"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල ආර්.එන්.ඒ බහු අවයවිකයක් බවට [[පිටපත්(ප්‍රතිලේඛනය)]] කෙරෙයි. [[ප්‍රාක්න්‍යශ්ඨිකයින්]]ගේ මෙම ආර්.එන්.ඒ [[පණිවිඩකාරක ආර්.එන්.ඒ]]හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර [[සුන්‍යශ්ඨිකයින්]]ගෙ පරිණත mRNA නිශ්පාදනයට [[පිටපත් කිරීමේ ක්‍රියාවලිය(ප්‍රතිලේඛනය)]] අවශ්‍යවේ. mRNA [[රයිබසෝම]] මතදී [[ඇමයිනෝ අම්ල]] දාමයක් හෝ [[පොලිපෙප්ටයිඩ]]යක් බවට පරිවර්තනය වේ.<ref name="MBG"/>{{rp|Chp 12}} මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ [[හුවමාරුක ආර්.එන්.ඒ]], ශක්ති ප්‍රභවයක් ලෙස [[ගුඇනොසීන් ට්‍රයිපොස්පේට්]] හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. ආර්.එන්.ඒ වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක [[ප්‍රතිකෝඩෝන]] අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් [[සහසංයුජ]]ව ආරෝපණය කළ හැක. තනි tRNA අණුවලට [[ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස්]] නම් වූ එන්සිමයක් මගින් විශේෂිත ඇමයිනෝ අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී නිවැරදි බව පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.<ref name="MBG"/>{{rp|464–469}}
 
නියුක්ලියෝටයිඩ 3 ක ත්‍රිත්ව කෝඩෝනයක් මගින් එකිනෙකට වෙනස් වු කෝඩෝන සම්බන්ධතා 4<sup>3</sup> = 64 ක් සෑදීමට හැකිය. මේ කෝඩෝන 64 ම පරිවර්තනයේ දී නැවතුම් කෝඩෝන(අන්ත කෝඩෝන) හෝ ඇමයිනෝ අම්ල බවට හැරවේ. උදාහරණයක් වශයෙන් UUUAAACCC ආර්.එන්.ඒ අනුපිළිවෙල සළකා බලමු. පළමුව U (සම්මතයක් ලෙස 5 සිට 3 දක්වා) වලින් පටන් ගන්නා කියවීමේ රාමුව තුළ UUU, AAA, සහ CCC ලෙස ඇමයිනෝ අම්ල 3ක් විශේෂණය කරන කෝඩෝන 3කි. මෙම RNAආර්.එන්.ඒ අනුපිළිවෙල ඇමයිනෝ අම්ල 3ක දිගින් යුත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය වෙයි.<ref name="MBG"/>{{rp|521–539}} දෙන ලද ඇමයිනෝ අම්ලයක් 1 සිට 6 දක්ව වු වෙනස් කෝඩෝන අනුපිළිවෙලක් මගින් සංකේතවත් කෙරෙයි. [[පරිගණක විද්‍යාව]] හා සංසන්ඳනය කිරීමේදී, කෝඩෝනයක් දත්ත හැසිරවීම සඳහා වූ සම්මත කොටස ලෙස සැළකෙන එක් [[පදය (දත්ත වර්ගය)|පදය]]කට(word) ද, නියුක්ලියෝටයිඩයක් කුඩාම ඒකකය‍ ලෙස සැළකෙන [[බිට්]](bit) එකකටද සමාන වේ යයි දැක්විය හැක.
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩෝන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන වගුවෙහි දැක්වේ. දෙවන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් අනුලෝම හා ප්‍රතිලෝම කෝඩෝන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ [[ඇස්පරජයින්]] ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC [[සිස්ටීන්]] නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)<ref name="MBG"/>{{rp|522}}
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි