"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
19 පේළිය:
ජීවියකුගේ ගෙනෝමය අන්තර්ගත වන්නේ ඩී.එන්.ඒ තුළය. වයිරස වලදී නම් RNA තුළය. ප්‍රොටීනයක් හෝ RNA සඳහා වූ ගෙනෝමයේ කොටස ජාන නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම පොස්පේට් අණුවක්, ඩිඔක්සිරයිබෝස් සීනි අණුවක් හා නයිට්‍රජනීය භෂ්මයකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල පියුරීන භෂ්ම වන ඇඩිනීන්(A) හා ගුඇනීන්(G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා පිරිමිඩීන් භෂ්ම වන සයිටොසීන්(C) හා තයිමීන්(T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී ඩී.එන්.ඒ ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ භෂ්ම යුගලනය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් ‍රැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් ‍රැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය. RNA හි දී තයිමීන්(T) යු‍රැසිල්(U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් රයිබෝස් මගින් ද ආදේශනය වේ.
 
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල RNA බහු අවයවිකයක් බවට [[පිටපත්(ප්‍රතිලේඛනය)]] කෙරෙයි. ප්‍රාක්න්‍යශ්ඨිකයින්ගේ[[ප්‍රාක්න්‍යශ්ඨිකයින්]]ගේ මෙම RNA [[පණිවිඩකාරක RNA ]]හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර සුන්‍යශ්ඨිකයින්ගෙ[[සුන්‍යශ්ඨිකයින්]]ගෙ පරිණත mRNA නිශ්පාදනයට [[පිටපත් කිරීමේ ක්‍රියාවලිය(ප්‍රතිලේඛනය)]] අවශ්‍යවේ. mRNA [[රයිබසෝම]] මතදී [[ඇමයිනෝ අම්ල]] දාමයක් හෝ පොලිපෙප්ටයිඩයක්[[පොලිපෙප්ටයිඩ]]යක් බවට පරිවර්තනය වේ.<ref name="MBG"/>{{rp|Chp 12}} මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ [[හුවමාරුක RNA]], ශක්ති ප්‍රභවයක් ලෙස [[ගුඇනොසීන් ට්‍රයිපොස්පේට්]] හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. RNA වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක [[ප්‍රතිකෝඩෝන]] අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් සහසංයුජව[[සහසංයුජ]]ව ආරෝපණය කළ හැක. තනි tRNA අණුවලට [[ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස්]] නම් වූ එන්සිමයක් මගින් විශේෂිත ඇමයිනෝ අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී නිවැරදි බව පවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.<ref name="MBG"/>{{rp|464–469}}
 
නියුක්ලියෝටයිඩ 3 ක ත්‍රිත්ව කෝඩෝනයක් මගින් එකිනෙකට වෙනස් වු කෝඩෝන සම්බන්ධතා 4<sup>3</sup> = 64 ක් සෑදීමට හැකිය. මේ කෝඩෝන 64 ම පරිවර්තනයේ දී නැවතුම් කෝඩෝන(අන්ත කෝඩෝන) හෝ ඇමයිනෝ අම්ල බවට හැරවේ. උදාහරණයක් වශයෙන් UUUAAACCC RNA අනුපිළිවෙල සළකා බලමු. පළමුව U (සම්මතයක් ලෙස 5 සිට 3 දක්වා) වලින් පටන් ගන්නා කියවීමේ රාමුව තුළ UUU, AAA, සහ CCC ලෙස ඇමයිනෝ අම්ල 3ක් විශේෂණය කරන කෝඩෝන 3කි. මෙම RNA අනුපිළිවෙල ඇමයිනෝ අම්ල 3ක දිගින් යුත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය වෙයි.<ref name="MBG"/>{{rp|521–539}} දෙන ලද ඇමයිනෝ අම්ලයක් 1 සිට 6 දක්ව වු වෙනස් කෝඩෝන අනුපිළිවෙලක් මගින් සංකේතවත් කෙරෙයි. [[පරිගනක විද්‍යාව]] හා සංසන්ඳනය කිරීමේදී, කෝඩෝනයක් දත්ත හැසිරවීම සඳහා වූ සම්මත කොටස ලෙස සැළකෙන එක් පදයකට[[පදය (දත්ත වර්ගය)|පදය]]කට(word) ද, නියුක්ලියෝටයිඩයක් කුඩාම ඒකකය‍ ලෙස සැළකෙන [[බිට්]](bit) එකකටද සමාන වේ යයි දැක්විය හැක.
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩෝන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන වගුවෙහි දැක්වේ. දෙවන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් අනුලෝම හා ප්‍රතිලෝම කෝඩෝන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ [[ඇස්පරජයින්]] ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC [[සිස්ටීන්]] නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)<ref name="MBG"/>{{rp|522}}
 
== RNA කෝඩෝන වගුව ==<!-- This section is linked from [[Amino acid]] and [[DNA codon table]]; [[Codon table]], [[Codon dictionary]], [[RNA codon table]] redirect here -->
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි