"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
පර්මැංගනේට් +7 තත්වය දම් පැහැතිය. NaMnO<sub>4</sub> , KMnO<sub>4</sub> , BaMnO<sub>4</sub> ප්‍රභල ඔක්සිකාරක වේ. පොටෑසියම් පර්මැංගනේට් වලට කොන්ඩිස් කැට කියාද කියනු ලැබේ.මේවා වෛද්‍ය රසායණාගාර තුල බහුලව භාවිත වේ. ද්‍රාවණ ඉලෙක්ට්‍රෝණ අන්වීක්ෂයෙන් සෛල නැරඹීමේදී වර්ණකයක් ලෙස යොදා ගනී.
 
=== ඉතිහාසය ===
අතීතයේ ග්‍රීසියේ මැග්නීසියා ප්‍රදේශයේදී කළු පැහැති ලෝහ 2ක් හමු විය. මෙය සොයා ගත් ස්ථානය අනුව මැග්නස් ලෙස නම් කරණ ලදී. මේවා වර්ග 2ක් විය. එක් වර්ගයක් යකඩ ආකර්ෂණය කරමින් චුම්භක ගුණ දරයි. අනෙක යකඩ ආකර්ෂණය නොකරයි. නමුත් එය වීදුරු විවර්ණ කරමින් විරංජක ගුණ දරයි.මෙයින් දෙවන වර්ගය මැග්නීසියා ලෙස හඳුන්වනු ලැබූ අතර (මැන්ගනීස් ඩයොක්සයිඩ් බව නොදත්තේය.)අනෙක් වර්ගය මැන්ගනීන් ලෙස හඳුන්වනු ලැබීය.පසු කාලීනව මේ මැන්ගනීස් බව මයිකල් ම(ර්)කැට් නම් කරන ලදී.
මැංගනීස් හි ඔක්සයිඩ ස්වභාවයේ බහුලය. මේවායේ වර්ණවත් බව නිසා ගල් යුගයේ සිට ගල් ගුහා වල අඳිනු ලැබූ චිත්‍ර වර්ණ ගැන්වීමට මේවා යොදාගෙන ඇත. (ගාර්ගස් වල ගල් ගුහා වල චිත්‍ර වසර 24,000ත් 32,000ත් අතර පැරණිය.)
32 පේළිය:
19 වන සියවසයේ මුල් භාගයේදී මැංගනීස් වානේ කර්මාන්තයට යොදා ගනු ලැබීය. වසර 1816දී යකඩ වලට මැංගනීස් එකතු කිරීමෙන් එය වඩාත් ශක්තිමත් වන බවත්, භංගුර බව අඩු වන බවත් සොයා ගනු ලැබීය. 1837දී බ්‍රිතන්‍ය ජාතික ජේම්ස් කූපර් පතල් ආශ්‍රිතව මැංගනීස් ලෝහයට නිරාවරණය වීමෙන් පාකින්සන් රෝගය වැනි රෝගයක් ඇති විය හැකි බව සොයා ගන්නා ලදී.1912දී විද්යුත් රසායනිකව මැංගනීස් පොස්ෆේට් ගැල්වීමෙන් තුවක්කු කැඩීයාම වැලැක්විය හැකි බව සොයා ගැනුනි.
1866දී ලෙක්ලාන්ච් කෝෂය සොයා ගැනීමෙන් පසුව කැතෝඩීය විධ්‍රැවිකය ලෙස මැංගනීස් ඩයොක්සයිඩ් වල වටිනාකම වැඩි විය. නිකල් කැඩ්මියම් බැටරි හා ලිතියම් බැටරි සොයා ගැනීමට පෙර බොහෝවිට මැංගනීස් යොදා ගැනුනි. ස්වභාවිකව හමුවන මැංගනීස් වල අපද්‍රව්‍ය ඇති බැවින් සින්ක්- කැඩ්මියම් බැටරි හා ක්ෂාරීය බැටරි සඳහා කාර්මිකව නිපදවූ මැංගනීස් යොදා ගනු ලැබේ.
=== පැවැත්ම හා නිපදවීම ===
පෘථිවි කබොලේ 1000ppm (0.1%) පමණ මැංගනීස් ඇත. එය පෘථිවියේ මූලද්‍රව්‍ය බහුලතාව අතින් ගත් විට 12 වන තැන ගනී. පසේ 7000-9000ppm අතර ප්‍රමාණයකුත් මුහුදු ජලයේ 10 ප්‍රමාණයකුත් අවකාශයේ 0-01g/m³ ප්‍රමාණයකුත් මැංගනීස් ඇත. ප්‍රධාන ලෙසම මැංගනීස් තයිරොලුසයිට්( MnO<sub>2</sub>), බ්‍රෝනයිට්(Mn<sup>2+</sup>Mn<sup>3+</sup>)(SiO<sub>2</sub>) , සිලමලීන් (Ba,H<sub>2</sub>O)<sub>2</sub>.Mn<sub>5</sub>O<sub>10</sub> ,හා රොඩොක්‍රොසයිට් (MnCO<sub>3</sub>)ලෙස පවතී.
වඩාත් වැදගත් මැංගනීස් ලෝපස වන්නේ තයිරොලුසයිට්ය.අනෙක් මැංගනීස් වානිජයම නිධි යකඩ නිධි සමග මිශ්‍රව පවතී.ගොඩබිම ඇති මෙම ලෝපස් විසිරී පවතී. ලෝකයේ මැංගනීස් නිධි වලින් 80%ක්ම දකුණු අප්‍රිකාවේ ඇත. තවද මෙම නිදි යුක්‍රේනය,ඉන්දියාව, චීනය,ගාබන්, බ්‍රසීලයේ දැකිය හැක.1978දී තක්සේරු කල අන්දමට මැංගනීස් ටොන් බිලියන 500ක් මුහුදු පත්ලේ ඇත.
ෆෙරෝ මැංගනීස් නිපදවීම සඳහා මැංගනීස් ලෝපස් යකඩ ලෝපස් හා කාබන් සමග වායු ධාරා ඌෂ්මක හෝ විද්යුත් චාප ඌෂ්මක තුල ඔක්සිහෘත කරනු ලැබේ. මෙලෙස ලැබෙන ෆෙරෝ මැංගනීස් වල මංගනීස් ප්‍රතිශතය 30%ත් 80%ත් අතර වේ. පිරිසුදු මැංගනීස් ලබා ගැනීම , මැංගනීස් නිධි සල්ෆියුරික් අම්ලය සමග විද්යුත් නිස්සාරණයෙන් ලබා ගත හැක.
=== භාවිත ===
මැංගනීස් ප්‍රධාන ලෙසම මිශ්‍ර ලෝහ කර්මාන්තයේදී යොදා ගනී.මෙහිදී මැංගනීස් වෙනුවට යොදා ගත හැකි ආදේශක නොමැත.නමුත් මැංගනීස් ෆොස්පේටීකරණය වැනි සුලු භාවිත වලදී මැංගනීස් වෙනුවට සින්ක්, වැනේඩියම් වැනි ලෝහ යොදා ගත හැක.බැටරි කර්මාන්තයේදීද මැංගනීස් යොදා ගත්තද අනාගතයේදී ලිතියම් බැටරි යොදා ගැනීම නිසා එම කර්මාන්තයට මැංගනීස් යොදා ගැනීම අඩු වනු ඇත.
==== වානේ ====
මැංගනීස් වල ඇති සල්ෆර් තිර කිරීමේ, ඔක්සිජන්හරණ, හා මිශ්‍ර ලෝහ තැනීමේ ගුණය නිසා යකඩ වානේ කර්මාන්තයේදී ඉතා වැදගත් වේ. එසේම මැංගනීස් අඩු මිල මල නොකන වානේ නිස්සාරණයේදී ප්‍රධාන සංඝටකයකි.
ලෝහ වලට මැංගනීස් සුලු ප්‍රමානයක් එකතු කිරීමෙන් ඒවායේ ද්‍රවාංක ඉහල යයි. එනම් මැංගනීස් මගින් නිපදවන ද්‍රවාංක ඉහල සල්ෆයිඩ නිසා ද්‍රව යකඩ සල්ෆයිඩ සෑදීම ප්‍රමාද කරයි. මැංගනීස් යොදා ගැනීම මගින් වානේ වල භංගුරතාව අඩු වේ. මේ නිසා සාමාන්‍ය වානේ වලට 8% පමණ මැංගනීස් යොදා ගනී. එසේම මැංගනීස් ප්‍රතිශතය 8% සිට 15% දක්වා වන වානේ වල ආතන්‍ය බවද 863MPa දක්වා වැඩි වේ. මෙලෙස මැංගනීස් යොදාගෙන වානේ නිපදවීම මුලින්ම සොයා ගත්තේ රොබට් හැඩ්ෆීල්ඩ් විසිනි.(1882දී)
==== ඇළුමිනියම් මිශ්‍ර ලෝහ ====
ඇළුමීනියම් මිශ්‍ර ලෝහ සෑදීමටද මැංගනීස් යොදා ගනී.මැංගනීස් ප්‍රතිශතය 1.5%ක් පමණ වන ඇළුමිනියම් වල ලෝහ විඛාදන ප්‍රතිරෝධය මෙමගින් වැඩි කරයි. මැංගනීස් ප්‍රතිශතය 0.8% සිට 1.5%ක් දක්වා වන ඇලුමිනියම් මිශ්‍ර ලෝහ පානීය බීම බංදුන් නිපදවීමට යොදා ගනී.
==== වෙනත් ප්‍රයෝජණ ====
මෙතිල් සයික්ලෝ පෙන්ටාඩයිනයිල් මැංගනීස් ට්‍රයිකාබොනයිල් ගැසොලින් වල ඔක්ටේන් අගය අඩු කිරීමට යොදා ගනී. මෙම සංයෝගයේ මැංගනීස් හි ඔක්සිකරණ අංකය +1ක් වේ.
මැංගනීස් ඩයොක්සයිඩ් කාබනික රසායනයේදී ඇරෝමැටික ඇල්කොහොල ඔක්සිකරණය කිරීමට යොදා ගනී. එසේම සංයෝගය ඔක්සිජන් හා ක්ලෝරීන් වායුව නිපදවීමටද යොදා ගනී.
53 පේළිය:
මැංගනීස් අඩංගු සංයෝග වීදුරු හා සෙරමික් කර්මාන්තයේදී වර්ණක ලෙස යොදා ගැනේ. දුඹුරු පැහැති භාණ්ඩ වල මැංගනීස් අඩංගුය. වීදුරු කර්මාන්තයේදී මැංගනීස්III යකඩII හා ප්‍රතික්ටියාවෙන් ප්‍රභල කොල පැහැයක් ඇති කරයි.මීට අමතරව රෝස පැහැති වීදුරු බොහොමයක් නිෂ්පාදනයට යොදා ගන්නේ මැංගනීස්ය.
 
=== ජෛවීය කාර්යභාරය ===
මැංගනීස් ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යකි. Mn සහ සාධක ලෙස ඇති එන්සයිම ගණනාවක් ඇත. මේ අතර ඔක්සිඩෝරෙඩියුටේස්, ට්‍රාන්ස්ෆරේස්,හයිඩ්‍රොලේස්,ලයිපේස්,අයිසෝමරේස්,ලිගේස්,ලැක්ටීනා,හා ඉන්ටග්‍රිනස් ආදිය ඇත. ආනේස් හා ඩිප්තීරියා විෂබීජ තුලද අඩංගු වේ.එසේම සුපර් ඔක්සයිඩ් ඩිස්බියුටේස් වලද අඩංගු වේ.(Mn-SOD)
 
59 පේළිය:
මිනිස් සිරුරේ 12mg පමණ Mn අඩංගුය. ඒවා බහුල ලෙස අස්ථි,පටක තුල පවතී.එසේම අක්මාව හා වකුගඩු ආශ්‍රිතව මේවා සාන්ද්‍රණය වී පවතී.
ප්‍රභාසංස්ලේශණයටද මැංගනීස් වැදගත් වේ. හරිතලව තුල ඔක්සිජන් පරිවහණය සඳහා මේවා වැදගත් වේ.මෙම ක්‍රියාව හරිතලවයේ තයිලකොයිඩ පටල තුල සිදුවේ.එසේම මේවා ප්‍රභාජලවිඡ්ඡේදනයේදී වැදගත් වේ.
=== පූර්වාරක්ෂාව ===
මැංගනීස් ලෝහය නිකල්. කොපර් වැනි ලෝහ තරම්ම විෂ සහිත නොවේ.කෙසේ වෙතත් මැංගනීස් දුමාරයට විවෘත වීම (5mg/m³ පමණ වන ) විෂ සහිත විය හැක.මෙලෙස මැංගනීස් විෂ වීමෙන් මොලය හා සම්බන්ධ සංකුලතා ඇති විය හැක.
මැංගනීස් අයන වලට වඩා පර්මැංගනේට් අයන විෂ සහිත වේ.10g පමණ ශරීර ගත වූ විට මාරාන්තික වේ.මේවා ශරීර ගතවීමෙන් පටක හා ශ්ලේශ්මල පටක ක්ෂය වීම සිදු විය හැක. ශරීර ගත වන මැංගනීස් වලින් ඉතා සුලු ප්‍රමාණයක් පමණක් බඩවැල් මගින් අවශෝෂණය කයි. කෙසේ වෙතත් මෙම පර්මැංගනේට් වලින් වකුගඩු හා අක්මාවට බලපෑම් ඇති කරයි. වසර 2005දී මීයන් යොදාගෙන කරණු ලැබූ පරීක්ෂණ වලින් මැංගනීස් ආශ්වාසයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම මැන බලා තිබේ.
මැංගනීස් නිසා මැංගනිසම නැමැති ස්නායු රෝගයක් ඇති වේ.(පාකින්සන් රෝගයට සමාන )මෙම රෝගී තත්වයට බහුලවම බඳුන් වන්නේ මැංගනීස් පතල් ආශ්‍රිතව වැඩකල ජනතාවයි. වසර 2010දී සිදුකල සොයාගැනීමක් උනේ පානීය ජලයේ ඇති මැංගනීස් දිගු කාලීනව ශරීර ගත වීමෙන් පාසල් වියේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ද ගැටලු ඇතිවන බවය.
=== සායනික විෂබව ===
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි