන වචනයේ දෙවන සහ වඩාත් මෑතකාලීන අර්ථය දැක්වෙන්නේ නිර්මාණාත්මක කලාව සහ ලලිත කලාව යන දෙකෙහි සංක්‍ෂිප්තකරණයක් ලෙසිනි. කලාකරුවගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශකිරීම සඳහා හැකියාව යොදාගැනීම හෝ රසවිඳින්නන්ගේ සෞන්දර්යාත්මක සංවේදනාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම හෝ ලාලිත්‍යමය දේ අවධානයට ලක්කිරීම සඳහා රසවිඳින්නන් පෙළඹවීම හෝ ලලිත කලාව යනුවෙන් හැඳින්වේ. බොහෝවිට හැකියාවන් සාමාන්‍ය හෝ ප්‍රායෝගික ආකාරයෙන් යොදාගනු ලබන්නේ නම් ජනතාව එවැනි නිර්මාණයන් කලාව ලෙස නොව ශිල්පයක් ලෙස සලකනු ලබයි. එමෙන්ම හැකියාව වානිජමය හෝ කාර්මික ස්වරූපයකින් යොදාගනු ලබන්නේ නම් එය කලාව ලෙස නොව වානිජ කලාව ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් අතට සමහර අවස්ථාවන්හිදී ශිල්පීය නිර්මාණයන් සහ සැලසුම් ව්‍යවහාරික කලාව ලෙසින්ද සලකනු ලබයි. සමහර කලා අනුගාමිකයින් කියා සිටින්නේ ලලිත කලාව සහ ව්‍යවහාරික කලාව අතර වෙනස තීරණය කළයුත්තේ කලාව පිළිබඳව වටිනාකම පදනම් කොටගෙන මිස පැහැදිලි අර්ථ නිරූපනමය වෙනස්කමක් පදනම් කරගෙන නොවන බවය. කෙසේ නමුත් හුදු ශුද්ධ නිර්මාණාත්මක බව සහ ස්වයං ප්‍රකාශනය අභිබවාගිය අරමුණු ලලිත කලාවට පවා ඇත. කලාකෘතීන්හි අරමුණ දේශපාලනික ආධ්‍යාත්මික හෝ දාර්ශනික අදහස් සන්නිවේදනය සුන්දරත්වය පිළිබඳ සංවේදනයක් නිර්මාණය කිරීම සන්තෘෂ්ඨිය සඳහා හෝ ප්‍රබල භාවයන් ජනනය කිරීම වියහැකිය. එමෙන්ම සමහර විටෙක එහි අරමුණ බැලූබැල්මට විද්‍යමාන නොවන්නක්ද වියහැකිය.
[[Image:Ma_Lin_003.jpg|thumb|
සොංග් රාජවංශික චිත්‍රශිල්පියකු වූ මා ලින් ගේ සිතුවමක්]]
ලලිත කලාවේ ලලිත යන යෙදුමේ නිරුක්තිය ආරම්භ වන්නේ යමක් පැහැදිලි කිරීමට හේතූන් හතරක් යෝජනා කරසිටි ඇරිස්ටෝටල්ගේ දර්ශනයෙනි. ඊට අනුව ඕනෑම යමක් පිළිබඳව වන අවසාන හේතුව වන්නේ එහි පැවැත්මේ අරමුණයි. ලලිත කලාව යන යෙදුම නිරුක්තිය ලබන්නේ මෙම සංකල්පයෙනි. කලා කෘතියක අවසාන අරමුණ එම කලා කෘතියම නම්, වෙනත් කිසිදු අරමුණක් වෙනුවෙන් නොවේනම් එනම් ‘කලාව කලාව උදෙසාම’ නම්, එකී කලාකෘතිය වඩාත් නිවැරදි ලෙස ලලිත කලාවක් ලෙසින් හැඳින්විය හැකිය. මීට සමීප සම්බන්ධයක් ඇති සුන්දරත්වය පිළිබඳ සංකල්පය ශාස්ත්‍රීයව ‘එය කවර කල්හි දුටුවද සන්තෘෂ්ඨිය ඇතිකරන්නක්’ ලෙසින් අර්ථ නිරූපනය කරනු ලබයි. සුන්දරත්වයේ අවසාන නිෂ්ටාව සන්තෘෂ්ඨිය ඇතිකිරීම වන අතර ඒ අනුව එහි වෙනත් කිසිදු අරමුණක් නොමැති අතර එහි අරමුණ වන්නේ එයමය.
නිර්මාණාත්මක හැකියාව පිළිබඳව අධ්‍යයනය, නිර්මාණාත්මක හැකියාව යොදාගැනීමේ ක්‍රියාවලිය හෝ නිර්මාණාත්මක හැකියාව පිළිබඳ රසවිඳින්නාගේ අත්දැකීම ආදී වශයෙන් කලාවට බොහොමයක් දේ විස්තර කළහැකිය. නිර්මාණාත්මක කලාවන් (කලාව දැනුම් පද්ධතියක් ලෙස) වූ කලි පුද්ගලික හඹායාමක් (කලාව ක්‍රියාකාරකමක් ලෙස) විසින් මෙහෙයවනු ලැබූ සහ නරඹන්නාට අර්ථ නිරූපණය කිරීම සඳහා (කලාව අත්දැකීමක් ලෙස) පණිවුඩයක මනෝභාවයක හෝ සංකේතවාදයක පිළිබිඹුවක් හෝ අනුනාදයක් වන්නාවූ කලාකෘතීන් (කලාව විෂය වස්තුවක් ලෙස) නිෂ්පාදනය කරන (කලාත්මක) දැනුම් පද්ධතීන්හි එකතුවකි. යම් අදහසක් තවත් අයකුට සන්නිවේදනය කිරීම සඳහා වන සීමාරහිත සංකල්පයන් හෝ අදහස්වල අරමුණු සහගත නිර්මාණාත්මක අර්ථ නිරූපණයන් ලෙසින් කලාකෘති හැඳින්විය හැකිය. එමෙන්ම එය අදහසක් පිළිබඳව ප්‍රකාශනයක් වන අතර එය විවිධාකාරයන් ගතහැකි වනවා මෙන්ම එය විවිධ අරමුණු වෙනුවෙන් එය සේවය කරනු ලැබිය හැකිය. නව විද්‍යාත්මක න්‍යායක් බිහිකිරීම සඳහා විද්‍යාත්මක න්‍යායන් යොදාගැනීම සඳහා හැකියාව මෙන්ම අලූතින් යමක් ‘නිර්මාණය කිරීම’ කළයුතු වන අතර එය නියෝජනය කරන්නේ විද්‍යාව පමණක් වන අතර එය කලාව ලෙස සලකනු නොලැබේ.
== ඉතිහාසය ==
|