"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
57 පේළිය:
මුදල් කාසි නිපදවන ලෝහයේද Mn අඩංගු වේ.අතීතයේ කාසි නිපදවීමට ගත් මිශ්‍ර ලෝහයේ තඹ(75%), නිකල්(25%) අඩංගු වුවත් පසුව නිකල් ලෝහය හිඟ වීමත් සමග කාසි නිපදවීමට රිදී හා මැංගනීස් අඩංගු ලොඅහයක් යොදා ගැනුනි.මෙහිදී අදාල මිශ්‍ර ලෝහයේ තඹ(56%),රිදී(35%),මැංගනීස්(9%)ලෙස අඩංගු විය.
මැංගනීස් අඩංගු සංයෝග වීදුරු හා සෙරමික් කර්මාන්තයේදී වර්ණක ලෙස යොදා ගැනේ. දුඹුරු පැහැති භාණ්ඩ වල මැංගනීස් අඩංගුය. වීදුරු කර්මාන්තයේදී මැංගනීස්III යකඩII හා ප්‍රතික්ටියාවෙන් ප්‍රභල කොල පැහැයක් ඇති කරයි.මීට අමතරව රෝස පැහැති වීදුරු බොහොමයක් නිෂ්පාදනයට යොදා ගන්නේ මැංගනීස්ය.
 
=== ජෛවීය කාර්යභාරය ===
මැංගනීස් ජීවී දේහ තුල අංශුමාත්‍ර මූලද්‍රව්‍යකි. Mn සහ සාධක ලෙස ඇති එන්සයිම ගණනාවක් ඇත. මේ අතර ඔක්සිඩෝරෙඩියුටේස්, ට්‍රාන්ස්ෆරේස්,හයිඩ්‍රොලේස්,ලයිපේස්,අයිසෝමරේස්,ලිගේස්,ලැක්ටීනා,හා ඉන්ටග්‍රිනස් ආදිය ඇත. ආනේස් හා ඩිප්තීරියා විෂබීජ තුලද අඩංගු වේ.එසේම සුපර් ඔක්සයිඩ් ඩිස්බියුටේස් වලද අඩංගු වේ.(Mn-SOD)
 
Mn-SOD එන්සයිමය බොහෝ එයුකැරියෝටික බැක්ටීරියා තුල මයිටකොන්ඩ්‍රියමේ ඇත.(මේවා මයිටකොන්ඩ්‍රියා වල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබයි.) Mn-SOD එන්සයිමය ජෛව පරිණාමයේ ඉතා මුල් අවධි වල පැවති එන්සයිමයකි. ජීවී දේහ ඔක්සිජන් භාවිතා කිරීමට පෙර සුපර් ඔක්සයිඩ වල විෂගහරණ ක්‍රියාවට මෙය වැදගත් විය.
මිනිස් සිරුරේ 12mg පමණ Mn අඩංගුය. ඒවා බහුල ලෙස අස්ථි,පටක තුල පවතී.එසේම අක්මාව හා වකුගඩු ආශ්‍රිතව මේවා සාන්ද්‍රණය වී පවතී.
ප්‍රභාසංස්ලේශණයටද මැංගනීස් වැදගත් වේ. හරිතලව තුල ඔක්සිජන් පරිවහණය සඳහා මේවා වැදගත් වේ.මෙම ක්‍රියාව හරිතලවයේ තයිලකොයිඩ පටල තුල සිදුවේ.එසේම මේවා ප්‍රභාජලවිඡ්ඡේදනයේදී වැදගත් වේ.
=== පූර්වාරක්ෂාව ===
මැංගනීස් ලෝහය නිකල්. කොපර් වැනි ලෝහ තරම්ම විෂ සහිත නොවේ.කෙසේ වෙතත් මැංගනීස් දුමාරයට විවෘත වීම (5mg/m³ පමණ වන ) විෂ සහිත විය හැක.මෙලෙස මැංගනීස් විෂ වීමෙන් මොලය හා සම්බන්ධ සංකුලතා ඇති විය හැක.
මැංගනීස් අයන වලට වඩා පර්මැංගනේට් අයන විෂ සහිත වේ.10g පමණ ශරීර ගත වූ විට මාරාන්තික වේ.මේවා ශරීර ගතවීමෙන් පටක හා ශ්ලේශ්මල පටක ක්ෂය වීම සිදු විය හැක. ශරීර ගත වන මැංගනීස් වලින් ඉතා සුලු ප්‍රමාණයක් පමණක් බඩවැල් මගින් අවශෝෂණය කයි. කෙසේ වෙතත් මෙම පර්මැංගනේට් වලින් වකුගඩු හා අක්මාවට බලපෑම් ඇති කරයි. වසර 2005දී මීයන් යොදාගෙන කරණු ලැබූ පරීක්ෂණ වලින් මැංගනීස් ආශ්වාසයෙන් මධ්‍ය ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම මැන බලා තිබේ.
මැංගනීස් නිසා මැංගනිසම නැමැති ස්නායු රෝගයක් ඇති වේ.(පාකින්සන් රෝගයට සමාන )මෙම රෝගී තත්වයට බහුලවම බඳුන් වන්නේ මැංගනීස් පතල් ආශ්‍රිතව වැඩකල ජනතාවයි. වසර 2010දී සිදුකල සොයාගැනීමක් උනේ පානීය ජලයේ ඇති මැංගනීස් දිගු කාලීනව ශරීර ගත වීමෙන් පාසල් වියේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ද ගැටලු ඇතිවන බවය.
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි