"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල RNA බහු අවයවිකයක් බවට පිටත් කෙරෙයි. ප්‍රාක්න්‍යශ්ඨිකයින්ගේ මෙම RNA පණිවිඩකාරක RNA හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර සුන්‍යශ්ඨිකයින්ගෙ පරිණත mRNA නිශ්පාදනයට පිටත් කිරීමේ ක්‍රියාවලිය අවශ්‍යවේ. mRNA රයිබසෝම මතදී ඇමයිනෝ අම්ල දාමයක් හෝ පොලිපොටයිඩයක් බවට පරිවර්තනය වේ. මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ සම්ප්‍රේෂක RNA, ශක්ති ප්‍රභවයක් ලෙස ගුඇනොසීන් ට්‍රයිපොස්පේට් හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. RNA වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක ප්‍රතිකෝඩෝන අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් සහසංයුජව ආරෝපණය කළ හැක.
 
තනි tRNA අණුවලට ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස් අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී fideනිවැරදි නඩත්තුබව කිරීමටපවත්වාගෙන යාමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.
 
නියුක්ලියෝටයිඩ 3 ක ත්‍රිත්ව කෝඩොනයක් මගින් එකිනෙකට වෙනස් වු කෝඩොන සම්බන්ධතා 4'44<sup>3</sup> = 64 ක් සෑදීමට හැකිය. මේ කෝඩොන 64 ම පරිවර්තනයේ දී අන්ත කෝඩෝන හෝ ඇමයිනෝ අම්ල බවට හැරවේ. උදාහරණයක් වශයෙන් UUUAAACCC RNA අනුපිළිවෙල සළකා බලමු. පළමුව U (සම්මතයක් ලෙස 5 සිට 3 දක්වා) වලින් පටන් ගන්නා කියවීමේ රාමුව තුළ UUU, AAA, සහ CCC ලෙස ඇමයිනෝ අම්ල 3ක් විශේෂණය කරන කෝඩෝන 3කි. මෙම RNA අනුපිළිවෙල ඇමයිනෝ අම්ල 3ක දිගින් යුත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය වෙයි. දෙන ලද ඇමයිනෝ අම්ලයක් 1 සිට 6 දක්ව වු වෙනස් කෝඩොන අනුපිළිවෙලක් මගින් සංකේතවත් කෙරෙයි. පරිගනක විද්‍යාව හා සංසන්ඳනය කිරීමේදී, කෝඩොනයක් එක් වදනක් ලෙසද, දත්ත හැසිරවීමේ සම්මත කොටස ලෙස සැළකෙන නියුක්ලියෝටයිඩයක් කුඩාම ඒකකය‍ ලෙස සැළකෙන බිට් එකකටද සමාන වෙයි.
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන හි දැක්වේ. 2වන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් ඉදිරි හා පසුපසින් කෝඩන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ ඇස්පරයින් ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC සිස්ටීන් නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි