"පයිතන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
23 පේළිය:
පයිතන් යනු නිදහස් හා විවෘත මෘදුකාංග ගනයට අයත් මෘදුකාංගයකි. එහි ඇත්තේ ප්‍රජාව මත පදනම්වූ සංවර්ධන ක්‍රමයකි.එහි සම්පූර්ණ හෝ විකල්ප සංස්කරණ සිදුකරයි.සීපයිතන් කළමණාකරනයන් සිදුකරන්නේ ලාභ නොලබන ආයතනයක් වන පයිතන් මෘදුකාංග පදනම මගිනි.
==ඉතිහාසය==
 
[[Image:Guido van Rossum.jpg|thumb|upright=0.7|right|[[ගයිඩො වෙන් රොසම්]], පයිතන් නිර්මාතෘ]]
 
පයිතන් පිළිබඳ මුලින්ම අදහසක් ඇති වූයේ 1980 අග භාගයේය.එය ක්‍රියාත්මක කලේ ගයිඩො වෙන් රොසම්(Guido van Rossum) විසින් 1989 සිටයි.ඔහු ABC ක්‍රමලේඛණ භාෂාවේ ප්‍රවිණයෙකි එමෙන්ම එක්ස්සෙප්ට්ශන් හැඩලින් හා ඇමොයිබා මෙහෙයුම් පද්ධතියේ(Amoeba operating system) මුහුනත නිර්මාණය කිරීමේ ප්‍රවීණයෙකි.ඔහු පයිතන්හි මූලධර්ම රචකයාය. පයිතන් ප්‍රජාව විසින් ඔහුට පිරිණමා ඇති ප්‍රමුඛ ප්‍රධාන කාර්ය වන්නේ පයිතන්හි ඉදිරි ගමන තීරණය කිරීමයි
පයිතන් 2.0 සංස්කරණය නිකුත්කලේ 2000වසරේ ඔක්තෝබර් 16 වනදාය.එහි නව අංග රැසක් අන්තර්ගත කර තිබුණා. ඒහි ගාබේජ්කලෙක්ටර් හා යුනිකෝඩ් සඳහාද පහසුකම් ලබාදී තිබුණා ඒමෙන් ම එහි විශේෂම වෙනස නම් සංවර්ධන ක්‍රියාවලිය ඔවුන් විසින් සිදුකිරීමත් එය වඩා විනිවිදභාවයෙන් හා නැවත ප්‍රජාව වෙතම සහන සැලසීමේ වැඩසටහනක් වීමයි.පයිතන් 3.0(පයිතන් 3000,py3k) සංස්කරණය නිකුත්කලේ විශාල කාලයක් තුල සිදුකල අත්හදා බැලීම් වලින් අනතුරුව 2008 දෙසැම්බර් 3වනදාය.එය නිකුත්කලේ පෙර සංස්කරණ වන 2.6 හා 2.7 සමඟද ක්‍රියාත්මකවන අයුරින්ය. එය TIOBE වසරේ ක්‍රමලේඛන භාෂාව ලෙස 2006 හා 2010 වර්ෂ වලදී දෙවරක් සම්මාන ලබාගත්තා. එය ලබාදීමට එම වසර වලදී හේතුවූයේ පයිතන්හි අසමසම ජනප්‍රියත්වයේ වර්ධනය නිසාය.එය නීර්ණය කලේ TIOBE දර්ශකය අනුවයි.
"https://si.wikipedia.org/wiki/පයිතන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි