"ගිණුම්කරණ ආචාරධර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
ගිණුම්කරණ දෝෂ අසත්‍ය මූල්‍ය තොරතුරු, වංචා, අල්ලස් දුෂණ ආදී මූල්‍යමය දෝෂ වලට මුලිකවම හේතුපාදක වේ. ඒ සඳහා “Nugan Hand Bank, Phar-Mor, WorldCom” සිදුවීම නිදසුන්ය. එසේම “ENRON” හි ඇති වු අසත්‍ය විගණන කටයුතු හේතුවෙන් අවසානයෙහි එම බහුජාතික සමාගම තුළ සේවය කළ 85000 ක සේවක පිරිසකට රැකියා අහිමි කරවමින් බංකොලොත් බාවයටද පත් විණි.
 
===හේතු සාධක===
ව්‍යාපාරයක අභ්ය.න්තර පරිසරය තුළ සිදුවන සදාචාරමය ගැටළු එහි මූල්‍යමය පැතිකඩට ඩැඩි බලපැමක් ඇති කරනු ලබයි.1977 වර්ෂය දක්වාම ආචාරධර්ම වලට මුලික තැනක් හිමි වු අතර ප්‍රචාරණ කටයුතු සියල්ලක්ම මූල්‍යමය ආයතනය මගින්ම සිදු වුණි. නමුදු එය විවිධ වංචාවන් සහ දුෂණ සඳහා හේතුපාදක විමට මග පාදන්නක් විය. මේ අතරම ව්‍යාපාර විගණනයෙන් බැහැරව වැඩි පිරිවැයකට හේතු වන උපදෙශන සේවාවන් වලට ආයතනයන් හට යොමු වන්නට සිදුවිය. 2007 වර්ෂයේ ලිපිය පළවූ ”Managerial Auditing Journal “ සඟරාව ගිණුම්කරන දෝෂ සඳහා හේතු වන කරුණු නවයක් ඉදිරිපත් කළේය. ස්වකැමත්ත, ස්වාධීන බවින් තොර වීම, නුසුදුසු වෘත්තිමය තීරණ, සන්වේදි නොවීම, නුසුදුසු නායකත්වය, පිරිහුණු සංස්කෘතික පරිසරය, තරඟකාරි බව අඩු වීම යනදි වශයෙන් කරුනු ගනනාවක් සදහන් කර ඈත.
 
====ගිණුම්කරණ මූළධර්ම සහ නීතිරීති====
 
ගිණුම්කරණ ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. IFRS ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු GAAP නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේදීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි. ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් IFRS ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට IFRS වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.
"https://si.wikipedia.org/wiki/ගිණුම්කරණ_ආචාරධර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි