"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:RNA-codons.png|thumb| [[පණිවිඩකාරක RNAආර්.එන්.ඒ]] (mRNA) අණුවක කොටසක අඩංගු කෝඩෝන ශ්‍රේණියක්. එක් එක් කෝඩෝනයක් සාමාන්‍යයෙන් එක් [[ඇමයිනො අම්ලය]]කට අදාළ [[නියුක්ලියෝටයිඩ]] තුනකින් සමන්විත වෙනවා. මෙම නියුක්ලියෝටයිඩ A, U, G සහ C අකුරු වලින් කෙටියෙන් දක්වනවා. මෙහි දක්වා ඇත්තේ U ([[යුරැසිල්]]) යොදාගන්නා mRNA අණුවකි. [[ඩී.එන්.ඒ]] ඒ වෙනුවට T ([[තයිමීන්]]) යොදා ගනියි. මෙම mRNA අණුව මෙම කේතයට අනුව ප්‍රෝටීනයක් සංස්ලේශණය කිරීමට [[රයිබසෝම]]යකට උපදෙස් දෙයී. ]]
 
'''ප්‍රවේණික කේතය ( ප්‍රවේණි කේතය )''' ( genetic code ) යනු ජීවී [[සෛල (ජීව විද්‍යාව)|සෛල]] මගින් ප්‍රවේණික ද්‍රව්‍යවල ([[ඩී.එන්.ඒ]] හෝ [[mRNA]] අනුපිළිවෙල) අඩංගු ප්‍රවේණික තොරතුරු, [[ප්‍රෝටීන]] ([[ඇමයිනො අම්ල]] අනුපිළිවෙල) බවට පත් කිරීමේ නීතී මාලාවකි.
 
ප්‍රෝටීන සංස්ලේශණ දී ඊළඟට එකතු වන්නේ කුමන ඇමයිනො අම්ලයදැයි නිශ්චිතව දක්වන '''කෝඩෝන''' නමැති [[නියුක්ලියෝටයිඩ]] තුනේ අනුපිළිවෙලවල්, මෙම කේතය මගින් නිර්ණය කෙරෙයි. අවස්ථා කිහිපයක දී හැරෙන්නට,<ref name="pmid19131629">{{cite journal | author = Turanov AA, Lobanov AV, Fomenko DE, Morrison HG, Sogin ML, Klobutcher LA, Hatfield DL, Gladyshev VN | title = Genetic code supports targeted insertion of two amino acids by one codon | journal = Science | volume = 323 | issue = 5911 | pages = 259–61 | year = 2009 | month = January | pmid = 19131629 | doi = 10.1126/science.1164748 }}</ref> නියුක්ලික් අම්ලයක ඇති [[නියුක්ලියෝටයිඩ]] තුනේ කෝඩෝනයක් එක් නිශ්චිත ඇමයිනො අම්ලයක් නිරූපණය කරයි. ඇතැම් [[#සම්මත ප්‍රවේණික කේතයෙන් වෙනස් වීම්|විචල්‍ය කේත]] විකාශනය වී පැවතුන ද, ජාන වල අති බහුතරය කේතනය වී ඇත්තේ මෙම කේතයෙන්ම ([[#RNAආර්.එන්.ඒ කෝඩෝන වගුව|RNAආර්.එන්.ඒ කෝඩෝන වගුව]] බලන්න) වන නිසා මෙම සුවිශේෂී කේතය සම්මත ප්‍රවේණි කේතය හෝ සරළව, ප්‍රවේණි කේතය ලෙස ව්‍යවහාර කෙරෙයි. උදාහරණ ලෙස, මිනිස් [[මයිටකොන්ඩ්‍රියානු|මයිටකොන්ඩ්‍රියා]]වල ප්‍රෝටීන සංස්ලේශණය සම්මත ප්‍රවේණි කේතයෙන් වෙනස් ප්‍රවේණි කේතයක් මගින් තීරණය වෙයි.
 
සියළුම ප්‍රවේණික තොරතුරු ගබඩා වන්නේ ප්‍රවේණි කේතය ඇසුරින් නොවේ. සියළුම ජීවීන්ගේ ඩී.එන්.ඒ තුළ යාමක අනුපිළිවෙලවල්, ජාන අතර කොටස්, ක්‍රොමසෝමික ව්‍යුහමය කලාප සහ වෙනත් [[කේතනය නොකරන ඩී.එන්.ඒ]] (වැඩිපුරම [[රූපානුදර්ශය]] සඳහා දායක වන) අඩංගු වේ. මෙකී අංග කෙරේ බලපැවැත්වෙන්නේ ප්‍රවේණි කේතය යටතේ ඇති කෝඩෝන-ඇමයිනෝ අම්ල බව‍ට පෙරළීමේ ක්‍රියාවලියෙන් වෙනස් වූ නීති සමුදායකි.
17 පේළිය:
 
 
ජීවියකුගේ [[ගෙනෝමය]] අන්තර්ගත වන්නේ [[ඩී.එන්.ඒ]] තුළය. වයිරස වලදී නම් [[RNAආර්.එන්.ඒ]] තුළය. ප්‍රොටීනයක් හෝ RNAආර්.එන්.ඒ සඳහා වූ ගෙනෝමයේ කොටස [[ජාන]] නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම [[පොස්පේට්]] අණුවක්, [[ඩිඔක්සිරයිබෝස්]] සීනි අණුවක් හා [[නයිට්‍රජනීය භෂ්ම]]යකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල [[පියුරීන]] භෂ්ම වන [[ඇඩිනීන්]](A) හා [[ගුඇනීන්]](G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා [[පිරිමිඩීන්]] භෂ්ම වන [[සයිටොසීන්]](C) හා [[තයිමීන්]](T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී ඩී.එන්.ඒ ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ [[භෂ්ම යුගල]]නය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් ‍රැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් ‍රැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය. RNAආර්.එන්.ඒ හි දී තයිමීන්(T) යු‍රැසිල්(U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් රයිබෝස් මගින් ද ආදේශනය වේ.<ref name="MBG">{{cite book | author = Watson JD, Baker TA, Bell SP, Gann A, Levine M, Oosick R. | authorlink = | editor = | others = | title = Molecular Biology of the Gene | edition = | language = | publisher = Pearson/Benjamin Cummings | location = San Francisco | year = 2008 | origyear = | pages = | quote = | isbn = 0-8053-9592-X }}</ref>{{rp|102–117}} In RNA, thymine (T) is replaced by [[uracil]] (U), and the deoxyribose is substituted by [[ribose]].<ref name="MBG"/>{{rp|127}}
 
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල RNAආර්.එන්.ඒ බහු අවයවිකයක් බවට [[පිටපත්(ප්‍රතිලේඛනය)]] කෙරෙයි. [[ප්‍රාක්න්‍යශ්ඨිකයින්]]ගේ මෙම RNAආර්.එන්.ඒ [[පණිවිඩකාරක RNAආර්.එන්.ඒ]]හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර [[සුන්‍යශ්ඨිකයින්]]ගෙ පරිණත mRNA නිශ්පාදනයට [[පිටපත් කිරීමේ ක්‍රියාවලිය(ප්‍රතිලේඛනය)]] අවශ්‍යවේ. mRNA [[රයිබසෝම]] මතදී [[ඇමයිනෝ අම්ල]] දාමයක් හෝ [[පොලිපෙප්ටයිඩ]]යක් බවට පරිවර්තනය වේ.<ref name="MBG"/>{{rp|Chp 12}} මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ [[හුවමාරුක RNAආර්.එන්.ඒ]], ශක්ති ප්‍රභවයක් ලෙස [[ගුඇනොසීන් ට්‍රයිපොස්පේට්]] හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. RNAආර්.එන්.ඒ වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක [[ප්‍රතිකෝඩෝන]] අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් [[සහසංයුජ]]ව ආරෝපණය කළ හැක. තනි tRNA අණුවලට [[ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස්]] නම් වූ එන්සිමයක් මගින් විශේෂිත ඇමයිනෝ අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී නිවැරදි බව පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.<ref name="MBG"/>{{rp|464–469}}
 
නියුක්ලියෝටයිඩ 3 ක ත්‍රිත්ව කෝඩෝනයක් මගින් එකිනෙකට වෙනස් වු කෝඩෝන සම්බන්ධතා 4<sup>3</sup> = 64 ක් සෑදීමට හැකිය. මේ කෝඩෝන 64 ම පරිවර්තනයේ දී නැවතුම් කෝඩෝන(අන්ත කෝඩෝන) හෝ ඇමයිනෝ අම්ල බවට හැරවේ. උදාහරණයක් වශයෙන් UUUAAACCC RNAආර්.එන්.ඒ අනුපිළිවෙල සළකා බලමු. පළමුව U (සම්මතයක් ලෙස 5 සිට 3 දක්වා) වලින් පටන් ගන්නා කියවීමේ රාමුව තුළ UUU, AAA, සහ CCC ලෙස ඇමයිනෝ අම්ල 3ක් විශේෂණය කරන කෝඩෝන 3කි. මෙම RNA අනුපිළිවෙල ඇමයිනෝ අම්ල 3ක දිගින් යුත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය වෙයි.<ref name="MBG"/>{{rp|521–539}} දෙන ලද ඇමයිනෝ අම්ලයක් 1 සිට 6 දක්ව වු වෙනස් කෝඩෝන අනුපිළිවෙලක් මගින් සංකේතවත් කෙරෙයි. [[පරිගනක විද්‍යාව]] හා සංසන්ඳනය කිරීමේදී, කෝඩෝනයක් දත්ත හැසිරවීම සඳහා වූ සම්මත කොටස ලෙස සැළකෙන එක් [[පදය (දත්ත වර්ගය)|පදය]]කට(word) ද, නියුක්ලියෝටයිඩයක් කුඩාම ඒකකය‍ ලෙස සැළකෙන [[බිට්]](bit) එකකටද සමාන වේ යයි දැක්විය හැක.
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩෝන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන වගුවෙහි දැක්වේ. දෙවන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් අනුලෝම හා ප්‍රතිලෝම කෝඩෝන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ [[ඇස්පරජයින්]] ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC [[සිස්ටීන්]] නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)<ref name="MBG"/>{{rp|522}}
 
== RNAආර්.එන්.ඒ කෝඩෝන වගුව ==<!-- This section is linked from [[Amino acid]] and [[DNA codon table]]; [[Codon table]], [[Codon dictionary]], [[RNA codon table]] redirect here -->
 
{| class="wikitable"
266 පේළිය:
==ඩී.එන්.ඒ කෝඩෝන වගුව==
{{main|ඩී.එන්.ඒ කෝඩෝන වගුව}}
ඩී.එන්.ඒ කෝඩෝන වගුව RNAආර්.එන්.ඒ කෝඩෝන වගුවට ඉඳුරාම සර්වසම වන අතර එකම වෙනස [[යුරැසිල්|U]] වෙනුවට [[තයිමීන්|T]] ප්‍රතිස්ථාපනය වී තිබීමයි.
 
== වැදගත් ලක්ෂණ ==
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි