"ජානමය කේත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
කෝ‍ඩෝනයක් ඩී.එන්.ඒ භෂ්ම 3කින් සමන්විත වන බව පළමුව ප්‍රකට කෙරුණේ [[ක්‍රීක් - බ්‍රෙනර් පර්යේෂණ]] මගිනි. කෝඩෝන පිළිබඳ පළමු පැහැදිළි කිරීම 1961දී [[මාර්ෂල් නිරෙන්බර්ග්]] හා [[හයින්රිච් ජේ. මැතෙයි]] විසින්‍ [[සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ]] දී සිදු කරන ලදී. ඔවුහු පොලියුරැසිල් ආර්.එන්.ඒ අනුපිළිවෙළක් (උදා. UUUUU...) [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කිරීමට [[නිදහස් සෛල පද්ධතියක්]] යොදා ගත්හ. මෙහිදී ඔවුන් සංස්ලේෂණය කළ [[පොලිපෙප්ටයිඩ]] දාමයේ අඩංගු වූයේ [[ෆෙනිලැලනීන්]] ඇමයිනෝ අම්ලය පමණක් බව නිරීක්ෂණය කරන ලදී. එමගින් ඔවුහු කෝඩෝනය ෆෙනිලැලනීන් ඇමයිනෝ අම්ලය සංකේතනය කරන බැව් තීරණය කරන ලදී. මේ ක්‍රමය අනුව යමින් [[සෙවරෝ ඔකාඕ]] පර්යේෂණාගාරයේ පර්යේෂණ එළිදැක්වූයේ පොලි-ඇඩිනීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. AAAAA...) පොලි-ලයිසීන්<ref name="pmid13946552">{{cite journal | author = Gardner RS, Wahba AJ, Basilio C, Miller RS, Lengyel P, Speyer JF | title = Synthetic polynucleotides and the amino acid code. VII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 48 | issue = 12| pages = 2087–94 | year = 1962 | month = December | pmid = 13946552 | pmc = 221128 | doi = 10.1073/pnas.48.12.2087 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවත්, පොලි-සයිටොසීන් ආර්.එන්.ඒ අනුපිළිවෙල (උදා. CCCCC...) පොලි-ප්‍රෝලීන්<ref name="pmid13998282">{{cite journal | author = Wahba AJ, Gardner RS, Basilio C, Miller RS, Speyer JF, Lengyel P | title = Synthetic polynucleotides and the amino acid code. VIII | journal = Proc. Natl. Acad. Sci. U.S.A. | volume = 49 | issue = | pages = 116–22 | year = 1963 | month = January | pmid = 13998282 | pmc = 300638 | doi = 10.1073/pnas.49.1.116 }}</ref> පොලිපෙප්ටයිඩය සංකේත කරන බවටත්ය. එමනිසා AAA කෝඩෝනය ලයිසීන් ඇමයිනෝ අම්ලයත්, CCC කෝඩෝනය ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලයත් විශේෂණය කරයි. විවිධ සහබහුඅවයවික මගින් ඉතිරි කෝඩෝනද හඳුනා ගන්නා ලදී. මෙම සොයාගැනීම ඉදිරියට ගෙන යමින් නිරෙන්බර්ග් සහ [[පිලිප් ලෙඩර්]] ප්‍රවේණි කේතයේ ත්‍රිත්ව ස්වභාවය එළිදැක්වූ අතර සම්මත ප්‍රවේණි කේතයේ කෝ‍ඩෝන විකේතනය කිරීමට මඟ පාදන ලදී. මෙම පර්යේෂණ වලදී [[mRNA]] වල විවිධ සංයෝජන සෛලයක ආර්.එන්.ඒ ප්‍රෝටීන බවට [[පරිවර්තනය (ජීව විද්‍යාව)|පරිවර්තනය]] කරන ඉන්ද්‍රයිකාව වන [[රයිබසෝම]] අඩංගු පෙරනයක් තුළින් ගමන් කරන ලදී. මෙහිදී විශිෂ්ට ත්‍රිත්ව මගින් විශේෂිත tRNA රයිබසෝම මත බන්ධනය දිරිගන්වන ලදී.
 
 
== ප්‍රවේණි කේතය මගින් තොරතුරු සම්ප්‍රේෂණය ==
 
 
ජීවියකුගේ ගෙනෝමය අන්තර්ගත වන්නේ DNA තුළය. වයිරස වලදී නම් RNA තුළය. ප්‍රොටීනයක් හෝ RNA සඳහා වූ ගෙනෝමයේ කොටස ජාන නම් වේ. ප්‍රෝටීන සඳහා වූ කේත ලෙස ක්‍රියා කරන ජාන කෝඩෝන නම් නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයකින් සෑදී ඇත. එම එක් කෝඩෝනයක්, එක් ඇමයිනෝ අම්ලයක් සඳහා කේතයක් වේ. සෑම නියුක්ලියෝටයිඩ උප ඒකකයක්ම පොස්පේට් අණුවක්, ඩිඔක්සිරයිබෝස් සීනි අණුවක් හා නයිට්‍රජනීය භෂ්මයකින් සමන්විත වේ. සාපේක්ෂව විශාල පියුරීන භෂ්ම වන ඇඩිනීන්(A) හා ගුඇනීන්(G) වල ඇරෝමැටික වලයන් ද්විත්වයකි. සාපේක්ෂව කුඩා පිරිමිඩීන් භෂ්ම වන සයිටොසීන්(C) හා තයිමින්(T) වල ඇත්තේ එක් ඇරොමැටික වලයකි. ද්විත්ව හෙලික්සීය ව්‍යුහයේ දී DNA ‍රැහැන් දෙක එකිනෙක හයිඩ්‍රිජන් බන්ධන මගින් බැ‍ඳෙන්නේ භෂ්ම යුගලනය නම් සැකසුමකිනි. මෙම බන්ධන සෑම විටම ඇති වන්නේ එක් ‍රැහැනක ඇඩිනීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ තයිමින් භෂ්මයක් අතර හෝ එක් ‍රැහැනක සයිටොසීන් භෂ්මයක් හා අනෙක් ‍රැහැනේ ගුඇනීන් භ්ෂ්මයක් අතරය.මේ අනුව ද්විත්ව හෙලික්සයක A හා T භෂ්ම ගණන, එහි අඩංගු G හා C භෂ්ම ගණනට සමානය. RNA හි දී තයිමින්(T) යු‍රැසිල්(U) මගින්ද, ඩිඔක්සිරයිබෝස් රයිබෝස් මගින් ද ආදේශනය වේ.
සෑම ප්‍රෝටීන කේතනය කරන ජානයක්ම අදාල RNA බහු අවයවිකයක් බවට පිටත් කෙරෙයි. ප්‍රාක්න්‍යශ්ඨිකයින්ගේ මෙම RNA පණිවිඩකාරක RNA හෝ mRNA ලෙස ක්‍රියාකරනු ලබන අතර සුන්‍යශ්ඨිකයින්ගෙ පරිණත mRNA නිශ්පාදනයට පිටත් කිරීමේ ක්‍රියාවලිය අවශ්‍යවේ. mRNA රයිබසෝම මතදී ඇමයිනෝ අම්ල දාමයක් හෝ පොලිපොටයිඩයක් බවට පරිවර්තනය වේ. මෙම පරිවර්තන ක්‍රියාවලියට තනි හා සහසංයුජව ඒවාට බැඳුණු ඇමයිනෝ අම්ල සදහා විශේෂිත වූ සම්ප්‍රේෂක RNA, ශක්ති ප්‍රභවයක් ලෙස ගුඇනොසීන් ට්‍රයිපොස්පේට් හා පරිවර්තන සාධක කිහිපයක්ද අවශ්‍යවේ. RNA වල , mRNA හි කෝඩෝන වලට අනුපූරක ප්‍රතිකෝඩෝන අඩංගු වන අතර දාමය අවසන් වන CCA අන්තයේ දී ඇමයිනො අම්ල මගින් සහසංයුජව ආරෝපණය කළ හැක.
 
තනි tRNA අණුවලට ඇමයිනෝ ඇකිල් tRNA සින්තටේස් අම්ල සම්බන්ධ කෙරෙයි. ප්‍රෝටීන් පරිවර්තනයෙදී fide නඩත්තු කිරීමට ප්‍රධාන හේතුව මෙම එන්සයිම වල විශිෂ්ටතාවයයි.
 
නියුක්ලියෝටයිඩ 3 ක ත්‍රිත්ව කෝඩොනයක් මගින් එකිනෙකට වෙනස් වු කෝඩොන සම්බන්ධතා 4'3 = 64 ක් සෑදීමට හැකිය. මේ කෝඩොන 64 ම පරිවර්තනයේ දී අන්ත කෝඩෝන හෝ ඇමයිනෝ අම්ල බවට හැරවේ. උදාහරණයක් වශයෙන් UUUAAACCC RNA අනුපිළිවෙල සළකා බලමු. පළමුව U (සම්මතයක් ලෙස 5 සිට 3 දක්වා) වලින් පටන් ගන්නා කියවීමේ රාමුව තුළ UUU, AAA, සහ CCC ලෙස ඇමයිනෝ අම්ල 3ක් විශේෂණය කරන කෝඩෝන 3කි. මෙම RNA අනුපිළිවෙල ඇමයිනෝ අම්ල 3ක දිගින් යුත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලක් බවට පරිවර්තනය වෙයි. දෙන ලද ඇමයිනෝ අම්ලයක් 1 සිට 6 දක්ව වු වෙනස් කෝඩොන අනුපිළිවෙලක් මගින් සංකේතවත් කෙරෙයි. පරිගනක විද්‍යාව හා සංසන්ඳනය කිරීමේදී, කෝඩොනයක් එක් වදනක් ලෙසද, දත්ත හැසිරවීමේ සම්මත කොටස ලෙස සැළකෙන නියුක්ලියෝටයිඩයක් කුඩාම ඒකකය‍ ලෙස සැළකෙන බිට් එකකටද සමාන වෙයි.
 
සම්මත ප්‍රවේණි කේතය පහත වගුවල නිරූපණය වෙයි. කෝඩන 64 මගින් නිරූපණය කෙරෙන ඇම්යිනෝ අම්ලය පළමු වන හි දැක්වේ. 2වන වගුවෙන් පරිවර්තනයේදී දායක වෙන සම්මත ඇමයිනෝ අම්ල 20 දක්වා තිබේ. මේවා පිළිවෙලින් ඉදිරි හා පසුපසින් කෝඩන වගු නම් වේ. නිදර්ශනයක් ලෙස AAU කෝඩනයක් නිරුපණය කරන්නේ ඇස්පරයින් ඇමයිනෝ අම්ලයි. එමෙන්ම UGU සහ UGC සිස්ටීන් නිරුපනය කරයි. (සම්මත අකුරු ත්‍රිත්වයන් පිළිවෙලින් Asn හා Cys වේ.)
 
==මේවත් බලන්න==
"https://si.wikipedia.org/wiki/ජානමය_කේත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි