"නිරපේක්ෂ ශුන්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
48 පේළිය:
ඩෙබ් ආකෘතිය අනුව , ශුද්ධ ස්ඵටික විශිෂ්ට තාපය හා එන්ට්‍රොපිය T3 සමානුපාතික වන අතර එන්තැල්පිය හා රසායනික ධාරිතාව T 4 සමානුපාතික වේ. (Guggenheim, p. 111) T = 0 තෙක් මෙය අඩු වී ක්‍රමානුකූලව නියත අගයකට පත් වේ. එවිට එම අගයන්හි ප්‍රස්තාරයේ බෑවුම ශුන්‍ය වේ. 10 K ට අඩු පරීක්ෂණ ඇසුරින් සොයාගෙන ඇති පරිදි T = 0 සඳහා සීමා අගය විශිෂ්ට තාපයේ දී ශුන්‍ය වේ. සවිස්තරාත්මක නොවූ අයින්ස්ටයින් ආකෘතියේ දී ද මෙම විශිෂ්ට තාපයේ අඩු වීම පෙන්වා ඇත. ස්ඵටික අවස්ථාවන්ට මෙන්ම ‍එසේ නොවන පදාර්ථයන් සඳහා ද නිරපේක්ෂ ශුන්‍යයේ දී විශිෂ්ට තාපය ශුන්‍ය වේ. තාපජ ප්‍රසාරණ සංගුණකයට ද මෙම ක්‍රියාව සිදු වේ. අනෙකුත් විවිධ අගයන් ද ශුන්‍ය වන බව “මැක්ස්වෙල්” සම්බන්ධතාවයන් පෙන්වා දෙයි. මෙම සංසිද්ධිය අනපේක්ෂිත විය.
 
ගිබ්ස් ශක්තියේ , එන්තැල්පියේ හා එන්ට්‍රොපිය වෙන්සවීම්වල සම්බන්ධය අනුව T අඩුවත්ම ΔG සහ ΔH හි අගයන් එකිනෙකට ආසන්න වේ. (ΔS නියත අගයකම සීමාවන් නිසා) ස්වයංසිද්ධව සිදුවන සෑම ක්‍රියාවලියක්ම (රසායනික ප්‍රතික්‍රියා ඇතුළුව) සමතුලිත වන විට G හි අගය අඩුවන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. ΔS අගය අඩු හෝ / සහ T හි අගය අඩු නම් ΔG < 0 වීමෙන් ΔH < 0 කියවිය හැක. තාපය පිට කරන තාපදායක ප්‍රතික්‍රියාවක් බව පෙන්වයි. කෙසේ නමුත් TΔS අගය ප්‍රමාණවත් තරම් විශාල නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුවද ස්වයංසිද්ධවම සිදු විය හැක.
ගිබ්ස් ශක්තියේ , එන්තැල්පියේ හා එන්ට්‍රොපිය වෙන්සවීම්වල සම්බන්ධය අනුව
 
T අඩුවත්ම ΔG සහ ΔH හි අගයන් එකිනෙකට ආසන්න වේ. (ΔS නියත අගයකම සීමාවන් නිසා) ස්වයංසිද්ධව සිදුවන සෑම ක්‍රියාවලියක්ම (රසායනික ප්‍රතික්‍රියා ඇතුළුව) සමතුලිත වන විට G හි අගය අඩුවන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත. ΔS අගය අඩු හෝ / සහ T හි අගය අඩු නම් ΔG < 0 වීමෙන් ΔH < 0 කියවිය හැක. තාපය පිට කරන තාපදායක ප්‍රතික්‍රියාවක් බව පෙන්වයි. කෙසේ නමුත් TΔS අගය ප්‍රමාණවත් තරම් විශාල නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුවද ස්වයංසිද්ධවම සිදු විය හැක.
 
මීට අමතරව ΔG සහ ΔH හි උෂ්ණත්ව ව්‍යුත්පන්නයන්ගේ අනුක්‍රමණ T = 0 විට ශුන්‍යයට සමවන අතර ඒවායේ ප්‍රස්ථාර එකිනෙක වෙත අභිසාරී වේ. මේ අනුව යම් සැලකිය යුතු උෂ්ණත්ව සීමාවක් තුළ ΔG සහ ΔH අගයන් ආසන්න වශයෙන් සමාන වේ. මෙම සංසිද්ධියේ තොම්සන් හා බර්ත්ලොම් ගේ ආනුභවික නියම සත්‍යාපනය කරයි. මෙම නියමවලින් පැවසෙන්නේ යම් පද්ධතියක් වැඩිම තාප ප්‍රමාණයක් විමෝචනය කරමින් සංතුලන මට්ටමකට පත්වන බවයි. (උදා - වඩාත්ම තාපදායක ප්‍රතික්‍රියාවක් සත්‍ය ප්‍රතික්‍රියාව වේ) (Callen, pp. 186-187)
"https://si.wikipedia.org/wiki/නිරපේක්ෂ_ශුන්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි