"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
26 පේළිය:
 
== ඉතිහාසය ==
අතීතයේ ග්‍රීසියේ [[මැග්නීසියා]] ප්‍රදේශයේදී කළු පැහැති ලෝහ 2ක් හමු විය. මෙය සොයා ගත් ස්ථානය අනුව මැග්නස් ලෙස නම් කරණ ලදී. මේවා වර්ග 2ක් විය. එක් වර්ගයක් යකඩ ආකර්ෂණය කරමින් චුම්භක ගුණ දරයි. අනෙක යකඩ ආකර්ෂණය නොකරයි. නමුත් එය වීදුරු විවර්ණ කරමින් විරංජක ගුණ දරයි.මෙයින් දෙවන වර්ගය මැග්නීසියා ලෙස හඳුන්වනු ලැබූ අතර (මැන්ගනීස් ඩයොක්සයිඩ් බව නොදත්තේය.)අනෙක් වර්ගය මැන්ගනීන් ලෙස හඳුන්වනු ලැබීය.පසු කාලීනව මේ මැන්ගනීස් බව මයිකල් ම(ර්)කැට් නම් කරන ලදී.
මැංගනීස් හි ඔක්සයිඩ ස්වභාවයේ බහුලය. මේවායේ වර්ණවත් බව නිසා ගල් යුගයේ සිට ගල් ගුහා වල අඳිනු ලැබූ චිත්‍ර වර්ණ ගැන්වීමට මේවා යොදාගෙන ඇත. (ගාර්ගස් වල ගල් ගුහා වල චිත්‍ර වසර 24,000ත් 32,000ත් අතර පැරණිය.)
මැංගනීස් සංයෝග ඊජිප්තු හා රෝම වීදුරු කාර්මිකයන් යොදාගෙන තිබේ.(වීදුරු වර්ණ ගැන්වීමට හෝ විවර්ණ කිරීමට )14 වන සියවසයේ වැනීසියේ වීදුරු කර්මාන්තය මීට සාක්ෂි සපයයි.
[[මැංගනීස් ඩයොක්සයිඩ්]] යොදාගෙන පරීක්ෂණ පැවත්වූ ඉග්නේටියස් ගොට්‍රයිට් කාම්(1770)හා ජොහෑන් ග්ලේබර් (17 වන සියවස )මේවා පර්මැන්ගනේට් බවට පත්කල හැකි බව සොයා ගන්න ලදී. 18 වන සියවසයේ මැද භාගයේදී ස්වීඩන් ජාතික කාල් විලියම් ශීල් මැන්ගනීස් ඩයොක්සයිඩ් යොදාගෙන ක්ලෝරින් නිපදවීය. මෙහිදී [[HCl]] අම්ලයත් තනුක සල්ෆියුරික් අම්ලයත් සෝඩියම් ක්ලෝරයිඩ් හා මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරවා ඇත. මෙලෙස ක්ලෝරින් හා හයිප ක්ලෝරින් නිපදවීම නිසා විරංජණකාරක ලොවට බිහිවිය.
පසු කාලීනව 1774දී ජෝන් ගොට්ලීබ් නැමැත්තා මැංගනීස් ඩයොක්සයිඩ් කාබන් සමග ප්‍රතික්‍රියා කරවා ලෝහය ලබා ගන්නා ලදී.
19 වන සියවසයේ මුල් භාගයේදී මැංගනීස් වානේ කර්මාන්තයට යොදා ගනු ලැබීය. වසර 1816දී යකඩ වලට මැංගනීස් එකතු කිරීමෙන් එය වඩාත් ශක්තිමත් වන බවත්, භංගුර බව අඩු වන බවත් සොයා ගනු ලැබීය. 1837දී බ්‍රිතන්‍ය ජාතික [[ජේම්ස් කූපර්]] පතල් ආශ්‍රිතව මැංගනීස් ලෝහයට නිරාවරණය වීමෙන් [[පාකින්සන් රෝගය]] වැනි රෝගයක් ඇති විය හැකි බව සොයා ගන්නා ලදී.1912දී විද්යුත් රසායනිකව මැංගනීස් පොස්ෆේට් ගැල්වීමෙන් තුවක්කු කැඩීයාම වැලැක්විය හැකි බව සොයා ගැනුනි.
1866දී [[ලෙක්ලාන්ච් කෝෂය]] සොයා ගැනීමෙන් පසුව කැතෝඩීය විධ්‍රැවිකය ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් වල වටිනාකම වැඩි විය. [[නිකල් කැඩ්මියම් බැටරි]] හා [[ලිතියම් බැටරි]] සොයා ගැනීමට පෙර බොහෝවිට මැංගනීස් යොදා ගැනුනි. ස්වභාවිකව හමුවන මැංගනීස් වල අපද්‍රව්‍ය ඇති බැවින් සින්ක්- කැඩ්මියම් බැටරි හා ක්ෂාරීය බැටරි සඳහා කාර්මිකව නිපදවූ මැංගනීස් යොදා ගනු ලැබේ.
 
== පැවැත්ම හා නිපදවීම ==
[[පෘථිවි කබොලේ]] 1000ppm (0.1%) පමණ මැංගනීස් ඇත. එය පෘථිවියේ මූලද්‍රව්‍ය බහුලතාව අතින් ගත් විට 12 වන තැන ගනී. පසේ 7000-9000ppm අතර ප්‍රමාණයකුත් මුහුදු ජලයේ 10 ප්‍රමාණයකුත් අවකාශයේ 0-01g/m³ ප්‍රමාණයකුත් මැංගනීස් ඇත. ප්‍රධාන ලෙසම මැංගනීස් [[තයිරොලුසයිට්]]( MnO<sub>2</sub>), [[බ්‍රෝනයිට්]](Mn<sup>2+</sup>Mn<sup>3+</sup>)(SiO<sub>2</sub>) , [[සිලමලීන්]] (Ba,H<sub>2</sub>O)<sub>2</sub>.Mn<sub>5</sub>O<sub>10</sub> ,හා [[රොඩොක්‍රොසයිට්]] (MnCO<sub>3</sub>)ලෙස පවතී.
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි